Shoplifters AKA Manbiki kazoku (2018) | හිත නැවතුන තැන…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Cold War (2018) මමයි නුඹේ වියපත් බඹරා…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන ෆිල්ම් බල බල ඉන්නකොට හම්බ උන වෙනස්ම විදියේ ජපාන ෆිල්ම් එකක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 8.1ක් rotten Tomatoes වර්ගීකරනයේ 99%ක් එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරල සම්මාන 27ක් සහ නිර්දේශවීම් 83ක් ලබාගත්තු සුපිරිම ජපාන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී වගේම ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදීත් හොදම විදේශ භාශා චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ උන පට්ටම ෆිල්ම් එකක්. ඒ වගේම 2018 වසරේදී ප්‍රංශ Cannes සිනමා උළෙලේදී එහි ඉහලම සම්මානය වන “Palme d’Or” සම්මානයෙන් පිදුම් ලැබුවෙත් මේ ෆිල්ම් එකමයි. දැන් හිතා ගන්න පුලුවන්නෙ මේ කියන්න හදන්නෙ කොහොම ෆිල්ම් එකක් ගැනද කියලා. ඇත්තම කිව්වොත් පළවෙනිම විනාඩි පනහ ගත වෙනකොට මට හිතුනා දැන් මේ කතාව මෙතනින් ඉවර උනා නම් හරිම ෂෝක් නේද කියලා. හැබැයි මට එහෙම ලේසියෙන් මාරුවෙලා යන්න ලැබුනේ නෑ. කෙටියෙන්ම කිව්වොත් ඉතිං වාසනාවන්තයෝ නරඹත්වා කියලා තමයි ඉතිං කියන්න තියෙන්නෙ.

අම්මලාට එපා වුනු දරුවෝ….
දරුවොන්ට එපා වුනු අත්තම්මලා….
පවුලෙන් අත්ඇරල දාපු දියණියක්…. 
දරිද්‍රතාවයත් එක්ක පොර බදින මිනිස්සු…. 
මේ අවතැන්වුනු හරි හමන් හව්හරණක් නැත්තවුන් අහඹු ලෙස එක්කාසුවෙලා ගොඩනැගෙන කතාවක්….
මේ අත්ඇරල දාපු ඒ මිනිසුන්ගේ හෘදසාක්ෂියේ කතාවක්….
මේක දැනුනු විදියට මන් දන්නවා… 
මේ ගැන කියන්න උත්සාහ කරන එක මහම මහ බොරු වැඩක්…
ඒත් ඉතිං පුලුවන් විදියකට උත්සාහ කරන්න එපැයි…

අපි මේ ලෝකෙට බිහි වෙනකොටම අපි පවුලකට අයිති වෙලා. ඒ පවුලේ සාමාජිකයෝ හොඳ අය වෙන්නත් පුලුවන් නරක අය වෙන්නත් පුලුවන්. ඒ කොහොම උනත් ඒ අපේ පවුල කියන එක කාටවත්ම වෙනස් කරන්න බෑ. කොටින්ම කියනවනන් අපි ඉපදෙන පවුල මොකද්ද කියලා අපිට තීරණය කරන්න බෑ. ඒත් අපේ පවුල අපිටම තෝර ගන්න දෙනවනන්…? හත්සුයි ආච්චි අම්මාට ඉන්නවා පවුලක්. පවුලේ වැඩිමල් පිරිමියා එනෝකි ෂෝතා, කම්කරුවෙක්. එයාගේ නෝනා නොබුයෝ ෂිබාතා, වැඩ කරන්නෙ ලොන්ඩරියක. අකී ෂිබාතා, සේවය කරේ මුදල් වෙනුවෙන් සිරුර පිරිමින්ට පෙන්වන තැනක. පවුලේ කුඩා සාමාජිකයා උන ෂෝතායි එනෝකියි කරන්නෙ සුපර් මාකට් එකෙන් ගෙදරට ඕනෙ කරන දේවල් හොරකම් කරන එක. සීතල හිම වැටෙන එක රෑක මේ දෙන්නා කඩේකින් බඩු හොරකම් කරන් එනකොට ගෙයක් පිටිපස්සේ දෙමාපියන් විසින් නොසලකා හැරලා අත් ඇරලා දාපු බඩගින්නෙන් හාමත් වෙලා හිටපු පුංචි ගෑණු ළමයෙක්ව හම්බ වෙනවා. අන්තිමට මේ ගැහැණු ළමයත් ඒ පවුලටම එකතු වෙනවා. ඒ තමයි යූරි. හොඳම දේ වෙන්නේ මේ පවුලේ අය එකිනෙකාට ලේ නෑකමක් නැති උනාට විවිධාකාරයේ සිදුවීම් නිසා මේ පවුලට එකතු වෙලා ඉන්න එකයි. එදා වේල අමාරුවෙන් ගැට ගහන් හිටියත් පවුලක් විදිහට එයාල හැමෝම එකා වගේ එකමුතුව ඉන්නවා. ඒත් මේ හැම දෙයක්ම වෙනස් වෙන්නේ යූරි අලුතින් පවුලට එකතු වීමත්, ආච්චි අම්මගේ හදිසි මරණයත්, ෂෝතා සොරකමකදී අහු වීමත් එක්කමයි. ඒත් එක්කම පවුලේ සාමාජිකයො හැම දෙනෙකුගේම සැගවුන රහස් එලිවෙන්න පටන් ගන්නවා. ඉතින් අවසානයේදී මේ පවුලට මොනවා වෙයිද? ඒ එළි උන රහස් මොනාද?

Shoplifters කියන්නෙ කඩවලින් බඩු හොරකම් කරන පිරිසකගෙම කතාවක් නෙමෙයි. ඒක තමන්ට අහිමි වුණු එක එක දේවල් සොයමින් යන පවුලකගෙ කතාවක්. මේ සිනමා සිත්තම ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි විදියේ එකක් නිසා. ඒ නිසා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ සිනමා සිත්තම රසවිඳින්න. පුලුවන්නම් මේ සිනමා සිත්තම රසවිඳින අතරේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න පුලුවන් වෙයිද කියලා බලන්න. “අපිටම අපේ පවුල තෝර ගන්න බැරි වෙයිද? “

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව හින්දා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. මෙවර ඔස්කාර් නිර්දේශිත තවත් සුපිරිම සිනමා සිත්තමක් සමගින් ළගදීම හමුවෙමු. ඔබට ජය….!

” සතුට කියන්නෙ සල්ලිමයි කියලා හිතන් ඉන්න ලෝකේ
සතුට කියන්නෙ සල්ලිම නෙමෙයි… “

ප.ලි.

මේ ලිපිය ලියනකොට මේ ෆිල්ම් එක ගැන අදහස් දක්වලා අන්තර්ජාලයේ පලකරලා තිබුන ලිපි කීපයකින්ම අදහස් උපුටා ගත්තා. ඒ ලිපි වල හිමිකරුවන් වන Malith Sankhapaliha සහ Adhithya Denuwanට බොහොමත්ම ස්තූතියි…!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEB | x264 | 720p | 900MB |

Direct Download

|  WEB | x264 | 720p | 450MB |

|  WEB | x264 | 720p | 900MB |

|  WEB | x264 | 1080p | 1.9GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!