Peranbu (2019)| ලෝකය ඇයි මෙතරම් කුරිරු?…

කවදාහරි බලලා තියෙනවද Imdb දර්ශකය 9.7ක් වගේ ඉහලම අගයක් වෙනකම් කැරකිච්ච චිත්‍රපටියක්? ඒකත් මනාප 100කින් 200කින් වගේ සොච්චමකින් නෙමෙයි… මේ සටහන ලියවෙන මොහොත වෙනකොට 8500 කට අධික මනාප ප්‍රමාණයකින්. තව කාරණාවක්, මේක දෙමල චිත්‍රපටියක් කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්, අතාත්වික සටන්, මල් ගස් වටේ දුවන සින්දු තියෙනවා කියලා සමහරක් පොශ් මහත්වරු අතෑරලා දාපු දමිල සිනමාවෙන් තමයි මේ අති දැවැන්ත, දුර්ලභ නිර්මාණය බිහිවෙන්නෙ. වැඩිය අටුවා ටීකා කියන්න යන්නෙ නැහැ, චිත්‍රපටියකට ලබාගන්න පුළුවන් උපරිම අගයක් වෙච්ච 9.7ක් වගේ දැවැන්තම අගයකින් සැරසිච්ච මේ අනගි නිර්මාණය මේ වෙනකොට හොඳම ඉන්දියානු චිත්‍රපට ලැයිස්තුවේ 66 වෙනි ස්ථානය තමන් සන්තක කරගෙන ඉන්නවා.

47 වෙනි රොටර්ඩෑම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී 2018 වර්ෂයේ ජනවාරි 27 වෙනිදා තිරගත වෙච්ච, එම වසරේම ජුනි 18 වෙනිදා චීනයේ ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදීද තිරගත වෙච්ච, ඉන්දියානු පැනරෝමා කාණ්ඩය යටතේ 49 වෙනි ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේදී පවා තිරගත වෙච්ච මේ සිනමා සිත්තම සිනමා ශාලා ආක්‍රමණය කරන්න පටන් ගත්තෙ2019 වර්ෂයේ පෙබරවාරි පළවෙනිදා ඉඳන්. ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ ඉන්දියානු චිත්‍රපට රසිකයන් බොහොම හොඳින් දන්නා අඳුරන මෙගා ස්ටාර් Mammootty විසින්. ඔහුට අමතරව දෙවන ප්‍රධාන චරිතය සඳහා Sadhanaනම් නව යොවුන් තරුණිය උත්කෘෂ්ඨ රංගන දායකත්වයක් ලබාදෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් නොකරම බැහැ, යුවන් ශංකර් රාජා නම් අද්විතීය සංගීතඥයාගේ හද කීරී ගන්වන සප්ත ස්වරයෙන් හැඩ ගැන්වුණු මේ විශිෂ්ඨ සිනමා නිර්මානය අධ්‍යක්ෂණය කරනු ලබන්නෙ සම්මානනීය අධ්‍යක්ෂක Ram විසින්.

මේ කියන්න යන්නෙ කතාවක් නම් නෙමෙයි…
මේ බලන්න යන්නෙ චිත්‍රපටයකුත් නෙමෙයි…
හදවතට කතා කරන්න පුලුවන් කවි ගැන අහලා තියෙනවද?
ඇහැට පේන දේට වඩා තව දේවල් දහස් ගාණක් හදවතට තට්ටු කරලා කියන්න පුලුවන් සිනමා නිර්මාණ ගැන අහලා තියෙනවද?
අහලා තිබුණත්, නැතත් කමක් නැහැ,
මේ අවස්තාව ඒ වගේ අත්දැකීමක් ලබාගන්නයි!

නොවිදිනා දුක් විඳලා, දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා,
අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරනවා.
ඒ දරුවට කන්න බොන්න දීලා,
අවශ්‍ය හැම දෙයක්ම ලබාදීලා,
අඩුවක් පාඩුවක් නැතිවෙන්න ඒ දරුවව උස් මහත් කරනවා තාත්තා!
පොඩ්ඩක් ඉන්න…

මේ ලෝකෙට ඉපදෙන අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු නෙමෙයි…
කොටසක් දෙනා සාමාන්‍ය විදියට ඉපදෙද්දි,
තවත් කොටසක් දෙනා විවිධ අඩුපාඩු සහිතව ඉපදෙනවා…
මේ තමයි ලෝක නියමය!
ලෝක නියමයට පිටුපාන්න තරම් ජගතෙක් මේ ලෝකෙ නැහැ!

දරුවෙක් සාමාන්‍ය විදියට ඉපදුනොත් ඒක ඒ දෙමවුපියන්ට සතුටට කාරණාවක්…
එතකොට දරුවෙක් අඩුපාඩු සහිතව ඉපදුණොත් එහෙම…?
ඒ දරුවා ජීවත් වෙනකම් ඒ අම්මයි තාත්තයි නොවිඳිනා දුක් විඳ විඳ, 
හිතෙන් හැමදාමත් මැරි මැරි ජීවත් වේවි!
එහෙමත් නැත්නම්, ඒ අම්මගෙයි තාත්තගෙයි ජීවිතේ අවසානය වෙනකම්ම,
හිතෙන් හැමදාමත් මැරි මැරි ජීවත් වේවි!

මේක මං මෙහෙම කිව්වට ගොඩක් දෙනාට තේරෙන එකක් නැහැ…
ගොඩක් දෙනෙක් විකාරයක් විදියට දකීවි…
ඒත්, එහෙම අඩුපාඩු සහිතව දරුවො ඉපදිච්ච අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් දිහා හොඳට බලන්න…
වචන වලට පිටකර ගන්න බැරි දාහක් දේවල් ඔබට දකින්න පුලුවන් වේවි.

ඇයත් හරිම ලස්සන දරුවෙක්…
ආදරයට කියන්නෙ පාපා කියලා…
හැබැයි, සාමාන්‍ය දරුවෙක් නම් නෙමෙයි.
විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්…
උපතින්ම මොළයේ ගැස්මක් සහිත ආබාධයකින් පෙලෙන කෙනෙක්…
කට පැත්තකට ඇල වෙලා…
අත පය කොර වෙලා ගිහිල්ලා…
තනියම ඇවිදින්න හරිම අමාරුයි…
ඒ විතරක් නෙමෙයි, කතා කරගන්න පවා අමාරුයි…
හැබැයි, ඒත් අපි වගෙම මනුස්ස ප්‍රාණයක්!
සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපි වගේම හැඟීම් දැනීම් තියෙන ජීවිතයක්!
තාත්තා රට ඉඳලා එනකොට පාපාව දාලා අම්මා වෙන මිනිහෙක් එක්ක පැනලා යනවා.
එදා ඉඳලා මේ අහිංසක කෙල්ලට හැම දේටම හිටියෙ ඒ තාත්තා විතරයි.
කෙලවරක් නැති ප්‍රශ්න…
එක ප්‍රශ්නයක් යනකොට තව ප්‍රශ්න දහයක් විතර ඇවිල්ලා…
මේ ආබාධිත ගැහැණු දරුවයි, අහිංසක තාත්තයි, 
මේ දේවල් වලට කොහොම මූණ දේවිද?
අවසානයේ ඔවුන්ගේ ඉරණම ක්‍රියා කරන්නෙ මොන විදියටද?

හිතේ කරදර නැති නිස්කලංක වෙලාවක් තෝරගන්න…
බලන්න ගන්න මේ අනගි නිර්මාණය…
ඇස් දෙකෙන් විතරක් නෙමෙයි,
හදවතින්, බුද්ධියෙන් විචාරය කරන්න…
අපි මේ ජීවත් වෙන්නෙ කොච්චර නම් කුරිරු සමාජයකද?
ඇයි ලෝකය මෙච්චර දරුණු?
ඒ වගෙම තමයි, ඇයි සොබාදහම මිනිස්සුන්ට මේ තරම් අකාරුණික වෙන්නෙ?
අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට දරාගන්න බැරි විදියෙ දුකක් දෙන්නෙ එයාලා මොන වරදක් කලාටද?
කොච්චර දුක් කරදර, ප්‍රශ්න ආවත් තමන්ගෙ දරුවන්,
තමන්ගෙ පණටත් වඩා ආරක්ෂා කරන්න අම්මා තාත්තා කෙනෙක් කොච්චර නම් උතුම්ද!

මේ අරුත්බර කවිය රසවිඳින්න…
අඬන්න ඕනෙ නම් අඬන්න…
විඳින්න ඕනෙ නම් විඳින්න…
විඳවන්න ඕනෙ නම් විඳවන්න…
ලෝකේ උතුම්ම පදවිය…
අම්මා – තාත්තා!
ඔවුන් දෙපළට මේ සිනමා නිර්මාණය උපහාරයක්ම වේවා!

(ප.ලි. – බලන්න හිතුනෙ නැද්ද? කමක් නැහැ. මේ ලෝකේ දුර්ලභ, වටිනා කියන දේවල් හිමිවෙන්නෙ සීමිත පිරිසකට විතරයි කොහොමත්. ඔබගේ නොලැබීම කියලා හිත හිතාගෙන සාම්ප්‍රදායික චිත්‍රපටියක් බලන්නකො එහෙනම්)

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 700MB |

Direct Download

| HDRIP | x264 | ESub | 210MB | 

| HDRIP | x264 | ESub | 400MB | 

| HDRIP | x264 | Esub | 700MB | 

| HDRIP | x265 | 720p | 900MB | 

| HDRIP | x264 | 720p | 1.3GB | 

| HDRIP | x265 | 1080p | 1.6GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Peranbu (2019)| ලෝකය ඇයි මෙතරම් කුරිරු?…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!