Aquaman (2018) | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [Bluray Updates]

aඋපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි කියන්නේ. සමහර ඇබ්බැහි වීම් තියෙනවා පුනරුත්ථාපනය කරලා හෝ තමන්ගේ හිත පාලනය කරගෙන නතර කරගන්න පුළුවන් ඇබ්බැහිවීම්. සිංහල උපසිරසි කෙරුවාව එහෙම හොඳ කරන්න තියා පාලනය කරගන්න වත් පුළුවන් ඇබ්බැහියක් නෙමෙයි කියල කඩඉම් පහුකරන සෑම අවස්ථාවකම ඔයාල දකින්න ඇති. 2012 දෙසැම්බර් 29 පටන් ගත්ත මේ අමුතු විනෝදෙට පොඩි විරාමයක් දීල තරමක් ඈත් වෙන්න හිතුනත් උපසිරසි නොකරම ඉන්නවා කියන්නේ කරන්නම බැරි දෙයක්. කියන්න සන්තෝසයි 2016.01.03 දින 200 වෙනි උපසිරස ලබා දීල 250 වෙනකන් එන්න අවුරුදු දෙකක් ගත කලා. එත් අර කියපු දේ 100%ක් ම කරගන්න ලැබුනේ නැහැ. මත්ද්‍රව්‍යට ඇබ්බැහි උන කෙනෙක්ට සික් එක වගේම මේ උපසිරසි කරන්න ගත්තම අපිටත් අතපය පියාන ඉන්න බැරි සික් එකක් එනවා. මේක මට විතරක් නෙමේ පලවෙනි උපසිරස කරපු රොයිලිගේ ඉඳන් හැමෝටම තියන උපසිරසි ආශ්‍රිත දරුණු රෝගයක් වෙලා.

අවරුදු දෙකක් තිස්සේ මන්දගාමී වෙලා හිටපු නිසා 2019 වසරේ ටිකක් ආපහු සක්‍රිය වෙන්න කියල හිතන් ඉන්නවා. එත් ඉස්සර වගේ නෙමේ ලොකු තරඟයක් තියෙනවා අපේ වෙබ් අඩවිය තුල පවා උපසිරසක් කරන්න. ඒ තරම් ලොකු පිරිසක් අප සමඟ එකතු වෙලා. එදා 2009 මාර්තු මාසයේ ඉසිර මේක බ්ලොග් එකක් විදිහට පටන් ගන්නකොට තිබුන තත්වය සහ අද අපි ලංකාවේ වෙබ් අඩවි අතර ඉන්න තත්වය ගැන හිතුවොත් ඒක අහසට පොළව වගේ උපමාවකින් වත් සසඳන්න බැරි තරම් දුරකටට බයිස්කෝප් සිංහලෙන් අපි හැමෝම එකතු වෙලා ගෙනවිත් තියෙනවා. වර්ථමානයේ ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි වලින් 10 ස්ථානයේ රැඳී සිටින්නේ අපි. ඉතින් අන්න ඒ ගමන් සාර්ථක කරන්න එදා ඉඳන් මහන්සි වෙන පිරිසක් ඉන්නවා. මේ උපසිරසි මෙහෙම ඔයාලට දවසට 5-6 ලැබෙන්නේ කෙනෙක්ගේ දැනුම සහ එයාගේ විවේකය කැප කරලා. එහෙම ලැබෙන උපසිරසි දිනපතා මෙහෙම ලස්සනට වැඩ දාල පෝස්ට් එකක් වගේ දෙන්නත් වෙනම ඇඩ්මින් මණ්ඩලයක් දිනපතා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම වෙබ් අඩවියක් විදිහට අපි බොහෝ අමතර ක්‍රියාකාරකම් වල පහුගිය වසර කීපය තුල නිරත උනා. දැනට අපි උපසිරසිකරුවන් සමග එකතු වෙලා සුහද හමු 3ක් පවත්වලා තියෙනවා. එහි තුන්වැන්න අපි පසුගිය දෙසැම්බර් 22 වෙනදාටත් වඩා ඉහලින් පැවැත්වුවා. ඒ වගේම දැනට සමාජ සත්කාර්ය අංග 3ක් අපි සිදුකොට අවසන්. බොහෝදුරට එහි 4 වැන්න මේ වසර මැද හෝ අග බාගයේදී සිදු වේවි. මේ හැම දෙයක් තුලින්ම රටපුරා විසිරුන ලොකු මිතුරු ජාලයක් අපිට හදාගන්න පුළුවන් උනා. ඇත්තටම ඒ බැඳීම හරිම අපූරුයි. කවුරුත් හදන චිත්‍රපටයක් නිසා රූපවාහිනී වැඩසටහනක් නිසා අදවනවිට විවිධ වයස්කාණ්ඩ වල සහෝදර සහෝදරියෝ 800 කට අධික ප්‍රමාණයක් මේ ජාලයේ සාමාජික සාමාජිකාවන් වෙලා අවසන්. එත් මේ වැඩකටයුතු කෙරෙන අතරේදී එදිනෙදා මුණ ගැහෙන හැමදාම කොහොමද බන් කියල හරි අහන නැතුවම බැරි සෙට් එකක් ඉන්නවා. ඒ පිරිස අමතක කරලා තිබ්බොත් වෙනම අහගන්න වෙන නිසා මුලින්ම ඇඩ්මින් මණ්ඩලයෙන් මතක් කරන්නම්. වෙබ් අඩවියේ නිර්මාතෘ ඉසිරට ස්තුතියි කියන ගමන් මීළඟට මතක් කරන්න ඕන කෙනෙක් තමයි රොයිලි කියන්නේ. අදටත් වෙබ් අඩවියේ වැඩිම උපසිරසි ගණනකට හිමිකම් කියන පුද්ගලයා. ඒ වගේම දැන් වෙබ් අඩවියේ නැතත් ඉස්සර වෙබ් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයේ ලොකු සේවයක් කරපු වාසල අයිය වත් මතක් කරන්න ඕන. ඊට පස්සේ අපිත් එක්ක එකතු උන අසංක සහෝවත් මතක් නොකර බැහැ. සයිට් එකේ තාක්ෂණික අංශය හිස මත තියාගෙන ඉන්න කෙනා තමයි අසංක කියන්නේ. ඊට පස්සේ අශාන්, සිසිල, චාමර, නිර්මාණි, ආසිරි, සුදීර, සමන් සහ අලුතෙන්ම එකතු උන තිසර සහ නවොදනී දෙන්නවත් මතක් කරනවා හැමදාම තිරය පිටුපස රාජකාරි සිදු කරනවට. උපසිරසි කරුවෝ ගැන කියන එක නම් ලේසි දෙයක් නෙමේ. ඒත් හැමෝටම ස්තුති කරනවා හැමදාම අපි එක්ක මේ වැඩේ කරගෙන යන්න එකතු වෙලා ඉන්නවට. නම් වශයෙන් කියන එක ප්‍රායෝගික නැති බව හැමෝම දන්න නිසා හැමෝවම තමයි මේ මතක් කෙරුවේ. නම් මෙතන නැහැ කියල ඔන්න මූණ දික් කරගෙන යන්නෙපා. කොලේ නම නැති උනාට හිතේ තියෙනවා. ඉතින් යන්න කලින්, හැමෝම නොකියන කරුණු ටිකක් අපේ හිතවතුන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕන කියල හිතුනා.

ඉස්සර අපි උපසිරසක් පලවුනාම ලොකු ආසාවකින් එනවා ඔයාලගේ කමෙන්ට් කියවන්න. ඇත්තටම කට්ටිය එක්ක එකතු උනාම අපි හරි ලොකුවට කතා වෙනවා ඉස්සර අපිට කමෙන්ට් වැටුණු හැටි කියල හැබැයි අද තත්වය නම් කියන්නත් කණගාටුයි. ඔයාල දහස් ගානක් දෙනෙක් උපසිරසි බාගෙන යනවා. එත් 90% පමණ ඊට යටින් තියෙන කොටුවේ අකුරු කීපයක් කොටස කළගුණ සලකලා යන්න තරම් වත් පොඩ්ඩක් නොහිතන මට්ටමට ඇවිල්ලා. සමහරවිට හිතනවා ඇති මේක මේ උපසිරසිලබා දෙන අයගේ රැකියාව ඒ නිසා උපසිරැසි ලබාදීම අනිවාර්ය රාජකාරියක්

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | 720p | x264 | 1.2GB |

Direct Download

| Bluray | 480p | x264 | 600MB |

| Bluray | 720p | x264 | 1.4GB |

| Bluray | 720p | x264 | 1.2GB | YTS |

| Bluray | 1080p | x264 | 2.2GB | YTS |

| Bluray | 720p | x265 | 1GB | 

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Aquaman (2018) | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [Bluray Updates]

  • March 18, 2019 at 22:58
    Permalink

    Subtitle eka bownlod karanna bane. Acc log wenna kiyanawa ne

    Reply
  • March 23, 2019 at 00:50
    Permalink

    patta thanks machan link ekaai sub ekai dekama danawata

    Reply
  • March 24, 2019 at 04:43
    Permalink

    Ayye meka nm supiri wadak. Me wade thawa digatama karagena yanna ayyalata suba pathanawa.👌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!