Komban (2015) | ඔහු යද්දී..කැලේ කොටි හැංගෙනවලු…

ඔන්න  පට්ටම පට්ට චිත්‍රපටියක් ඇරන් ආවා. එක්තරා ගමක ජීවත් වෙන නිර්භීත තරුණයෙක් ගැන කියවෙන කතාවක්. කොම්බයා පාණ්ඩියන්. නැත්නම් කොම්බන්.

වෙල්ල නාඩු, සෙම්ම නාඩු, අරස නාඩු කියන්නේ ගම් 3 ක්. මේ ගම්වල නායකයෝ වෙන්න බොහෝ උදවිය පොර කනවා. ගමට සේවය කරනවා වෙනුවට, මැර බලයෙන් මිනිසුන්ට පීඩා කරමින් , අසාධාරණ  ලෙස මුදල් උපයන එක තමයි  ඔවුන් කරන්නේ. හැබැයි  අරසනාඩු ගම ඇතු‍ළේ කොතැනක වත් අසාධාරණයක් සිදුවුණේ නෑ. හේතුව කොම්බයා පාන්ඩියන්. අසාධාරණ ලෙස කටයුතු කරන්නන්ට දුටු තැන පහර දෙන එක තමයි කොම්බන් ගේ හැටි. වැරදි කරලා අහු වුණොත් නැති වෙන්න ගහනවා. කොම්බන් එක්ක හැපෙන්න පුළුවන් චණ්ඩියෙක් අහළ ගං තුනේම නෑ. ඒ නිසා අරසනාඩු ගම තුළ අසාධාරණකම් කරන්න  කිසි කෙනෙකුට හැකියාවක් තිබුන්නෑ. මේ කාරණාව නිසා කොම්බන්ට සතුරෝ වැඩියි. ලොකුම හතුරා තමයි කුන්ඩන් රාමසාමි (කුණ්ඩා). එයාට ඕනැ වුණේ අරසනාඩු ගමේ නායකත්වය තමන්ගේ ඥාතියෙකුට ඇරන් දෙන්න. නමුත් ඒ හැම තැනදිම කොම්බන් හරස් වුණා.

ඔය අතරේ වෙල්ලනාඩුවල පලනි කියලා කෙල්ලෙක් එක්ක කොම්බන් විවාහ වෙනවා. නමුත් ඔහුට සතුටින් විවාහ ජීවිතය ගත කරන්න මැරයින් ඉඩ දුන්නෑ. ගමත් පවුලත් දෙකම රැකීමේ වගකීම කොම්බන් මත පැටවුණා. කොම්බයා පාණ්ඩියන් කොහොමද ඒ අභියෝග තනිවම ජයගන්නේ කියලා දැනගන්න චිත්‍රපටිය අනිවා බලන්න කියා ආරාධනය කරනවා. දමිළ සිනමාවටම දැක්කෙ චණ්ඩි දෙන්නයි..එකෙක් සිංගම්..අනිකා කොම්බන්.

මුල ඉඳන් එක දිගට උද්‍යෝගයෙන් බලන් ඉන්න පුළුවන් චිත්‍රපටියක්. චිත්‍රපටිය බලන අතරතුර අපි බලාපොරොත්තු  වෙන්නේ යම් දෙයක්ද, ඒ දේ ඒ ආකාරයෙන්ම ලබා දෙන්න අධ්‍යක්ෂක තුමා කටයුතු කර තිබෙනවා. මෙහි කොම්බයා පාණ්ඩියන් ගේ චරිතයට පණ පොවන්නේ සුපිරි නළු කාර්ති. ඇරපු අතක් නෑ එයාගේ අයියා සූර්යා වගේම තමා. කොම්බන් දකිද්දී මට මතක් වුණේම සිංගම්. ඒ ගැහිල්ලම තමයි ඉතින්. පොර ටෝක්ස් එමටයි.ඔන්න ඒ ඔක්කොමත් දාලා හොඳ උපසිරැසියක් නිර්මාණය කළා ඔයාලගේ රසවින්දනය උදෙසාම. මෙම චිත්‍රපටිය ග්‍රාමීය තේමාවකින් ආව එකක්. එමනිසා මෙය පරිවර්ථනය කරන එක ලේසි පාසු කාර්යයක් වුණේ නැහැ. උදවු උපකාර කිරීම සම්බන්ධයෙන් සිරාජ්, සඳුන්, සමීර සහෝදර වරුන්ට ස්තුතියි.  එහෙනම් තවත් හොඳ උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| DVDRip | ESub 
| x264 | 700M|

Direct Download

| DVDRip | ESub | x264 | 700M|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!