Ee Nagaraniki Emaindi (2018)| හීන වල අතරමං වුන හතරදෙනෙක්…

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් සුපුරුදු විදිහට බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම, ඔන්න එහෙනම් මම මේ පාර අරන් ආවේ තවත් සුපිරි තෙලිගු චිත්‍රපටියක්, මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 ජූනි 29 වෙනිදා. මේක එනකන් ගොඩක් දෙනා බලාගෙන ඉන්නත් ඇති කියලා මම හිතනවා, comedy , Romance කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටියට imdb මීටරෙත් 8.0 ක මනාපයක් හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ කතාව ගැන ඔයාලට හිතාගන්න පුලුවන්නේ, මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, අපි කවුරුත් ආසා කරපු චිත්‍රපටියක් වන pelli choopulu චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ Tharun Bhascker Dhaassyamවිසින්. මේ චිත්‍රපටියේ තියෙන විශේෂයක් තමයි , අපි ආදරය කරන සුපිරි නළුවෙක් වන vijay devarakonda විසින් අතිරේක රංගනයෙන් දායක වීම, එහෙනම් වැඩි කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමු,

විවේක්, කෞෂික්, කාර්තික්, උප්පු (උපේන්ද්‍ර) කියන්නේ කොලේජ් යන කාලේ ඉදන්ම හිටපු හොදම යාළුවෝ හතර දෙනෙක්, කොහොමහරි මෙයාලා කොලේජ් ගිහින් කරන්නේ ඉගෙන ගන්න එක නම් නෙවෙයි, කොලේජ් එකට උගන්වන්න එන ගුරුවරයා උගන්වනකොට විහිළු කරලා ගුරුවරයාට පන්‍තිය එපා කරවලා පන්තියෙන් පැනලා කෙටි චිත්‍රපට බලන්න යන එක තමයි මෙයාලගේ වැඩේ. කොහොමහරි කොලේජ් යන කාලේ කෙටි චිත්‍රපටියක් හදන්න ඕනේ කියන එක විවේක් මෙයාලගේ ඔලුවට දැම්මේ, දවසක් විවේක්ට කොලේජ් එකේ තිබුණ විභාගේකට කෙල්ලෙක් ආවට පස්සෙයි, කොහොමෙන් හරි විභාග ශාලාවේ ඉඩ තිබුනෙත් විවේක් ළග විතරයි ඉතින් කෙල්ලත් ඇවිත් එතනින් විවේක්ගෙන් අහලා වාඩි වෙනවා. එතනින් පස්සේ උන දේ මම කියන්න යන්නේ නෑ මොකද එහෙම උනොත් කතාවේ රස වින්දනයට බාධාවෙන නිසා. ඉතින් ඒ කෙටි චිත්‍රපටියේ ප්‍රධාන චරිතේ විදිහට මේ කෙල්ලව අරගන්න තමයි විවේක්ගේ අදහස වුනේ, කොහොමහරි කොලේජ් ගිහිල්ලා ඉවර වුනාම යාළුවෝ හතර දෙනාම සීසීකඩ විසිරෙනවා. ඊට පස්සේ කාර්තික් සමාජ ශාලාවක රැකියාව කරනවා , විවේක් රස්සාවෙන් ඉල්ලා අස්වෙනවා, කෞෂික් ළමා චිත්‍රපටිවලටයි, රූපවාහිනි කතාමාලා වලට හඩ කැවීමේ නිරත වෙනවා, උප්පු චිත්‍රපට සoස්කරණය කරන කෙනෙක් විදිහට වැඩ කරනවා, ඉතින් මේ හතර දෙනා ආයෙත් එකතු වෙයිද? අර කරන්න බලාපොරොත්තු වුන කෙටි චිත්‍රපටය මෙයාලට කරන්න පුළුවන් වෙයිද? අර කොලේජ් එකේදි හම්බවුන කෙල්ල විවේක්ට කැමතිවෙලා කෙටි චිත්‍රපටිය කරන්න සහභාගී වෙයිද?

මෙයාලා හතර දෙනා එකට එකතු වුනොත් එහෙම වෙන්න හේතුව මොකක්ද? මේ දේවල් දැන ගන්න නම් ඉතින් චිත්‍රපටය බලන්නම වෙනවා තවදෙයක් ඔයාලගේ තියෙන අදහස් , උදහස් , උපසිරැසි කෙරෙන්න ඕන කියලා හිතෙන චිත්‍රපට අනිවාර්යයෙන් පහළින් කමෙන්ට් කරන්න, එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.

ඔයාලට තෙරුවන් සරණයි!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 700MB |

Direct Download

| HDRIP | x264 | ESub | 400MB | 

| HDRIP | x264 | Esub | 700MB | 

| HDRIP | x264 | 720p | 1.4GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!