Arrow [S07 : E14] | සොයුරු සොයුරියෝ..

ඔන්න සති දෙක තුනක නිවාඩුවෙන් පස්සෙ ඇරෝ හත්වන කතාමාලාවේ දාහතරවැනි කොටහා අරන් ආවා. ඇත්තටම සමාවෙන්න ඕන මේක දෙන්න සතියක්ම පමා වීම ගැන. එහෙනම් සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලමින් මං කතාව පැත්තට හැරෙන්නම්.

ඇරෝ කතාවේ කලින් කොටහේ මතක ඇතිනේ ස්ටාර් නගරයේ ඝාතකයා මොකද කළේ කියලා. ස්ටාර් නගරයේ ඝාතකයා ඒ කියන්නෙ ඔලිවර්ගේ ස්ලැබ්සයිඩ්වල හිටිය මිත්‍රයා ස්ටැන්ලි ඔලිවර්ගේ යාළුවන්ව ඉලක්ක කරගෙන විවිධ පණිවිඩ එව්වා මතකයිනේ.ඒවගේම නගරේ පුරා මිනීමැරුම් රැල්ලකුත් සිද්ද වුනා. ඉතින් කණ්ඩායම බලාත්මක කළාට පස්සෙ මේ මිනීමැරුම් ගැන හොයාගෙන ගියා. එතැනදී තමයි කට්ටිය දැනගත්තේ මේ කෙනා ඔලිවර්ව ඉලක්ක කරන කෙනෙක් කියලා. මතක ඇතිනේ එතැනදී ඩයිනාට දරුනුවටම තුවාලත් උනා. ඒ වගේම ස්ටැන්ලි ඔලිවර්ගේ ගෙදරටත් රිංගුවා. ඉතින් ඒ හේතු කාරණා වගේම වෙනත් කාරණා නිසා විලියම් ගෙදරින් යන්නත් ගියා. ෆෙලිසිටි අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා ආරංචියකුත් ලැබුනා. ඒ වගේම කර්ටිස් කතාවෙන් ඉවත් වුනා කියලත් මතක ඇතිනේ. අනාගත සිදුවීමේදී විලියම් ඇතුළු පිරිස ෆෙලිසිටිව හොයාගෙන ගිහිල්ලා බ්ලැක්ස්ටාර්ගේ උගුලකට අහු උනා මතකයිනේ. පස්සෙ කොහොමහරි එතැනදී දැනගන්න ලැබුනා බ්ලැක්ස්ටාර් කියන්නෙ ෆෙලිසිටිගෙයි ඔලිවර්ගෙයි දුවෙක් කියලා.

අද කොටස ගැන කිව්වොත් අද ඔන්න ජෝන් ඩිගල් සහ ලයිලා දෙන්නා ආර්ගස් එකේ ගෝස්ට් වැඩසටහන ක්‍රියාවට නංවනවා වර්ජිල්ව අල්ලගන්න. වර්ජිල් හාදයව අල්ලගන්න බැරි උනත් අන්තිමේ ඩාන්ටේට ලංවෙන්න පොටක් පාදගන්නවා. ඒ වගේම ඇතිවෙච්ච කරුණු කාරණා නිසා ඩිගල් මේ ගැන ඔලිවර් ෆෙලිසිටි දෙන්නටත් කියනවා. ඉතින් ඒක අහපු ගමන්ම ෆෙලිසිටිට ඕන වෙන්නේ ලොරල්වත් හවුල් කරගෙන ඩියැස්ව මරලා දාන්ඩ. පස්සෙ කොහොමින් හරි ඩිගල් ඔලිවර් ෆෙලිසිටි දෙන්නවත් ඩාන්ටේ අල්ලන මෙහෙයුමට සම්බන්ධ කරගන්නවා.

එතකොට අනගාතයේදී උපන්දා සිට තම සොයුරාගෙන් ඈත්වෙලා හිටිය මියාව තමන්ට එකතු කරගන්න විලියම් උත්සහ කරනවා. හැබැයි ඉතින් විලියම් වගේ ළාමක නෑ වගේ පේන්නේ මේ කෙලීනම්. කොහොමහරි අද ෆෙලිසිටි ගැන තවත් හෝඩුවාවල් කීපෙකුත් ලැබෙනවා.

හොදයි මම මෙච්චරයි කියන්නෙ. ආ තව දෙයක් කියන්න ඕන. ස්ටිපන් ඇමෙල් එහෙමත් නැත්නම් අපේ ග්‍රීන් ඇරෝ ට්විටර් පිටුවේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කරලා තිබ්බා ඇරෝ කතාමාලාව එහි අටවැනි සමයෙන් සමාප්ත වන බවත් අටවැනි සමය කොටස් දහයක් තරම් කෙටි වෙන බවත්.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 
 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 220MB |  

Direct Download

| HDTV | x264 | 480p | 130MB |

  

| HDTV | x264 | SVA | 220MB |

| HDTV | x265 | 720p | 160MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Arrow [S07 : E14] | සොයුරු සොයුරියෝ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!