NTR: Kathanayakudu (2019) | විශිෂ්ඨ සිනමා පරම්පරාවක ආරම්භකයා

NTR කිව්වාම කාවද මතක් වෙන්නේ? NTR jr(Nandamuri Taraka Rama Rao Jr.) නේද? කවුරුත් හඳුන්වන විදිහට කියනවනම් ජූනියර් NTR. ඔහු උපතින්ම කලාව හා දේශපාලනය උරුම කරගෙන ඉපදුනු NTR පරම්පරාවේ වර්ථමාන පුරුකක්. මේ චිත්‍රපටයෙන් ඔබ අප හැමදෙනාටම මේ සිනමා පරම්පරාවේ ආරම්භකයා, එහෙමත් නැත්නම් ජූනියර් එන්.ටී.ආර්ගේ සීයාගේ (Nandamuri Taraka Rama Rao) ජීවිත කතාව දැනගන්න පුලුවන්.

එහෙනම් එන්.ටී.ආර් කියන මේ විශිෂ්ඨ රංගධරයා ගැන පොඩි විස්තරයක් කරන්නම්. 1923 මැයි 28 ගොවි පවුලකට දාව උපත ලබපු මෙතුමා හැදුනේ වැඩුනේ තමන්ගේ මාමා කෙනෙක් ලඟ. අධ්‍යාපන කටයුතු අවසන් වුනාට පස්සේ රජයේ කාර්යාලයක උප රෙජිස්ට්‍රාර්වරයකු වශයෙන් පත් වෙනවා. පගා ගැසීම් ආදී වංචා දූෂණ නිසා කළකිරෙන මොහු සති තුනෙන් එතනින් ඉල්ලා අස් වෙනවා. පසුව ඔහු දන්නා හඳුනන චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන L. V. Prasad කළ පැරණි ආරාධනයක් මතක් වෙලා නළුවෙක් වීමේ සිහිනය ඇතුව මැඩ්‍රාස් බලා පිටත් වෙනවා. ඒ සියල්ල සහ තවත් විස්තර චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන් නිසා මෙතුමා ගැන තවත් වැදගත් විස්තර ටිකක් ගෙන එන්නම්.

CNN-IBN වෙතින් පැවැත්වූ ජාතික ඡන්ද විමසීමෙන් තේරුණු මෙතුමාගේ නම, 2013 වසරේ පැවැත්වූ ඉන්දියානු සිනමා ශත සංවත්සර උළෙලේදී එදා මෙදා තුර ඉන්දියාවෙන් බිහි වුන විශිෂ්ඨතම රංගණ ශිල්පියා ලෙසින් නම් කෙරුණා. ඒ වගේම එදින නම් කළ ශත වර්ශයේ විශිෂ්ඨම සිනමා නිර්මාණ 100 අතරට මෙතුමා රංගණයෙන් දායකු වූ Patala Bhairavi (1951), Malliswari (1951), Mayabazar (1957), Nartanasala (1963) යන චිත්‍රපට හතරත් ඇතුලත් වුනා. ඉන්පසු ඉන්දියානු රජයෙන් පිරිනමන ඉහළම ගෞරව සම්මාණ වලින් එකක් වන පද්ම ශ්‍රී සම්මාණයෙන් 1968 වසරේදි පිදුම් ලැබුවා. චිත්‍රපට 300 කට රංගණයෙන් දායක වී ඇති මෙතුමාට ගෞරවයක් වශයෙන් ඉන්දියානු රජයෙන් මුද්දර පවා නිකුත් කෙරුණා. පහතින් දැක්වෙන්නේ එසේ නිකුත් වූ මුද්දරයක්.

පසුකාලීනව මෙතුමා දේශපාලනයටත් පිවිසෙනවා. ඒවා ගැනත් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්. ඉතින් මෙතුමාගේ ජීවිත කතාව රැගත් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙත් මෙතුමාගේ හයවෙනි පුතා වන Nandamuri Balakrishna විසින්. පියාගේ චරිතයට පණ පොවන්නෙත් ඔහු විසින්මයි. NTRගේ බිරිඳගේ චරිතයට රංගණයෙන් දායක වෙන්නේ සුරූපී බොලිවුඩ් නිළි Vidya Balan. IMDb 5.9 ක් හිමි වෙලා තියෙන මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබුණේ. හැබැයි කවදාවත් මුල අමතක කරන්න හොඳ නෑ කියනවනේ. ඒ නිසා තෙලුගු සිනමාව දැන් තියන තත්වයට අරන් එන්න අති විශාල දායකත්වයක් දැක්වූ මේ විශිෂ්ඨ රංගධරයාගේ ජීවිත කතාව දැනගැනීමට කැමති අයට නරඹන්න කියලා ආරාධනා කරනවා.

ප.ලි. ලයින් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් තිබ්බ උපසිරැසියක් නිසා ආයෙත් චානක මලයත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය අරන් ආවේ. ඇත්තටම වැඩත් එක්ක කරගන්න කල් ගියා. මගේ කොටස තමයි ටිකක් පරක්කු වුනේ. වැඩි කොටසක් කරේ චානක මල්ලි. කරමු කියපු ගමන් බැහැ නොකියා වැඩේ ගොඩ දැම්මට එයාටත් ස්තූතියි කියන ගමන් සමු ගන්නවා. ආයෙත් කවදා උපසිරැසියක් ගේන්න පුලුවන් වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා හැමෝටම ස්තූතියි කියන ගමන් සමු ගන්නවා. ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 708MB |

Direct Download

| HDRIP | x264 | ESub | 218MB | 

| HDRIP | x264 | ESub | 408MB | 

| HDRIP | x264 | Esub | 708MB | 

| HDRIP | x265 | 720p | 907MB | 

| HDRIP | x264 | 720p | 1.4GB | 

| HDRIP | x265 | 1080p | 1.6GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!