Skin Trade (2014)| මිනිස් වෙළඳාම….

ගොඩ කාලෙකට පස්සේ චිත්‍රපටයක් සඳහා උපසිරැසි අරගෙන ආවා.  මම හිතන්නේ 2015 අවුරුද්දට මම කරන පලවෙනි චිත්‍රපට උපසිරස වෙන්න ඕනේ. හරි ඒකෙන් කමක් නැහැ මෙන්න මෙහෙමයි කතාව.  මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලින් එකකට පණ පොවන්නේ තායි සටන් නළු ටෝනි ජා. ඒ වගේම ඩොල්ෆ් ලැන්ඩ්ග්‍රන්, මයිකල් ජේ වයිට්  කියන ක්‍රියාදාම නළුවොත් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ඇරෝ කතා මාලාවේ ශැඩො කියන චරිතයට දායකත්වය ලබා දෙන සෙලිනා ජේඩ් කියන නිළියත් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම IMDB චිත්‍රපට දර්ශකය තුල 6.1ක් වගේ සාර්ථකත්වයක් හිමිකරගෙන තිබෙනවා.

මේ කතාව ගලාගෙන යන්නේ වික්ටර් කියන සර්බියානු ජාවාරම් කාරයෙක් පාදක කරගෙන. මොහු ඇමෙරිකාව සහ ආසියාව තුල මිනිස් ජාවාරම් කරන පුද්ගලයෙක්. මෙයාගේ ප්‍රධාන ජාවාරම තමයි තරුණ ගැහුණු ළමයි පැහැරගෙන එයාලව ලෝකය පුරා ගණිකා වෘත්තීය සඳහා බෙදා හරින එක. මෙයාලගේ මේ ව්‍යාපාරයේ ප්‍රධාන සැපයුම් කලාපයක් තමයි තායිලන්තය කියන්නේ. මේ ගැන විමර්ශනය කරන පොලිස් නිලධාරියෙක්  ඉන්නවා  නික් නමින් හැඳින්වෙන. ඒ වගේම FBI එකෙනුත් මේ වික්ටර් කියන පුද්ගලයාව අල්ලන්න උත්සාහ දරනවා. කොහොමහරි මෙයා මේ වික්ටර් කියන පුද්ගලයාව ඇමෙරිකාව තුලදී අල්ලගන්නවා. ඒ උනාට කතාව එතනින් අවසන් වෙන්නේ නැහැ මොකද මේ වික්ටර් කියන පුද්ගලයාගේ පුතාල හතර දෙනා තමයි එයාගේ එක එක රටවල් වල ව්‍යාපාර කරගෙන යන්නේ. ඉතින් නික්ට එයාලගෙන් ගැලවුමක් ලැබෙන්නේ නැහැ. ඒ හේතුව නිසා නික්ට එයාගේ බිරිඳ සහ දියණියට සමුදෙන්න වෙනවා. පස්සේ වික්ටර් සහ එයාගේ පුතාල ටික ඇමෙරිකාවෙන් පැනලා බැංකොක් වලට යනවා. බැංකොක් වල මේ දේවල් බාර නිලධාරියා තමයි ටෝනි කියන්නේ. ඊට කලින් වික්ටර්ව හිරෙන් නිදහස් කරන්න උදවු උන අය සේරම නික් විසින් ඇමෙරිකාවේදී මරා දමනවා. දැන් එයා හදන්නේ තමන්ගේ බිරිඳ සහ දුව මැරූ පලිය අරගන්න.  එත් නික්ට එහෙදි එයා හිතුවේ නැති දෙයක් ගැන දැනගන්න ලැබෙනවා.  අපි බලමු නික්ට එයා හිතන දේවල් කරගන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්!! ජය වේවා !!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | 720p | x264 | 700MB |

Direct Download

| Bluray | 720p | x264 | 700MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Skin Trade (2014)| මිනිස් වෙළඳාම….

  • March 9, 2019 at 14:26
    Permalink

    subtitles are not matching with the film

    Reply
  • March 23, 2019 at 14:34
    Permalink

    sub eka weda karanne na

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!