Helicopter Eela (2018)| අම්මගෙ සුරතලා…

එක පුතෙකුට එයා වෙනුවෙන් ජීවිතයම කැප කරපු, අවුරුදු විසි ගානක් වෙලත්, පුතාට කොලේජ් ගෙනියන්න කෑම පෙට්ටියක් හදල දෙන, එයාට එන කෝල් වලට හොරෙන් ඇහුම් කන් දෙන, යන එන තැන් හොයල බලන, එයා ගැන ඕනෙවටත් වැඩිය හොයල බලන අම්ම කෙනෙක් හිටියා. ඒත් ඒ අම්මගෙ ආදරේ මේ පුතාට සමහර වෙලාවට වදයක් වුනා. එයාට අම්මගෙ ආදරේ අඳුන ගන්න සෑහෙන කාලයක් ගියා.

ගොඩක් වෙලාවට අපිටත් ඔය වැඩේ වෙනවා. අපේ අම්මා තාත්තලා අපි ගැන ඕනෙවට වැඩිය අපි ගැන හොයනවා බලනවා. එක එක තහංචි දානවා. ඒත් තරුණ වයසෙදි අපිට ඒවා මහ වදයක් වෙනවා. අපිට ඒගොල්ලන්ගෙ ආදරේ තේරුම් ගන්න අමාරු වෙනවා. ඒත් අපිට තේරෙනකොට සෑහෙන කල් ගිහින්. සමහරවිට පරක්කු වැඩි වෙන්නත් පුලුවන්. අපේ අම්මල තාත්තල අපි වෙනුවෙන් එයාලගෙ ජීවිතයම කැප කරනවා. සමහර වෙලාවට එයාලගෙ වැඩ නවත්තලා අපි වෙනුවෙන් ඉන්නවා. නොකා නොබී හරි අපිට උගන්නනවා. අපිට ඕනෙ දේවල් අපි කැමති දේවල් අපිට ලබා දෙනවා. සමහර වෙලාවට එයාල එයාලගෙ ඉගෙනීම, රස්සාව උනත් අපි වෙනුවෙන් අතාරින්න ඇති.

මේ කතාවෙත් එහෙම අම්මෙකුයි පුතෙකුයි ඉන්නවා. අම්මා ඊලා රායිතුර්කර්. ගායිකාවක් වෙන්න සිහින මවපු සහ, දශක දශක දෙකකට විතර කලියෙන් ප්‍රසිද්දම වෙච්චි සිංදු කියපු කෙනෙක්. මෙයාගෙ මහත්තයා මෙයාවයි පුංචි පුතා විවාන්වයි දාල යන්න යනවා. ඉතින් ගායන වෘත්තියටත් සමු දෙන ඊලා විවාන්වත් බලාගෙන ඉන්නවා.

බලා ගැනිල්ලක් කිව්වට ඒක එසේ මෙසේ බලා ගැනිල්ලක් නෙවෙයි. ඉස්කෝලෙන් යන ට්‍රිප් එකටත් දහසක් නීති රීති දාල, අන්තිමට යන බස් එක පස්සෙන් ඊලත් යනවා, විවාන්ගෙ පරිස්සමට. හොඳම ටික පටන් ගන්නෙ විවාන් කොලේජ් යනකොට. කෑම පෙට්ටිය අරන් යන්න ඕනෙ. හැමදාම අම්මත් එක්ක කතා කර කර ඉන්න ඕනෙ. රෑ වෙන්න කලින් ගෙදර එන්න ඕනෙ. මේ කරදරෙන් බේරෙන්න බැරි තැන විවාන් අම්මවත් කොලේජ් එකේ රෙජිස්ටර් කරනවා එයාගෙ ඉගෙනීම සම්පූර්න කරගන්න කියල.එතනින් එහාට වෙන්නෙ මොකද කියල කතාව බලලම දැනගමු.

2018 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 12 වෙනිද තමයි මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ කරන්නෙ.අධ්‍යක්ශනය කරන්නෙ Pradeep Sarkar. නිශ්පාදනය Ajay Devgnසහ Jayantilal Gada. රංගනයෙන් දායක වෙන්නෙ කාජල් සමගින් රිදී සෙන්. සංගීත අධ්‍යක්ශනය Amit Trivedi සහ Raghav Sachar.

2018 දි තිරගත වුනු life of the party කියන චිත්‍රපටිය ඇසුරෙන් නිපදවපු මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබෙනවා. කාජල් අන්තිමට රඟපාපු දිල්වාලේ චිත්‍රපටියෙන් අවුරුදු 3කට පස්සෙ තමයි මේ චිත්‍රපටියෙ රගපාන්නෙ. හැබැයි දිල්වාලේ වගේම මේ චිත්‍රපටියත් අසාර්තක වෙනවා.

හොඳ කොපියක් ඇවිත් සෑහෙන දවසක් උනත් ඉංග්‍රීසි සබ් එකක් තවම ආවෙ නෑ. වෙන භාශාවක සබ් එකක් තිබුනත් ඒකෙත් ටයිම් ලයින් අවුල් වුන නිසා මුල ඉඳලම ලයින් හදලා අසා ලිවීමක් කරල තමයි මේ චිත්‍රපටිය අරගෙන ආවෙ. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 700MB |

Direct Download

| HDRIP | x264 | ESub | 400MB | 

| HDRIP | x264 | Esub | 700MB | 

| HDRIP | x264 | 720p | 760MB | 

| HDRIP | x264 | 1080p | 1.5GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Helicopter Eela (2018)| අම්මගෙ සුරතලා…

  • March 25, 2019 at 22:41
    Permalink

    Sub ekata adala film eka download krnne khmd

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!