Cobra Kai (2018) [S01 : E07] | කවදාවත් පරාජය බාරගන්න එපා..!

ආයුබෝවන් මිත්‍රවරුණි..!

ඉතිං ඔන්න රවිඳු මලයගෙ ඉල්ලීමක් නිසා මමත් කෝබ්‍රා කායි එකට බැඳුණ. බැඳුණ වගේ නෙවෙයි ඉතිං වැඩ රාජකාරි එක්ක මේක ගොඩදාගන්න එක නම් ටිකක් අමාරු වුණා. දවස ගාණෙ රස්සාවත් ගොඩ දාගෙන සබ් සබ් කර කර තමයි මේ අමාරුවෙන් දුවන්නෙ. කොහොමහරි මම නිසා මේක විකාශය කිරීම පමා වුණාදෝ කියලත් හිතෙනව. ඉතිං ඔක්කොම කොටස් ටික බලල මේක කරන්න ගත්තනං මේ කපේ ඉවරයක් කරන්න වෙන්නෙ නෑ. ඒ නිසා කලින් කොටස ගැන මොකුත් නොකියා අද කොටස ගැන විතරක් මම විස්තර කරන්නම්.
කොහොමහරි අපි ඔන්න කරාටේ වලට අත්පොත් තියන්න බලාගෙන ඉන්න රොබීට, ලරූසෝ කාර් හෝදවල, අතුගාවල, ජනෙල් සුද්ද කරවල අවශ්‍ය මූලික අඩිතාලම හදනව. රොබීට අදහසක් නෑ මේ යකා මේ පරවැඩ කරවගන්නව මිසක් කරාටෙ කියල දෙන්නෙ නෑනෙ කියල. ඉතිං  අද  රොබී අහනව පරවැඩ කරනව මිසක් කෝ මට කරාටෙ උගන්වන්නෙ නැද්ද කියල. එතකොට තමයි කාර් හෝදපු එකේ ඇත්ත කතාව මෙයාට තේරුම් යන්නෙ. මේ අස්සෙ ඔන්න 18න් පහළ කරාටේ ශූරතා තරඟාවලියක් තියන්න යනව කියල සෙන්සෙයි ලොරෙන්ස් දැන ගන්නව. හැබැයි ලියාපදිංචි වෙන්න ගියාම ඔන්න තරු විසිවෙන්නෙ, කෝබ්‍රා කායි ජීවිත කාලයටම තරඟාවලියකට යන්න බැරි වෙන්න තහනම් කරල කියල දැනගත්තම. මේක මෙහෙම වෙන අතරෙ ඩයස්ට ඕනෙ සෑම්ව යාළු කරගන්න. මෙන්න මේකට සෙන්සෙයි හොඳ උපදෙස් ටිකක් දෙනව. ලොකු කතා ටිකකුත් කියල. කොහොමහරි ඩයස් සෑම්ගෙ ලව් එක ගොඩදාගන්න දඟලද්දි ලොරෙන්ස් උත්සාහ කරනව කරාටේ තරඟාවලියට යන්න අවසර ලබා ගන්න, මෙතනදි ලරූසෝ කෝබ්‍රා කායි ඩෝජෝ එක තරඟාවලියට ඉදිරිපත්වීම තදින්ම ප්‍රතික්ෂේප කරනව. ඉතිං ලොරෙන්න්ස් කියන්නෙ මළ පනින හාදයෙක්නේ. කොහොමහරි ඔන්න මළ පැනගෙන එනකොට ඩයස් දීපු උපදෙස් මතක් කරගෙන ඉවසල ඉන්න උත්සාහ කරල බලනව. ඉතිං එහෙනම් බලාගන්නකො ගුරා ගෝලයට දීපු උපදෙසුයි, ගෝලය ගුරාට දුන්නු උපදෙසුයි එක්ක දෙන්නට දෙන්න ගෑණු ළමයයි, තරඟවලියයි දෙකම ගොඩ දාගනීද කියල. මමත් ගිහින් එන්නම්.  ජය වේවා..!
“බෑ” කියල දෙයක් නෑ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEB | x264 | 720p | 2.3GB | Complete S01

Direct Download

|  WEB | x264 | 720p | 220MB |

|  WEB | x264 | 480p | 1.1GB | Complete S01

|  WEB | x264 | 720p | 2.3GB | Complete S01

|  WEB | x265 | 720p | 1.4GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!