Pithamagan (2003) | නපුරු සොහොන්පල්ලා

2003 ඔක්තෝබර් 24 වන තිරයට ආ මෙය නාට්‍යමය හා අපරාධ ඝණයට වර්ගකර, පැය දෙකයි විනාඩි තිස් අටක් තිරයේ දිග හැරෙන මේ ෆිලුම IMDb මීටරය 8.4 කරකවන්න සමත්වෙලා තියෙනවා.

මේ මම සබ් කරන තුන්වන ෆිලුමයි හැබැයි එ ඔක්කෝම දමිළ පැරණි සිනමාවන්. දමිළ සිනමාවට කැමති රසිකයන්ට මග හැරුණු ඉතාමත් වටිනා පැරණි සිනමාවන් තෝරගෙන සිංහල සබ් කරන්න ඕන කියල හිතුන නිසා මීට පෙර මොලි හා නායකන් ෆිලුම් දෙකම සබ් කරා. එහිදී ලොකු ඉල්ලුමක් තිබුනා පිතා මගන් සදහා. ඒ නිසා මම මේ පාර තොරගත්තේ පිතාමගන් ෆිලුමයි.

මෙහි ප්‍රධාන චරිතය සදහා දමිළ සිනමාවේ කවුරුත් හොදින් දන්නා ප්‍රියකරන “චියාන්” වික්‍රම් හා සූර්යාගේ විශිෂ්ට රංගනයෙන් හා සේදු, නන්දා හා පරදේශි වැනි විශිෂ්ට නිර්මාණයන් ලබාදුන් බාලාගේ අධ්‍යක්ෂණයෙන් බිහිවු අතිවිශිෂ්ට යයි කිව හැකි සම්මාන 9ක් ම දිනාගැනීමට සමත් වු සලරුවක් මේක.. මේ ෆිලුමේ පවතින්නේ රංගන තරගයක් දෝ සිතන තරමට ප්‍රධාන චරිත කිහිපය එකිනෙකා පරයා තම කුසලතාවයන් එලිදැක්වීම නිමිත්තෙන් ෆිල්ම් ෆෙයාර් වෙතින් හොදම නලුවා (වික්‍රම් ) හොදම නිළිය(ලයිලා) හොදම සහය නලුවා (සූර්යා) හොදම සහය නිළිය ( සංගීතා) ලෙස ප්‍රධාන චරිත හතරටම සම්මානයෙන් පිදුම් ලැබු අතරම හොදම චිත්‍රපටය ලෙසද හොදම අධ්‍යක්ෂක ලෙස බාලාද සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම ඉන්දිය සිනමා ලොකයේ කලාකරුවෙකුට ලබා හැකි ඉහලම ගෞරවය හා සම්මානය වන National Film Award එක 2003 වසර හොදම නලුවාට පිරිනමනSilver Lotus Award එක වික්‍රම් විසින් දිනා ගන්නා ලදි. මෙය දමිළ සිනමාවට හොදම නලුවා සදහාNational Film Award එක ලැබුණු තුන්වෙනියා ලෙස වික්‍රම් පත්විය. මීට පෙර ලබාගෙන තිබුනේ එම්.ජී.ආර් සහ කමලහසන් (තුන්වරක්ම) විසිනි. එමෙන්ම තමිල්නාඩු රජය විසින් පිරිනමනු ලබනTamil Nadu State Film Awards හී හොදම නලුවා (වික්‍රම් ) හොදම නිළිය (ලයිලා ) හොදම සහය නිළිය ( සංගීතා) යන සම්මානයන් ලබා ගන්නා ලදි. සූර්යා ට ජාතික සම්මානය හිමිවූවත් ප්‍රාන්ත සම්මානය අහිමිවිය.

මේ සිනමාවේ කතා තේමාව වී තියෙන්නේ ජයකාන්තන්ගේ Nandhavanathil Oru Andi කියන කතාවේ සොහෝන් පල්ලෙකුගේ චරිතාපදානයයි. චිත්තන් (වික්‍රම් ) කියන මේ සොහෝන් පල්ලාගේ දුක්බර කටුක ආදරයක් අනුකම්පාවක් නොලැබු ජීවිතයට මවක්මෙන් , පියෙක්මෙන්, සොහෝයුරෙකුමෙන් ශක්ති ( සූර්යා ) ගෙන් ලැබෙනාඅදරය රැකවරණය හමුවේ චිත්තන්ගේ ජීවිතය වෙනස්වෙන ආකාරය. චිත්තන් හා ශක්ති අතර තිබෙනා බැදීම් කොතරම් ගැඹරු බැදීමක්ද යන මනාව විදහා පාන මේ සිනමාව ඉලයරාජාගේ මියුරු සංගීතයෙන් තවත් ඔප දමා ඇත. එයිනුත් මධූ බාලක්‍රිෂ්ණන් විසින් ගයන” පිරයේ පිරයේ” හා ශ්‍රීරාම් විසින් ගයන “ඉලංකාට්ටෘ වීසුදේ “යන ගීතයන් දෙක සිය දහස් වාරයක් ඇසුවත් සිතට දෙනෙන සහනය කියා නිමකල නොහැක. චිත්තන් ගමේ සොහෝන බලාගන්න ඉන්න කෙනා. චිත්තන් ඉපදුනේ හැදුනේ වැඩුනේ මේ සොහෝන් බිමේමයි. ඒ එයාගෙ අම්මා මේ සොහොන්බිමේ චිත්තන්ට ජීවය දී ලොව හැරයමත් සමගමයි. ඔහුව හදාගන්නා එවක සොහෝන්පල්ලාද චිත්තන් ලමාකාලයේදීම ලොවෙන් සමුගන්නවා. කුඩා චිත්තන් සොහොන්බිමේ වැඩභාරගන්නා අතර ඔහුගේ ජීවිතය ගෙවී යන්නේ මේ සොහොන්බිම සීමාවීමෙනි. තරුණයෙක් වු චිත්තන්ගේ ජිවිතය සොහොන්බිමේ ආදායමෙන් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔහුට තම කුසගින්න නිවාගැනීමට ගමට යන්නට සිද්ධ වෙනවා. ගම චිත්තන්ට හුරු නැති නිසා ඔහුට එහි ජීවන රටාව නොදන්නා නිසාත් කරදර, අඩ දබර වලට පැටලෙන අතර එහිදී ගෝමති ( සංගීතා) විසින් මොහුබේරාගෙන ගංජා වත්තක වැඩක් ලබා දෙනවා. මෙහි ගංජා වැවිම හා ප්‍රවහනය ඉතා රහසිගතව සිදුවන අතර. මේ රැකියාව ලැබීමත් සමගම චිත්තන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස්වෙන්න ගන්නවා.

මේ ෆිලුමේ සාර්ථකත්වය උඩ මෙය 2007 දී කන්නඩ භාෂාවෙන් උපේන්ද්‍ර හා දර්ශන්ගේ රංගනයෙන්Anatharu ලෙස නිරමාණය විය. මෙහි සාර්ථකත්වය මතම හින්දි භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කිරීම සදහා බාලාගේම සේදු නිර්මාණය කල සතිස් කෞෂික් විසින්ම අයිතිය ලබා ගත් අතර ඒ සදහා සේදු හින්දි යේ (තෙරේ නාම්) රගපෑ සල්මන් ඛාන්වම තෝරාගැනීමට තැත්කල අතර කුමන හෝ හේතුවක් මත එය නොකෙරිණි. චිත්තන් නොහෝත් වික්‍රම් ගේ ජීවිත කාලයටම බැලිය හැකි හොදම රංගනය මෙහිදී බලාගන්න ඔයාලට පුලුවන් වෙනවා අනිවාර්යයෙන්ම ඒ වගේම අනෙක් සියලුම ප්‍රධාන හා උප චරිතයන් සියල්ලම විශිෂ්ට අන්දමින් යොදවාගනිමින් සියලු පාලනයන් තමන්වෙත ගෙන ඉතා සාර්තක සිනමාවක් දමිළ රසිකයන් වෙත ගෙන ඒමට බාලා සමත් වෙලා තියෙනව.

ඔබ දමිළ සිනමා රසිකයෙක්ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නොවේ මෙවෙනි උසස් නිරමාණයක් රස විදින්න. සිනමා රසිකයෙක් වන සෑම කෙනෙක්ම රස විදිය හැකි සිනමා සිත්තමක් ලෙස මෙම පිතාමගන් සිනමා සිත්තම හැදින්විය හැක.

සම්මානයන්.

  • National Film Awards 2003
  • Won – Silver Lotus Award for Best Actor – Vikram
  • Filmfare Awards South
  • Won – Filmfare Best Film Award (Tamil)
  • Won – Filmfare Best Director Award – Bala
  • Won – Filmfare Best Actor – Vikram
  • Won – Filmfare Best Actress – Laila
  • Won – Filmfare Best Supporting Actor Award – Suriya
  • Won – Filmfare Best Supporting Actress Award Sangeetha
  • Tamil Nadu State Film Awards
  • Won – Best Actor – Vikram
  • Won – Best Actress – Laila
  • Won – Best Supporting Actress – Sangeetha

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | ESub | 712MB | 

Direct Download

| DVDRip | x264 | ESub | 712MB | 

| DVDRip | x264 | 720p | 1.3GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Pithamagan (2003) | නපුරු සොහොන්පල්ලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!