Mad Max: Fury Road (2015) | වියරු මාර්ගයෙහි: උමතු මැක්ස්..

කොහොමද ඉතින් කට්ටියට, දැන් නම් කට්ටිය මාව දන්නවද දන්නෙත් නැහැ, එහෙමටම කියල මතක තියාගන්න කෙන්ක්යැ ඉතින් 😉 කාලෙකට පස්සේ උපසිරසක් කරන්න හිතුන ඉතින්, මේක “IMDB 8.6 ක් වගේ ඉහලම අගයක් අරගෙන ඉහළතම අගයන් ලබාගත් සිනමාපට 250 අතුරින් 43වෙනි තැන” ලබාගන්න සමත් වෙච්ච එකක්. පඳුර වටේ තලාගෙන යමුකෝ එහෙනම් මුලින්, මෑඩ් මැක්ස් ගැන මුලින්ම කතාව පටන් ගන්නේ 1979දි, ඒ ඔස්කා සම්මාන දෙකකට හිමිකම් කියපු මේල් ගිබ්සන් විසින් මැක්ස් කියන චරිතයට පන පොවපු Mad Max (1979) සිනමාපටයෙන්, ඉන් පසු Mad Max 2: The Road Warrior (1981) සහ Mad Max Beyond Thunderdome (1985) යන සිනමාපට වලින් මෑඩ් මැක්ස් සිනමා ප්‍රේක්ෂකයින් හමුවට එනව, ඒ ඔස්කා සම්මානලාභී ජෝජ් මිලර් කියන අධ්‍යක්ෂකවරයා යටතේ, ඉතින් එයා තීරණය කරනවා ආයෙමත් මෑඩ් මැක්ස්ව සිනමාවට අරගෙන එන්න, ඒ අවසාන වතාවට මෑඩ් මැක්ස් සිනමාවට ඇවිත් හරියටම අවුරුදු 30කට පස්සේ. මෙවර මෑඩ් මැක්ස් විදියට අප හමුවට එන්නේ Inception 2010Warrior 2011The Dark Knight Rises 2012 වැනි සිනමාපට සඳහා රංගනයෙක් එක්වූ ටොම් හාඩි. ඒ වගේම The Italian Job 2003Prometheus 2012A Million Ways to Die in the West 2014වැනි සිනමාපට සඳහා දායක වූ Charlize Theron ප්‍රධාන නිළිය ලෙසින් මේ සඳහා රංගනයෙන් දායක වෙනව, මිට වැයකර ඇති මුදල ඩොලර් මිලියන 150ක් වන අතර ලබාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 319ක් පමණ වෙනව.

දැන් එහෙමනම් සිද්දවෙන්නේ මොනාද කියල බලමු, ක්‍රියාදාම-විද්‍යා ප්‍රබන්ධ ඝණයට වැටෙන මේ සිනමාපටය පාදක වෙන්නේ ඈත අනාගතයෙදී ඇතිවූ න්‍යෂ්ඨික යුද්ධයකට පස්සේ පෘථිවියේ සිද්දවෙලා තියන දේවල්, එහෙම උනාම වෙන්නේ මොනාද කියල හිතාගන්න පුළුවන් ඇතිනේ දැනටමත්, මුළු පෘථිවියම නිරුදක කතරක් බවට පත්වෙලා බොහොමයක් දෙනා න්‍යෂ්ඨික විකිරණ හේතුවෙන් විකලාංග තත්වයට පත්වෙලා, ජලය කියන්නේ ඒ වෙද්දී මාහැගි සම්පතක්, ඉන්ධනත් එහෙමයි, ඒ විතරක් නෙමේ පිරිසිදු රුධිරය කියන්නේ ඊටත් වඩා වටිනා දෙයක් වෙලා, විකිරණ අන්තර්ගත රුධිරය වෙනුවට පිරිසුදු රුධිරය පාරවිලයනය කරගෙන තමයි මෙයාල ජිවත් වෙන්නේ, කිසිම කෙනෙක් ඒ දේ නිකම් දෙන්නේ නැහැනේ, බලෙන් තමයි අරගන්නේ, ඒ වගේම නිරෝගී මව්කිරි කියන්නෙත් වටිනාකියන සම්පතක්, කතාව සිද්දවෙන්නේ උත්තරීතර නායකයෙකු වන ඉමෝටන් ජෝ තමගේ යුධ රථ පෙලෙක් ගැසොලින් සහ වෙඩි උණ්ඩ රැගෙන ඒමට පිටත්කර හැරීමත් සමග, එම කණ්ඩායමේ සිටින ෆියුරිසියා තමන්ගේ නායකයාගේ අණට පිටුපාල පලා යනව, නිකම් නෙමේ පලා යන්නේ, නායකතුමා තමන්ගේ දරුවන් හදාගන්න තියාගෙන හිටපු බිරින්දෑවරුන්වත් අරගෙන, මේ බව දැනගත්තු නායකතුමා තමගේ යුධ රථ සියල්ලම ඔවුන් පසුපස යවනවා, මෑඩ් මැක්ස් කියන්නේ මොවුන් විසින් අල්ලාගෙන සිටින රුධිරය ලබාගැනීමට සිටින සර්ව දායකක්, ඉතින් යුධ රථ සියල්ලම ෆියුරිසියා පසුපස හඹා යද්දී මැක්ස්ටත් ඒ රථයක ඉස්සරහින් එල්ලිලා යන්න සිද්දවෙනවා, ඒ යන ගමන ඒ වෙද්දී ලෝකේ ඉතිරිවෙලා ඉන්න මිනිස්සුන්ගේ ඉරණම වෙනස් කරනව, මොකද එතන සිද්දවෙන්නේ බලාතා විසින් දුබලයා පාගාගෙන හිදීමේ පාලන ක්‍රමයක්, ජිවිත පරිත්‍යාගයෙන් මේ නායක තුමාව ආරක්ෂා කරන්න සේවය කරන්න බැඳිලා ඉන්න පිරිසකුත් ඉන්නව, ඒ අය තමා වෝ බෝයිස්ල එහෙම නැත්නම් සංග්‍රාමිකයෝ, ඉතින් මේ වෙන හැම දේම මැක්ස්ගෙම වචන වලින් කියනවනම්,

“අප හැමෝම එකිනෙකාටම ආවේනික අයුරකට බිඳ වැටුන..
කාටද වැඩියෙන්ම පිස්සු කියල දැනගන්න එක අමාරු දෙයක් උනා..
මටද…? එහෙම නැත්නම් අනිත් හැමෝටමද…?

කාටද වැඩියෙන්ම පිස්සු කියල ෆිල්ම් එක බලලම දැනගන්න පුළුවන් වෙයි, තව උපසිරසක් සමග මුණගැහෙමු දවසක එහෙමනම්, කමෙන්ට් එකක් එහෙම දාගෙන ගියොත් නරකක් වෙන්නේ නැහැ ඉතින්  😛  ජය!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  Bluray | x264 | 720p | 650MB |

Direct Download

|  Bluray | x264 | 720p | 860MB |

|  Bluray | x264 | 1080p | 1.8GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!