Masti (2004) | ගෙදර පරිප්පු කනවද? පිටින් බිරියානි කනවද?

ආයුබෝවන් කියල පිළිගන්නවා හැමෝම. මේ මගේ පලමු උපසිරැසිය. මම මේ චිත්‍රපටිය බාරගෙන ටිකක් කල් වෙනවා. එක දිගට පාඩම් වැඩ කරන එක අමාරු නිසා වෙනසකටත් එක්ක සබ් එකක් කරන්න හිතුවෙ. ඉවර කරන්න ටික කාලයක් ගියේ මම A/L විභාගයට මේ වසරේ (2019) ලියන නිසා. මම මුලින්ම බැලුවේ මේ චිත්‍රපට මාලාවේ දෙවන කොටස (Grand Masti 2013) පස්සෙ මම අනිත් කොටස් ගැන හොයද්දි හම්බ වුනා තුන් වෙනි කොටස (Grate Grand Masti 2016) මේ ලඟදි තමයි පලමු කොටස (Masti 2004) හම්බ වුනේ. හැබැයි ඒකට සිංහල සබ් එකක් තිබුනෙ නෑ. අන්න එතකොට තමයි මට සබ් එකක් කරන්න ඕනි කියලා හිතුනෙ.

මේ චිත්‍රපටය නිකුත් වුණේ 2004 අවුරුද්දෙ. පැය 2 විනාඩි 46 ක් පුරා දිවෙන හාස්‍ය ජනක චිත්‍රපටයක් වන මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.2/10 ක අගයක් ලබාගෙන තියෙනවා. තව Google පරිශීලකයන්ගෙන් 77% ක Likes ප්‍රමාණයක් ලැබුනු චිත්‍රපටයක්.

මේකෙ රඟපාන නළුවන් තමයි, රිතියිෂ් දේශ්මුක් (මගේ කැමතිම නළුවා), විවේක් ඔබරෝයි, අෆ්තාබ්, අජේ දේව්ගන් කියන කට්ටිය. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Indra Kumar විසින්. මේ චිත්‍රපටය Box Office වාර්තා තියපු චිත්‍රපටයක්. ඉන්දියානු රුපියල් කොටි 26.75 (US$3.7 million) ක වාර්තා ගත ආදායමක් ලබල තියෙනවා.

මේ චිත්‍රපටියේ කතාව ගැන කියනවනම් මේකේ ඉන්න රජ තුන් කට්ටුව තමයි අමර්, මීත්, ප්‍රේම් කියන යාළුවො තුන්දෙනා. මෙයාල විවාහ වෙලා අවුරුදු 3 කට පස්සෙ හම්බ වෙනව. තවමත් තමන්ගෙ විවාහ ජීවිතය ගැන තෘප්තිමත් නැති මේ තුන්දෙනා විනෝද වෙන්න හදනවා (Unofficial) විදිහට. ඒ අතරතුර මෙයාලට වෙන කරදර බාධක සහ ඒ අය මේ නිසා පාඩමක් ඉගෙන ගන්න අාකරය තමයි තියෙන්නෙ. චිත්‍රපටය පුරාවට විහිළු වලින් නම් අඩුවක් නෑ. පට්ට කොමඩියක්. තව…………..

වැඩිය කියන්න හොඳ නෑනේ එහනම් චිත්‍රපටය බලන්න කියලා හැමෝටම අාරාධනා කරනවා. මේ මගේ පලමු උපසිරැසිය නිසා අඩු පාඩු අැති. ඒවා ගැන මම දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ජය වේවා…….!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRIP | x264 | 720p | 1.1GB |

Direct Download

|  HDRIP | x264 | 720p | 1.1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Masti (2004) | ගෙදර පරිප්පු කනවද? පිටින් බිරියානි කනවද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!