Odiyan (2018) | මන්තරකාර මානික්‍යම්

මේක එක මන්ත්‍රකාරයෙක්ගෙ කතාවක්…!
රාත්‍රියෙ රජුගෙ වීර කතාවක්…!
උපක්‍රමශීලීව සතුරන්ට පහර දීම
නොහොත්, සතෙකුගේ වෙස් ගෙන,
සතුරන්ව බය කරන මන්ත්‍රකාරයො.
සාම්ප්‍රදායිකව මිනිසුන් බය කරන්න
කොන්ත්‍රාත්තු ගත්තු පුද්ගලයො.
අඳුරු වෙස්වලා ගැනීම්, 
තනිකම, අඳුර සහ හරියන වෙලාව තමයි මේ
මන්ත්‍රකාරයන්ගෙ ආධාරය වුනේ.

ආයුබෝවන් සියලු දෙනාටම. universal superstar නමින් හදුන්වන මාලයාලම් සිනමාවෙ නමක් දිනාගෙන ඉන්න ඔයාල අපි කවුරුත් දන්න Mohanlalගෙ අලුත්ම මලයාලම් චිත්‍රපටය පසුගිය අවුරුද්දෙ (2018) දෙසැම්බර් 14 වෙනිද නිකුත් වුනා. ඉතින් හොද කොපියක් එනකම් අපි කවුරුත් බලාගෙන ඉන්න අතරෙ දවස් තුනකට විතර කලින් මේකෙ හොද පිටපතක් නිකුත් වෙලා තියෙනව කියල දැනගෙන මේක මට කරන්න බාර දුන්නෙ සිසිල ප්‍රසාද් සහෝදරය. ඔහුට ස්තූතිය පුද කරන අතර, හොද කොපියක් නිකුත් වුනත් අඩුපාඩු තිබුනු සබ් එකක් තමයි මේත් සමගම නිකුත් වෙලා තිබුනෙ. ඉතින් අඩුපාඩු පුලුවන් විදිහට හරිගස්සගෙන උපසිරැසිය සම්පූර්ණ කරල තියෙනව. ඉතින් අඩුපාඩු ඇත්නම් සමාවෙන්න ඕන.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ V. A. Shrikumar Menon කියන අධ්‍යක්ෂකවරය. Mohanlalසමගින් Manju Warrier, Sana Althaf, Prakash Raj, Mammootty වගේ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නළු නිළියො කිහිප දෙනෙක් මේ සඳහා රන්ගනයෙන් දායක වෙලා තියෙනව. මේ වනවිට IMDb අගය 6ක් වශයෙන් සටහන් වෙලා තියෙන මේ චිත්‍රපටය Action, Drama, Fantasy යන කාන්ඩ වලට තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ. කතාවට පාදක කරගෙන තියෙන්නෙ විදුලිය භාවිතයට එන්න කලින් කේරලාවෙ හිටියයි කියල විස්වාස කරන ඔඩියන් වංශය ගැන.

කතාව පැත්තට හැරුනොත්, ඔඩියන් මානික්‍යම් නොහොත් මන්තරකාර මානික්‍යම් කියන්නෙ තෙන්කුරුසි ගමේ තමන්ගෙ පරම්පරාවෙන් පැවතගෙන එන උපක්‍රම පවිච්චි කරල කොන්ත්‍රාත්තු බාරගෙන මිනිස්සුන්ව බයකරන කෙනෙක්. මෙයා මේකට පාවිච්චි කරන්නෙ තමන්ගෙ සීය තමන්ට උගන්වල තියෙන වෙස් මාරු කිරීමේ උපක්‍රම. මොකක්දෝ හේතුවකට අවුරුදු 15ක් තිස්සෙ මානික්‍යම් ගමෙන් පිටවෙලයි ඉන්නෙ, එහෙම හිටපු මානික්‍යම් දවසක් තමන්ගෙ උපන් ගමට එනව. එහෙම ඇවිල්ල ඉන්නකොට ගමේ අයගෙන් එයාට ගොඩක් ඇනුම්පද අහන්න වෙනව. එතනදි කතාවක් දුරදිග ගිහින් මානික්‍යම් ගමේ තරුණ පිරිසකට අභියෝගයක් කරනව තමන් එයාලව සතෙක් විදිහට වෙස් මාරු කරල බය කරනව කියල. එතනින් තමයි කතාව පටන් ගන්නෙ. මානික්‍යම්ට ගමෙන් පිටවෙලා යන්න හේතු වුනේ මොකක්ද, මානික්‍යම්ගෙ මේ අභියෝගයට මොකද වෙන්නෙ කියල බලාගන්න ඔයාල චිත්‍රපටය බලලම ඉන්න. හූනියම්, මන්තර, බලි තොවිල් වගේ දේවල් විස්වාස කරන නොකරන අපි හැමෝටම මේක රසවත් කතාවක් වේවි කියල මම විස්වාස කරනව. තවත් මේ වගේ සිංහල උපසිරැසියකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සැමට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDIP | x264 | ESub | 700MB |

Direct Download

| DVDRIP | x264 | ESub | 250MB | 

| DVDRIP | x264 | ESub | 415MB | 

| DVDRIP | x264 | Esub | 728MB | 

| DVDRIP | x264 | 720p | 1.4GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Odiyan (2018) | මන්තරකාර මානික්‍යම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!