Mikhael (2019) | සොහොයුරු ප්‍රේමයේ රැකවල් දේවදූතයා

”සීලයෙන් පව කමා කරන්න,
මම දෙවියෙක් නෙවෙයි.
පාපය ගෙවන්න පුළුවන් වෙන්නේ මරණයෙන්.
-මම මයිකල්.”පාසල් ළමුන්ගෙන් උසුළු විසිළු වලට මුහුණදීමට නොහැකිව සියදිවි නසාගන්නා සිසුවෙක්,
තම පුතුගේ මරණයෙන් දුකටත් කෝපයටත් පත් පාතාලයේ රජ කරන පියෙක්,
දුරදිග නොසිතා පැවසූ යම් දෙයක් නිසා ජීවිතයේම පසුතැවෙනා තවත් මවක්,
තමන් නොකළ වරදකට දුක්වන නැගණියක්,
නැගණිය වෙනුවෙන් තම ජීවිතය වුවත් පරිත්‍යාග කළ හැකි නැගණියට රැකවල් දූතයෙක් වූ සොහොයුරෙක්…පසුගිය ජනවාරි 18 නිකුත්වුනු මෙම චිත්‍රපටයත් මලයාලම් රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටි තවත් චිත්‍රපටයක්.ඊට හේතුව වෙන්නේ මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන-Nivin Paulyයි. Nivinට අමතරව Unni Mukundan, Siddique, Sudev Nair වගේ දැකලා පුරුදු මුහුණු කිහිපයක්ම චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ The Great Father (2017) අධ්‍යක්ෂණය කළ Haneef Adeni විසිනුයි. සංගීතය සම්මානලාභී සංගීතවේදී Gopi Sundar විසිනි. Action, Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වූ මෙය මේ වනවිට 5.9 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා.ඒ සමස්තයක් වශයෙන් මිශ්‍ර යැයි කිවහැකි විචාරයන් සහ සමාලෝචනයන් සමඟිනුයි.මේ තමයි අලුත් අවුරුද්දේ හා පුරා කියලා පළ කරන්න ලැබුණු මුල්ම උපසිරැසිය.හරියටම කිව්වොත් මගේ 45වෙනි උපසිරැසිය.දැන් බොහොම මන්දගාමීව තමයි වැඩේ සිද්දවෙන්නේ.තියෙන කාර්යබහුලත්වයත් එක්ක උපසිරැසියක් කරන්න තියා චිත්‍රපටයක් බලන්නවත් කාලවේලා හොයාගන්නේ ගොඩක් අමාරුවෙන්.මේවත් එක්ක මේ අවුරුද්දේ එකම අරමුණ වෙන්නේ ඉතුරු පහත් සම්පුර්ණ කරගෙන කොමොහොමහරි අර්ධ ශතකය ගහන එක විතරයි.බලමු තව මාස 9ක්ම එහෙම පිටින්ම තියෙනවනේ!!! එහෙනම් මේ දීර්ඝ සති අන්තය මලයාලම් ෆිලුමකින් රසවත් කරගන්න ආරාධනා කරමින් මම නිහඬ වෙන්නම්.තවත් ෆිලුමකින් හමුවෙමු.එතෙක් ඔබට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Proper HDRIP | x264 | ESub | 700MB |

Direct Download

| Proper HDRIP | x264 | ESub | 200MB | 

| Proper HDRIP | x264 | ESub | 425MB | 

| Proper HDRIP | x264 | Esub | 600MB | 

| Proper HDRIP | x264 | Esub | 670MB | 

| Proper HDRIP | x264 | 720p | 912MB | 

| Proper HDRIP | x264 | 720p | 1.4GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!