Cobra Kai (2018) [S01 : E10] | අතීතය නැවත නැවත සිදුවේවිද?

පළවෙනි සීසන් එකේ අවසාන කොටස තමයි මේ අරන් ආවේ. මේක පටන් ගත්ත විදිය කිව්වොත් චාමර අයියා පළවෙනි කොටස කරලා එයා කාර්යබහුල නිසා තාවකාලිකව නවත්තලා තිබුනෙ. පස්සෙ විමා අයියා තමා මේක කරමුද ඇහුවෙ. අරගත්තට මටත් ලොකු කාලයක් යනකන් මේකට අත තියන්න බැරිවුනා. රවිඳු මල්ලිට ස්තූති කරන්න ඕනෙ, එයා තමයි කට්ටියව එකතු කරගෙන මේක කරමු කියලා කිව්වෙ. පස්සෙ රවිඳුට අමතරව, චාමර අයියගෙ එපියත් ඇතුළුව, හිරාන්, උදයංග, අචින්ත, දිලේකා, පසිඳු කියන සහෝදර සහෝදරියන් එකතු වෙලා සීසන් 2 එන්න කලින් කොහොමහරි මේක ඉවර කළා.
මං මේ කොටසෙ වෙන දේවල් ගැන විස්තර කරන්නෙ නෑ. පහුගිය කොටස ගැන කිව්වොත් සෑමුයි මිගෙලුයිගෙ සම්බන්ධය කැඩිලා යනවා ගොඩක් අයගෙ දායකත්වයෙන් වුන පැටලැවිල්ල නිසා. ඒකට සම්බන්ධ වුන හැමෝටම හිත්අමනාමකම් ඇති වුනා කිව්වොත් නිවැරදියි. Cobra Kai කියන්නෙ තලාපෙලන මිනිස්සුන්ට පාඩමක් කියලා දෙන්න තියෙන තැනක්ද, නැතිනම් තලා පෙලන අයට ධෛර්යයක් දෙන්න තියෙන තැනක්ද කියලා තේරුම් ගන්න මං හිතන්නෙ ඒකෙ සෙන්සෙටවත් බැරිවෙලා තියෙනවා. අනික් අතින් මිස්ටර් මියාගිගෙ ඉගැන්වීම් වල තියෙන්නෙ තමන්ගෙ ආරක්ෂාව තහවුරු කිරීමත්, අනවශ්‍ය සියළු කරදර වලින් ගැලවී යන්නෙ කොහොමදත් කියන එක. මේ එකිනෙකට විරුද්ධ, පරයා යන අරමුණු තියෙන පැති දෙකක සටන අදින් ඉවර වෙයිද, අළුත් අමනාපකම් ඇති වෙයිද කියන එක මේ කොටසින් බලන්න පුළුවන්.
සීසන් 2 ගැන මතක් කලොත්, ගිය අවුරුද්දෙ අන්තිම නිශ්පාදන කටයුතු ආරම්භ කරලා මේ අවුරුද්දෙ අප්‍රේල් 24 සියළුම කොටස් එකවර නිකුත් කරන බවට මෙහි නිල පාර්ශවයන් දැනුම් දීලා තියෙනවා.  ඒ වගේම ෆස්ට් ලුක් ෆොටෝ කිහිපයකුත් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඔයාලට පහළින් ඒවා දැකගන්න පුළුවන්.
(කෝබ්රා කායි ඩෝජෝ සිසුන්)
(මියාගි-දෝ ඩෝජෝ සිසුන්)
සීසන් 2 නම් ආපු ගමන් පුළුවන් ඉක්මණට දෙන්න බලාපොරොත්තු වෙනවා. ට්‍රේලර් එක සිංහල උපසිරසි එක්ක මංසලට පිවිසිලා බලන්න. (සුභ ආරංචියත් තමයි Cobra Kai සීසන් 2 වලින් ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා මේකෙ නිශ්පාදක කණ්ඩායම ප්‍රකාශ කරලා තියෙනවා).
එහෙනම් වෙනදා වගේම මේ කොටසත් බලන්න ආරාධනා කරනවා. මෙතෙක් නැරඹුවාට ස්තූතියි.!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEB | x264 | 720p | 2.3GB | Complete S01

Direct Download

|  WEB | x264 | 720p | 327MB |

|  WEB | x264 | 480p | 1.1GB | Complete S01

|  WEB | x264 | 720p | 2.3GB | Complete S01

|  WEB | x265 | 720p | 1.4GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!