හින්දුස්ථාන මැරයෝ…Thugs of Hindostan (2018) [Bluray Update]

අවුරුදු ගාණක් තිස්සෙ ඉඳන් බොලිවුඩ් පුරවරයෙන් ඕපදූප ගලාගෙන එන්න ගත්තා, බොහොම ලොකු මුදලක් විය පැහැදම් කරලා, බොහොම දැවැන්ත මට්ටමේ චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න සූදානමක් තියෙනවා කියලා. කොහොමින් කොහොම හරි කාලය ගෙවිලා ගිහිල්ලා, අන්තිමේදි ඒ කතාව ඇත්තක් වුණා.කෝටි 300කට අධික මුදලක් ලෝභ නතුව වියපැහැදම් කරලා, එදා මෙදා තුර බොලිවුඩ් පුරවරයෙන් නිශ්පාදනය කරපු දැවැන්තම චිත්‍රපටය ප්‍රේක්ශකයා හමුවට ගේන්න ඔවුන් සමත් වුණා. Thugs of Hindostan!

බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසයම කණපිට ගහපු සන්නාම නාම තුනක්… බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසයම උඩි යටිකුරු කරපු චිත්‍රපට අධ්‍යක්ශකවරයෙක් වගෙම රචකයෙක්… බොලිව්ඩු චිත්‍රපට ඉතිහාසයේ දැවැන්තම චිත්‍රපට නිශ්පාදක අයතනයක්…! මෙන්න මේ සුසං‍යෝග වල එකතුවක් විදියට තමයි බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසයේ දැවැන්තම චිත්‍රපටය විදියට Thugs of Hindostan ඔබ වෙතට තිලිණ වෙන්නෙ.

මේ වෙද්දි අනිවාර්‍යයෙන්ම ඔබට තේරෙන්න ඕනේ, මේක සාමාන්‍ය චිත්‍රපටයක් වෙන්න නම් බැහැ කියලා. ඇයි මේක සාමාන්‍ය චිත්‍රපටයක් නොවෙන්නෙ? කැමතිද මේ චිත්‍රපටය පිලිබඳව ඔබ නොදන්න විස්තර ටිකක් දැනගන්න. එහෙනම්, හිමීට පහලට කියවගෙන එන්නකො.

මෙම චිත්‍රපටය නිශ්පාදනය කෙරෙන බවට නිළ වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ,2016 වර්ශයේ සැප්තැම්බර් 16 වෙනිදායි.

චිත්‍රපටය නිශ්පාදනය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 300කට අධික පිරිවැයක් දරණු ලබන අතර, බොලිවුඩ් ඉතිහාසය තුල වැඩිම නිශ්පාදන වියදමක් දරමින් නිශ්පාදනය වු සිනමා නිර්මානය ලෙසට මෙය ඉතිහාස පොතට එක්වනු ඇති. චිත්‍රපටය සඳහා බරපැණ දරණු ලබන්නෙ, ආදිත්‍ය චොප්‍රා හිමිකම් දරණ යශ් රාජ් චිත්‍රපට ආයතනය විසිනි.

චිත්‍රපටය අධ්‍යක්ශනය කරනු ලබන්නෙ, Tashan (2008)Dhoom 3 (2013)අධ්‍යක්ශනය කරනු ලැබූ Vijay Krishna Acharya විසිනි. ඔහු විසින් අධ්‍යක්ශනය කරනු ලැබූ චිත්‍රපට ත්‍රිත්වය සඳහාම ප්‍රධාන චරිතය සඳහා අමීර් ඛාන් යොදාගැනීම විශේෂත්වයක් වෙනවා.

අමිර් ඛාන් සහ අමිතාබ් බච්චන් සිය රංගන දිවිය තුල පලමු වතාවට තමයි තනි චිත්‍රපටයක් තුල එකිනෙකා එකවර හමුවන්නෙ.

මෙම චිත්‍රපටයෙ රංගනය සඳහා මීට පෙරාතුව යෝජනා වී තිබුනේ, රිතික් රෝශන්සහ දීපිකා පදුකෝන් යන නළු නිළි දෙපලයි. රිතික් රෝශන් විසින් චිත්‍රපට තිර පිටපතේ වෙනස්කම් කීපයක් සිදු කිරීමට යොජනා කිරීම හේතුවෙන් ඒ වෙනුවට ආමිර් ඛාන් ප්‍රධාන චරිතය සඳහා යොදාගෙන තිබෙනවා.

චිත්‍රපටය සඳහා අමිතාබ් බච්චන්ගෙ අඳුම් සඳහා ලෝහ යොදාගෙන තිබුනත්, පසුව එ සඳහා ලෙදර් යොදාගෙන තිබෙනදවා.

චිත්‍රපටය සඳහා යොදාගෙන තිබූ අධික බරැති ඇඳුම් සහ ක්‍රියාදාම දර්ශන හේතුවෙන් අබිතාබ් බච්චන් පිට කොන්දේ ආබාදයකින් පෙලුනු බවට සඳහන් වෙනවා.

චිත්‍රපටය තුල සටන් අධ්‍යක්ශනය, දෘශ්‍ය ප්‍රයෝග, තාක්ශණික සහය ආදී විවිධ ක්ශේත්‍ර සඳහා හොලිවුඩ් පුරවරයේ දැවැන්තයින්ගේ සහාය ලබාගෙන තිබෙනවා.

අමිතාබ් බච්චන්ගෙ ඇඳුම් ඇන්ඳවීම සහ වෙස් ගැන්වීම සඳහා සාමාන්‍යයෙන් පැය 4කට අධික කාලයක් ගතවී තිබෙනවා.

ෆාතිමා සානා ශෙයික්ගෙ වෙස් ගැන්වීම සඳහා පැය 6කට අධික කාලයක් ගතවී තිබෙනවා.

මෙම චිත්‍රපටය වෙනුවෙන්ම අති දැවැන්ත නෞකාවක් දැවයෙන් නිර්මාණය කර තිබෙනවා.

මෙම චිත්‍රපටයේ රංගනයත් සමගින්, බොලිවුඩයේ ඛාන් ත්‍රිත්වය (ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, අමීර් ඛාන්) සමගින් චිත්‍රපට සඳහා රංගනයෙන් සහභාගී වීමට වරම් ලද එකම නිලිය බවට කත්‍රිනා කායිෆ් පත්වෙනු ලබනවා.

අමීර් ඛාන්ගෙ පුතුගේ නම වන “අසාද්” යන නමින් තමයි, චිත්‍රපටය තුල අමිතාබ් බච්චන්ගෙ කල්ලිය “අසාද්” ලෙස නම් කර තිබෙන්නෙ.

චිත්‍රපටය තිරගතවීම ආරම්භ වූ පලමු දිනයේම ඉන්දියානු රුපියල් කෝටි 50 ඉක්මවූ ආදායමක් ලබාගනිමින්, එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපටයක් ආරම්භක දිනයේදි ලබාගත් වැඩිතම ආදායම් මුදල ලෙස මෙම චිත්‍රපටය වාර්තා පොත් අතරට එකතු වෙනු ලබනවා. එමෙන්ම, බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසය තුල දෙවනි දිනය සඳහා වැඩිතම ආදායම් මුදල මෙන්ම, පලමු සති අන්තය තුල චිත්‍රපටයක් විසින් ලබාගත සිව්වැනි වැඩිතම ආදායම් මුදල ලෙස මෙම චිත්‍රපටය වාර්ත පොත් අතරට එකතු වනු ලබනවා.

සැටලයිට්, ඩිජිටල් සහ සංගීත අයිතීන් ලබාදීමෙන් පමණක් චිත්‍රපටය සඳහා ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 170 ක මුදලක් ලබාගැනීමට නිෂ්පාදකවරු සමත් වී තිබෙනවා.

මෝල්ටාව නම් රාජ්‍යයෙ තමයි චිත්‍රපටයෙ රූගත කිරීම් සිද්ධ කෙරෙන්නෙ. මෝල්ටාවෙ රූගත කරපු පලමු බොලිවුඩ් චිත්‍රපටය තමයි Charas (1976). ඊටඅවුරුදු 42 කට පස්සෙ තමයි, මෝල්ටාවෙ රූගත කරපු දෙවනි බොලිවුඩ් චිත්‍රපටය විදියට මේ චිත්‍රපටය රූගත කෙරෙන්නෙ.

Dangal (2016) චිත්‍රපටය තුල ෆාතිමා සානා ශෙයික් විසින් අමීර් ඛාන්ගෙ දියණිය ලෙස රංගනයෙන් සහභාගී වූ අතර, මෙම චිත්‍රපටය තුල ඔවුන් දෙදෙනා ආදරවන්තයින් ලෙස රංගනයෙන් සහභාගී වෙනු ලබනවා.

මෙම චිත්‍රපටය සදහා පදනම් වී ඇත්තේ Philip Meadows Taylor විසින් 1839 දී රචිත,Confessions of a Thug නම් නව කතාවයි.


එහෙනම් අපි කතාව පැත්තට යොමු වෙමු. මේ කතාව පාදක කරගෙන තියෙන්නේ ඊස්ට් ඉන්දියා සමාගම හෙවත් බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව පාලනය කරන කාල පරිච්ඡේදය සැලකිල්ලට අරගෙනයි. මේ කාලය ගැන ලංකාවේ අපිට අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. මොකද අපේ රටත් මේ ඉරණමට මුහුණ දීල ඒ ඉතිහාසය ගැන අදටත් අපි හැමෝම වගේ දන්නවා. ඉතින් බ්‍රිතාන්‍ය සමාගම විසින් වෙළඳ කටයුතු මුවාවෙන් රාජ්‍යයෙන් රාජ්‍ය තමන්ගේ පාලනයට නතු කරගන්න මොහොතක තමයි රෝනක්පූර් රාජ්‍යය ස්වාධීනව තමන්ගේ රාජ්‍ය පාලනය කරගෙන යන්නේ. එත් ඔවුන්ටත් මේ බ්‍රිතාන්‍ය සමාගම මගින් එල්ල කරන පීඩනය සහ බලපෑම සුළුපටු නැහැ. රෝනක්පූර් පාලනය කෙරෙන්නේ මිර්සා සිකන්දර් විසින්. ඔහුට ඉන්නවා කුඩා දියණියක් සහ ගැටවර වයසේ ඉන්න පුතෙක්.  මේ දෙදෙනාගේ නම් වන්නේ සෆීරා සහ අස්ලම්. අපේ මේ කතාව ආරම්භ වන මොහොත වෙනකොට අස්ලම් වෙනත් රාජ්‍යකින් සහය ඉල්ලන්න මිර්සා සිකන්දර්ගේ දක්ෂතම සෙබලෙක් වන කුදාභක්ෂ් සමඟින් පිටවෙලා ගිහින්.

දින ගණනක් පසු උනත් ඔවුන්ගෙන් පිළිතුරක් නොමැති තැන මිර්සා සිකන්දර් හිතාගන්නව තම පුතා සහ ආරක්ෂකයා බ්‍රිතාන්‍ය විසින් අල්ලාගෙන මරා දමා කියා. ඉතින් ඔහු සැලසුම් කරනවා බ්‍රිතාන්‍ය සමාගමේ ප්‍රධාන මෙහෙයුම් වෙන ස්ථානයට පහර දීල බලය රැක ගන්න. නමුත් මිර්සා මහත්තය සැලසුම් කරන අතරේ ඔහුගේ මාලිගාවට අමුත්තෙක් එනවා ඔහු බලාපොරොත්තු නොවූ දෙයකුත් සමඟින්. මේ අමුත්තාගේ පැමිණීමත් සමඟ මෙතෙක් කලක් තම බලය පවත්වාගෙන ගිය රෝනක්පූර් රාජධානියේ බලයට ලොකු තර්ජනයක් ඇති වෙනවා. ඉතින් ඒ තමයි මේ කතාවේ ආරම්භය. මේ අමුත්තා කවුද රෝනක්පූර් වලට ඇති වෙන බලපෑම කොහොම එකක්ද කියල බලාගන්න මෙතැන් පටන් හැමෝටම බාරයි. ඒ වගේම ඉහත විස්තර හොයලා දුන්න සහ ඒ ලිපිය ලියල දුන්න සිසිල මල්ලිටත් ස්තුති කරනගමන් හින්දුස්තාන මැරයන් සුදු හමට විරුද්ධව ගෙනියන අරගලය මුල සිට නරඹන්න හැමෝටම ආරාධනා කරනවා! ජය !


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 1.2GB |

Direct Download

| Bluray | x264 | 480p | 790MB |

| Bluray | x264 | 720p | 1.2GB |

| Bluray | x264 | 1080p | 2.4GB |

| Bluray | x265 | 720p | 1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “හින්දුස්ථාන මැරයෝ…Thugs of Hindostan (2018) [Bluray Update]

  • January 4, 2019 at 11:20 am
    Permalink

    අම්බො බං උබලා නම් පට්ට බයිස්කෝප්

    Reply
  • January 4, 2019 at 9:45 pm
    Permalink

    Samahara ewage sounds wada kran na

    Reply
  • January 10, 2019 at 6:09 am
    Permalink

    komada bn me dla tiyena site eken downoad krnne

    Reply
  • January 10, 2019 at 6:10 am
    Permalink

    komada bn oya link eken gihin download krnne. terenne nene

    Reply
  • March 13, 2019 at 7:25 pm
    Permalink

    ai bn boru kiyanne ohma 3 khans la ekka meetakalin kareena kapoor, anushka sharma act krla tynwa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!