Secret Superstar (2017)| සැඟවුන තාරකාව…{ Bluray Updated }

සිංහල, දමිළ, ඉංග්‍රීසි, හින්දි, මලයාලම්, කොරියානු, ප්‍රශ්න, ජර්මන්, ඉතාලි දැන් තුර්කි තව කොහෙන් අපේ සහෝදා සහෝදරියන් නතර වේවි ද? නමුත් මේ හැම භාෂාවකටම පොඩි සිනමා සිත්තම් ටෙලි කතා මාලා ඇතුලාන්තයේ එක සාදකයක් හැමෝටම පොදු වෙනවා, ඒ තමයි සංගීතය…. සංගීතය විශ්වා භාෂාවක් හැටියට නම් කරන්නෙත්, පෘථිවියෙන් ගුවන් ගත කරනා අභ්‍යවකාශ යානා පවා ලොවක් නියෝජනය කරන්නට රැගෙන යන්නේ අහම්බයක් නිසා වෙන්න බැහැ නෙව. මේ සංගීතයට ආදරය කරන, සංගීතය යොදාගෙන ලොවක් නලවන්නට සැරසෙන කුඩා ඇයගේ කතාවයි.

නමින් ඉන්සියා නම් වූ ඇය සංගීතය දෝතින් අරන් උපන් දැරියක්. නමුත් තමුන් යමක් දෝතින් බදන් මේ ලොවට ආවත් ඒ ත්‍යාගය උදුරා ගන්නට, අගුලා තියන්නට වෙර දරන්නවුන් මේ ලෝකයේ එමටයි නොව, අවාසනාවට ඇය උපන්නේ තමුන්ගේ දක්ෂතාව වන ගායනයට ඉඩක් ලබා දෙන වහලක් යට නෙමෙයි. ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ වඩොරා නගරයේ උපන් මේ කුඩා දැරිවිගේ පවුල බොහොම සම්ප්‍රදායික එකක්. නමුත් හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙන්නට වගේ ඇගේ අම්මා තමුන්ගේ දියණිය දිරි ගන්වන්නියක්, නමුත් ඒ ඇයගේ එකම රිදී රේඛාව නෙමෙයි ඇයගේ පිහිටට අන්තර්ජාලය නම් වූ ඉෂ්ඨ දෙවතාවක් ඉන්නවා. මොකද ඉතින් මේක 21 වැනි ශත වර්ෂය නෙව, ඉන්සියාගේ අරමුණ ගායන තරගයක් ජය ගන්නට මොකද ඇය දින්නොත් අලුත්ම ලැප්ටොප් පරිගණකයක් හා වසරක් පුරාවට අන්තර්ජාලයේ සැරිසරන්නට දත්තත් ඇයට දිනාගනට පුළුවන් නමුත් මේ සියල්ලටම තමුන්ගේ පියාගෙන් අවසර ගන්නට අවශ්‍යයි… සතියකට වරක් ගෙදර එන පියා ලේසි පහසු කෙනෙක් නෙමෙයි… ඉතින් මව ඇයගේ දොලදුක සපුරාලන්නට දුවනියට පරිගණකයක් තෑගී කරනවා…

ඒ තමයි සුපිරි තරුවකගේ ආරම්භය, බොහොම දෙනෙක් නරක වෙනුවෙන් භාවිතා කරන අන්තර්ජාලය ඇය තමුන්ගේ දක්ෂතා ඔප්නංවන ගුරුතුමිය කරගන්නවා වගේම, දමුන්ගේ හැකියාව ලොවට කියා පනා මාධ්‍ය ජාලය පවට පත් කරගන්නවා. ඒ Youtube නම් වෙබ් අඩවියට පින්සිදු වෙන්නට… ඉතින් පැය දෙකක් පුරා ඔබට බලන්න හැකිවෙන්නේ සිමාමායිම් බිදගෙන සංගීත ලොවක තමුන්ගේ සලකුණ තියන්නට රහසේ පොර කන මේ පුංචි දැරිවියගේ සිහිනයේ ආලින්ගනයයි….

ආමිර් ඛාන්ගේ රංගන දායකත්වයෙන් රස ගැන්වෙන ඔබ සැම නැරඹීමට නොඉවසිල්ලෙන් මග බලා සිටි Secret Superstar (නොහඳුනන සුපිරි තරුව) හින්දි චිත්‍රපටය මේ අයුරින් ගෙන එන්නටයි සූදානම. Aamir Khan ගේ හා Kiran Rao ගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වන මේ සුන්දර චිත්‍රපටය තිර රචනයෙන් හා අධ්‍යක්ෂනයෙන් හැඩ ගන්වන්නේ Advait Chandan. ප්‍රධාන චරිතය වන අවුරුදු 15 ක් වයසැති ඉන්සියාගේ චරිතයට පණ පොවන්නේ.. ආමීර් ඛාන්ගේම Dangal චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි Zaira Wasim. සෙසු ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Meher Vij, Raj Arjun සහ Aamir Khan. Zee Studio බෙදාහැරීමක් ලෙස ලෝ පුරා තිරගත වූ Secret Superstar, ඉන්දියාවේ තිරගත වීම ආරම්භ කළේ 2017 ඔක්තෝම්බර් 19 වනදා. ඉන්දියානු රුපියල් කෝටි 900 ක බොක්ස් ඔෆිස් ආදායමකට හිමි කම් කී මේ චිත්‍රපටය, IMDb දර්ශකයේ 8.2 ක ඉහළ අගයකට හිමිකම් කීමටද සමත්ව තිබෙනවා. Filmfare සම්මාන උළෙලේ සම්මාන 10 කට පමණ නිර්දේශ වුනු අතර එහිදී. හොඳම නිළිය (විචාරක), හොඳම සහය නිළිය, ඒ වගේම හොඳම පසුබිම් ගායිකාව සඳහා වන සම්මාන හිමි කර ගැනීමට මෙම චිත්‍රපටය සමත් වුනා.

අද මේ උපසිරැසි ලබා දෙන්නේ දිගු කාලීන විරාමයකින් අනතුරුව අසා ලිවීමක් හැටියට. මොකද තවමත් හොඳ උපසිරසක් අන්තර්ජාලයේ හොයාගන්න නැති නිසාත් ඉක්මනින් මේ චිත්‍රපටය ඔබ වෙත ගෙන එන්න තිබුණු ඕනේකමත් නිසා. උපසිරසි නිර්මාණය සඳහා අවශ්‍ය කාල රාමු සකස් කර දුන් අපේ හසාට (හසන්ත වික්‍රමරත්න) චිත්‍රපටයේ ගීත සඳහා සිංහල උපසිරසි සකස් කර දුන් හේවාට (හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත) ඒ වගේම කාලෙකට පස්සේ ලිපියක් ලියා දියන් කිව්ව ගමන් අගනා ප්‍රවේශයක් මේ ලිපියට ලබා දුන් කරුණා වත් (සමීර කරුණාරත්න) මේ අවස්ථාවේ මතක් කරන ගමන්.. මේ අගනා නිර්මාණය නරඹන්න.. ඔබේ අදහස් ප්‍රකාශ කරන්න ඔබට ආරාධනා

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 1.2GB | 

 Direct Download

| Bluray | x264 | 720p | 1.2GB | YTS | 

| Bluray | x264 | 1080p | 2.4GB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Secret Superstar (2017)| සැඟවුන තාරකාව…{ Bluray Updated }

  • August 17, 2018 at 20:02
    Permalink

    Secret.Superstar.2017.Hindi.720p.DTHRip.x264.AAC

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!