Redcon-1 (2018) | භයානක සොම්බි වෛරසයක්

ඔන්න එහෙනම් යාලුවනේ මම තවත් පට්ටම සොම්බි එකක් එක්ක තමයි මම ඔයාලව හමුවෙන්න එන්නෙ. මේක මම බාර අරගත්තෙ ඊයේ දවසේ කොහොම හරි ඉක්මණින් ඉවරයක් කලා මේක ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්න ඕන නිසා. මම හිතන්නෙ daylight end සොම්බි පිලුමෙන් පස්සේ මම බලපු හොදම සොම්බි බයිස්කොප් එක මේක කිව්වොතින් මම නිවැරිදියි. මොකද කිව්වොත් මේක ආරම්භයේ සිට අවසානය දක්වාම සටන්ජවනිකා වලින් පිරුන බයිස්කොප් එකක් නිසා. මේක සුපිරි එකක් නිසානේ ඊයේ දවසේදි මේක බාර අරගෙන ඊට පස්සෙ දවසේම මේක බයිස්කොප් රසිකයින්ට අරගෙන ආවේ. මේකට IMDB දර්ශකයේ සදහන් වෙන්නෙ 4.7 ක් විදිහට. මගේ නම් අදහස මේකට ඊට වඩා අගයක් හිමිවිය යුතුමයි කියලා. හොඳයි එහෙනම් වැඩි කථා නැතුව අපි මේකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැන ගෙන ඉමු.

මේ සොම්බි ස්ටෝරිය ඉතිං මෙහෙමයි වෙන්නෙ. වෛද්‍ය ජුලියන් සහා හමුදාව එකතු වෙලා මිනිසුන් යොදාගෙන සුපිරි හමුදා සෙබළුන් නිර්මානය කිරිම සදහා පර්යේශනයක් කරනවා. ඒ සදහා හමුදාව යොදාගන්නෙ සිරකරුවන්ව කොහොම හරි ඔවුන්ගේ මුල්ම පර්යේශනය වෙන්නෙ රෝවන්. ඔහු විශේෂයි. ඒක මම එහෙම කිව්වෙ මොකද කියලා ඔයාලට මේක බලාගෙන යද්දි වැටහේවි. කොහොම හරි ඔවුන්ව රදවාගෙන සිටින සිරකදවුරේ කැරැල්ලක් හටගන්නවා. ඒකේදි රෝවන් හිරෙන් පනිනවා. ඔහු දන්නෙ නැහැ ඔහුගේ සිරුර තුල මුළු ලෝකයම විනාශ කරන්න පුලුවන් විදිහේ වෛරසයක් තියෙනවා කියලා. පොලිසිය ඔහුගේ පස්සෙ පන්නගෙන යද්දි රෝවන් විසින් යම් කන්තාවක් ප්‍රාණ ඇපයට අරගන්නවා. එහිදි ඇය ඔහු ගේ අත හපා කනවා. ඒකත් එක්ක හැම දේම සිද්ධ වෙනවා. වෛරසය ගින්නක් වගේ පැතිරෙන්න පටන් ගන්නවා. මම අර කලින් කිව්ව කාන්තාව මේකේ වීරයා කැප්ටන් ස්ටෑන්සන් ගේ බිරිද. ඔහු ඇයගේ මරනය නිසා කණගාටුවෙන්නෙ ඉන්නෙ. කොහොම වුනත් ජෙනරාල් ස්මිත් කැප්ටන් ස්ටෑන්සන් ඇතුලු කණ්ඩායමට මෙහෙයුමක් බාර දෙනවා. ඒ මොකක්ද? ඔවුන්ට ඒ මෙහෙයුම සාර්ථක කරගැනිමට හැකියාව ලැබේවිද? පිස්සු වැටුන දාහස් සංඛ්‍යාත සොම්බීන්ගෙන් ඔවුන්ට තමන්ගේ ජීවිතය බේරගෙන ඉන්න හැකියාව ලැබේවිද? ඔයාල මේක බලලම ඒක හොයාගන්නකෝ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑමfgfsb ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 1GB |

Direct Download

| Bluray | x264 | 480p | 415MB | 

| Bluray | x264 | 720p | 800MB | 

| Bluray | x264 | 720p | 1GB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Redcon-1 (2018) | භයානක සොම්බි වෛරසයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!