Dev (2019) | වික්‍රමිකයාගේ ආදර වික්‍රමය…

එක රටක රජෙක් හිටියලු
ඒ රජාගෙ නම දේව්.
රජතුමා වික්‍රමයන් වලට හරි කැමතියි.
රජතුමා සල්ලි වියදම් කරන්න කැමතියි.
පොඩ්ඩක් හම්බ කරල ලෝකෙ වටේ
කරක් ගහන්න රජතුමා කැමතියි.

එක රටක රැජිනක් හිටිය
ඒ රැජිනගෙ නම මේග්නා.
රැජින සල්ලි හම්බ කරන්න
ගොඩක් කැමතියි.

මම අද ඔයාලට පොඩි
කතාවක් කියන්න යන්නෙ.
මගේ ජීවිතේට හම්බවෙන්න හොද නැහැ කියල
හිතාගෙන හිටිය කෙනෙක් ගැන තමයි මේ කතාව.
එයාගෙ නම…දේව් රාමලිංගම්!
මට එයාව මුන ගැහුනු විදිහ ටිකක් අමුතුයි.
එයා ටිකක් වෙනස් කෙනෙක්, 
ස්කෝලෙට යන පලවෙනි දවසෙ බොහෝ
දෙනෙක් අඬ අඬානෙ යන්නෙ,
ඒත් මෙයා හිනා වෙවී ඇවිල්ල…මගෙ කඳුලි පිහදැම්ම.

දේව් වික්‍රමයන් වලට ආස කරන, ජිවිතේ කිසිම දෙයක් බරපතල විදිහට නොහිතන, ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන, මැරෙන්න වුනත් ලෑස්ති යාලුවො දෙන්නෙක් ඉන්න, එයාට සමීප හොද පවුලක් ඉන්න කොල්ලෙක්. මේග්නා තමන් පොඩි කාලෙම එයාගෙ තාත්ත එයාව සහ අම්මව දාල ගිය නිසා පිරිමින්ව දකින්නවත් අකමැති ජීවිතේ ව්‍යාපාර වෙනුවෙන් කැපකරන, සල්ලි හොයන එක ජීවිතේ කරගෙන ඉන්න කෙල්ලෙක්. එක කාසියක දෙපැත්තක් වගේ නේද? කවදාවත් ලං වෙන්න හිතන්නවත් බැරි චරිත දෙකක්. වික්‍රමය තමන්ගෙ ජීවිතේ කරගෙන ඉන්න දේව් ෆේස්බුක් එකෙන් මේග්නාව දැකල ආදරේ කියන වික්‍රමය ජයගන්න දරන උත්සහය තමයි මේ චිත්‍රපටියෙ අන්තර්ගත වෙලා තියෙන්නෙ.

ගිය මාසෙ 14 වෙනිද (2019 පෙබරවාරි 14) නිකුත් වුනු Karthik Sivakumarරංඟනයෙන් දායක වෙන Action/ Adventure/ Romance කාණ්ඩයන්ට අයත් වන සුපිරි චිත්‍රපටයකට උපසිරැසි ඔබ හමුවෙ තියන්න තමයි මේ ලෑස්තිය. IMDb අගය5.6ක් වශයෙන් සටහන් වෙලා තියෙද්දි සෙසු චරිත වලට සුරූපි නිළි Rakul Preet Singh වගේම Amrutha Srinivasan, Nikki Galrani, Ramya Krishnan, Prakash Raj වැනි රංගන ශිල්පීන් රන්ගනයෙන් දායක වෙලා තියෙනව. අධ්‍යක්ෂනය කරන්නෙ Rajath Ravishankar කියන අධ්‍යක්ෂකවරය. මුල ටික අසා ලිවිමක්. පලවෙනි පාරට දමිල අසා ලිවීමක් කරා. ඒකයි මෙච්චර ඉක්මනට මේක ඔයාලට ගේන්න පුලුවන් වුනේ. ඉතින් වික්‍රමයන් එක්ක අලුත්ම අත්දැකීමක් තියෙන වෙනස්ම විදිහටක ගලාගෙන යන, ලස්සන චිත්‍රපටයක්. Karthiගෙ චිත්‍රපටි බලන ඔයාල හැමෝම මේකත් මගහැරගන්නෙ නැතුව බලන්න කියන ඉල්ලීම කරමින් තවත් උපැසිරැසියකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. සැමට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 700MB |

Direct Download

| HDRIP | x264 | ESub | 216MB | 

| HDRIP | x264 | ESub | 390MB | 

| HDRIP | x264 | Esub | 680MB | 

| HDRIP | x264 | 720p | 1.3GB | 

| HDRIP | x264 | 1080p | 2.6GB | 

| HDRIP | x265 | 720p | 890MB | 

| HDRIP | x265 | 1080p | 1.5GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Dev (2019) | වික්‍රමිකයාගේ ආදර වික්‍රමය…

  • March 21, 2019 at 2:40 pm
    Permalink

    Kadamban tamil film eka sub karannko

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!