The Last Man (2018) AKA The Last Man: On the Face of the Earth | ලෝක විනාශය අභිමුව සිටින අවසාන සොල්දාදුවා

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් විද්‍යා ප්‍රභන්ධ සලරුවක උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, 2018 දී Rodrigo H. Vila හා Gustavo Lencina විසින් රචිත මෙම සිත්තම 4.1 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙනවා. Action/Drama/Ssi-Fi යන කාණ්ඩ වලට අයත් මෙය Rodrigo H. Vila විසින් අධ්‍යක්ෂනය කරලා තියෙනවා. කතාව මොකක්ද කියලා කෙටියෙන් කිව්වොත්,

කර්ට් මැතිසන්, පශ්චාත් කම්පන තත්වයකින් පීඩා විඳින පලපුරුදු විශ්‍රාමික යුධ සෙබලෙක්. මේ අතර ලෝකයේ විවිධ ස්ථාන වල පෙර නොවු විරු දරුණු සුළි කුණාටු තත්වයන් ඇති වෙන අතර, විද්‍යාඥයන්ද මේ පිළිබඳව පැහැදිලි නිගමනයකට ඒමට අපොහොසත් වෙනවා. මේ අතර නෝආ නම් දාර්ශනිකයෙකු අනාවැකියක් ලෙස පවසන්නේ මේ ලෝක විනාශයේ ආරම්භය බවයි. නමුත් බහුතරයක් මේ අදහස ප්‍රතික්ෂේප කරන අතර ඉතා සුළුතරයක් මේ අදහස පිළිගනිමින් නෝආව අනුගමනය කරනවා. දිනක් හදිසියේ කර්ට්ට , නෝආව මුණ ගැසෙන අතර මේ හමුවීම කර්ට්ගේ ජීවීතය විශාල වෙනසක් ඇති කරනවා, ඉතිං මොකක්ද කර්ට්ගේ ජීවිතයේ ඇති වෙන වෙනස ? ඇත්තටම ලෝක විනාශයක් වෙනවද ? නෝආ කියන්නේ ඇත්තටම කවුද ? අවසානයේ කුමක් වෙයිද ? මේ ප්‍රශ්න වලට පිළිතුරු දැන ගන්න මේ චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරනවා. පොඩි 18+ කෑල්ලක් තියෙන නිසා පවුලේ සැම එකට නැරඹීමේදී ප්‍රවේසම් වෙන්න ඕං.

Star wars චිත්‍රපට පෙලේ ඇනකින් ස්කයිවෝකර් නොහොත් ඩාර්ත් වේඩාර් ලෙස රංගනයෙන් දායකත්වය දුන් Hayden Christinesan කර්ට් මැතිසන් ලෙසත්, Once Upon a Time in Mexico (2003), Black Soul (2014) ආදී චිත්‍රපට වල රඟ පෑ Marco Leonardi ඇන්ටෝනියෝ ලෙසත්, Pulp Fiction (1994), The Piano (1993) චිත්‍රපට වල රඟපෑ Harvey Keitel විසින් නෝආ ලෙසත් එක් වෙනවා. එහෙනම් මේ තොරතුරු කිව්වා ඇති. ඒ වගේම මේ උපසිරැසියට අවසර දුන් සමන් ප්‍රසාද් සහෝ ඇතුළු බයිස්කෝප් පවුලටම ස්තූති වෙනවා. ඔයාලත් ෆිල්ම් එක බලලා ගුණ දොස් , ඉල්ලීම් කොමෙන්ට් කරන්න. ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා…..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 894MB | YTS

Direct Download

| WEB | x264 | 480p | 300MB | 

| WEB | x264 | 720p | 894MB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Last Man (2018) AKA The Last Man: On the Face of the Earth | ලෝක විනාශය අභිමුව සිටින අවසාන සොල්දාදුවා

  • March 18, 2019 at 08:27
    Permalink

    Thankuu so much

    Reply
  • March 18, 2019 at 21:58
    Permalink

    Supiri Si-Fi Movies Tikak oona

    Reply
  • April 27, 2019 at 14:32
    Permalink

    Not available any downloadable film here.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!