Broken But Beautiful [S01 : E07 & E08] | සිත් රවටන ප්‍රේම රංගනේ (18+)

ඔහු!
අදටත් විඳවනවා..
අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා.
අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්!
දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට. 
ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන
පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා,
රැයක් ගත කරලා, එහෙමම එලවලා දානවා
සම්බන්ධකමක උපරිම කාලය, වරුවයි!
හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින්
ඇය!
අදටත් ඇය දන්නෑ ඔහු ඇයව අතෑරලා ගියේ ඇයිද කියලා.
ඒ ගිහිනුත් කිසිම වගක් නෑ වගේ වෙන කෙනෙක් එක්ක ඉන්න අපූරුව!
ඒත් ඇය දැනටත් ඔහු පස්සෙන් යනවා අපහාස විඳ විඳ.
අවුරුද්දක් ගත වෙලා
අද ඇයගෙ උපන්දිනේ.
ගිය අවුරුද්ද වගේ නෙමෙ, මේ අවුරුද්දෙ ඇය තනියෙන්.
හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින්
දෛවය!
දවසක් ඔහුවයි ඇයවයි මුණගස්සනවා. 
ඒ ඇයි?
ඊට පස්සෙ මොකෝ වෙන්නෙ?
පුරා කොටස් 11 ඔස්සේ දිගහැරෙන මේ කතන්දරේ
Broken But Beautiful!
කලින් කොටසින්:
සමීරා එක්ක නයි වෛරෙන් හිටියට වීර්ට එදා රෑම සමීරාට කෝල් කරන්න සිද්ධ වුණා. ඒ අනපේක්ෂිත විදිහට කඩාපාත් වෙච්ච මරාලයක් හින්දා. වීර් නිතරම ගෙදෙට්ට කෙල්ලෝ ගෙන්නගන්න නිසා අහල පහල අය මෙතන ගණිකා ජාවාරමක් වෙනවයි කියලා පොලිසිය ගෙන්නලා තිබ්බා. ඒ චෝදනාවෙන් ගැලවෙන්න හිතන් උදව් ඉල්ලන්න වීර් කාර්තික්ට කෝල් කරත්, ෆෝන් එක වැඩ නෑ. ඉතින් කරන්න දෙයක් නැතිකමට සමීරාට ගත්තා. සමීරා සහ පිරිස ඒ වෙලේ මලක් ගගහා නෙව හිටියේ, ඒපිටම ඇවිල්ලා එතන හෙන නාඩගමක් නැටුවා මතකයිනේ. කොහොමහරි අහලපහල අයගේ වැරදි වැටහීම දුරු කරලා පොලිසියවත් යවන්න කෙල්ලෝ ටික කටයුතු කරා. ඒ අස්සෙම නැතිවෙලා හිටිය කර්මාත් හම්බවුණා. කතාව තව දිග්ගස්සන්නේ නැතුව සමීරා ඔය අස්සේ වීර්ට කිව්වා ඔප්පු ටික අත්සන් කරලා දෙන්නම් කියලා. අන්තිමේදී දෙන්නාට දෙන්නා ගැන පොඩි පහන් හැගීමක් දැනුනා දැනුනා වගේ.
ඔප්පුව අත්සන් කරද්දී වීර් සමීරාට අවසන් උදව්ව වශයෙන් කාර්තික්ව මුණගස්සන්නම් කියලා පොරොන්දු වුණා. එහෙමයි කියලා දෙන්නම බාර් එකට ගියානේ කාර්තික්ව හම්බෙන්න. වීර්වයි සමීරාවයි එකට ඉන්නවා දැක්කම කාර්තික්ටත් මොකක්දෝ වගේ උනා දකින්න ඇතිනේ. කොහොමහරි සමීරා එදත් එතනින් පිටත් වුණේ හිත රිද්දගෙන. කාර්තික් එක්ක කතා කරන්න ඇවිත් ඒ වැඩේ කරගන්න උනෙත් නෑ. අවසානෙදි වීර් සමීරාව පරණ ගෙදරට එක්ක ගිහින් අලීනාගේ උපන්දිනේ සැමරුවා. සමීරාටත් මේක අලුත්ම අත්දැකීමක් උනා.
ඔය අතරේ කාර්තික්ගේ කල්පනාව තිබ්බේ වීර් සහ සමීරා සෙට් වෙලාදෝ කියලයි. හැමදේම සැකහැර දැනගන්න කාර්තික් සමීරාට එන්න කිව්වා ගෙදෙට්ට හම්බවෙන්න. සමීරා ආයේ බලාපොරොත්තු කන්දක් පොදී බැඳගෙන ගියා. ඔහේ කතාවක් දාගෙන ඉන්න අතරේ එතනට අනන්‍යා ආවානේ. බයවෙච්ච කාර්තික් සමීරාව අල්මාරියට දාලා අගුලු දැම්මා. අනන්‍යා ආවේ කාර්තික්ව ෆිල්ම් එකක් බලන්න එක්ක යන්න, සමීරාව එලියට ගන්න ඉඩක් නොතියාම කාර්තික්ට අනන්‍යා එක්ක එලියට යන්න වුණා. අලීනාගේ උපන්දින දවසේ වීර් අවුලෙන් හිටියේ. ෆෝන් එකත් ඕෆ් කරලා නිදි පෙති කීපයකුත් ගහලා නිදාගන්න හැදුවට නින්ද නම් නෑ ආවේ. ඔය අස්සේ ආදිල් ආවනේ වීර්ගේ සද්දයක් නැත්තේ ඇයි බලන්න. මිනිහගේ පෙරැත්තය පිට වීර් ෆෝන් එක ඔන් කරගත්තා. ඔය අතරෙයි කාර්තික්ගේ වොයිස්මේලුයි මිස්ඩ් කෝලුයි වීර් දැක්කේ. සමීරා අල්මාරිය අස්සේ හිර වෙලාය, පුළුවන් ඉක්මනට ගිහින් එයාව එලියට ගන්න කියලා කාර්තික් ආයාචනා කරලා තිබ්බා. වීර්ට එතකොටම මතක් වුණා සමීරාට ක්ලවුස්ටර්ෆෝබියාව නේද කියලා. පුළුවන් ඉක්මනට වීර් කාර්තික්ගේ ගෙදර ගිහින් සමීරාව එලියට ගත්තා. හැබැයි ඒ වෙද්දී සමීරා…
අද එතැන් සිට….

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 2.5GB | Complete S01  |  

Direct Download   

| WEBRip | x264 | 720p | 211MB | E07 |     

   

| WEBRip x264 | 720p | 210MB | E08 |     

| WEBRip x264 | 720p | 2.5GB | Complete S01 |     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Broken But Beautiful [S01 : E07 & E08] | සිත් රවටන ප්‍රේම රංගනේ (18+)

  • March 16, 2019 at 6:40 am
    Permalink

    Ko bn meke ithuru episode

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!