The Possession of Hannah Grace (2018) | හැනා ග්‍රේස්ගේ ආවේශය.

මේ වෙනකොට සිංහල උපසිරසි 237ක් කරල තියනව, මේ උපසිරසියත් එක්කම. ඒ 237 ඇතුලේ හොල්මන් සම්බන්ධ ෆිල්ම් දෙකයි තියෙන්නේ. පලවෙනි එක තමා Shutter 2004, දෙවැනි එක මේක. පලවෙනි එක නම් දුන්නේ සෑහෙන්න හිතට සෙට් උන හොරර් ෆිල්ම් එකක් වෙච්ච නිසා. සාමාන්‍යයෙන් මට හොරර් ෆිල්ම් සෙට් වෙන්නේ නැහැ. හැම ජාතියකම ෆිල්ම් බලන මම හොරර් ෆිල්ම් නොබැලෙනම තරම්. ඉතිං පලවෙනි එක නම් හිතට සෙට් උන නිසා දුන්නට මේක නම් දෙන්නේ හොරර් ෆිල්ම් රසිකයින් වෙනුවෙන් සහ සබ් කවුන්ට් එක ඉක්මනට 250 කරගන්න 😛 ඒ නිසාවෙන් මේක ඔන්න හොරර් රසිකයින්ට අල්ලලා යාවි ලෙසටම.

මේ ෆිල්ම් එක ඇවිල්ලා imdb 5.1ක අගයක් අරගත්ත, ඩොලර් මිලියන 6–9.5ක වගේ බජට් එකක් දරල නිර්මාණය කරපු, ඩොලර් මිලියන 40ක විතර ආදායමක් ලබා දුන්න සාමාන්‍ය මට්ටමෙන් ආදායම් අතින් සාර්ථක වෙච්ච ෆිල්ම් එකක්. බෙදාහැරිම සෝනි පික්චර්ස්ල විසින් සිදුකලේ. අධ්‍යක්ෂණය Diederik Van Rooijen. රංගනයෙන් Shay Mitchell, Grey Damon, Kirby Johnson, වැනි පිරිසක් මුලික වශයෙන් දායක වෙනවා.

හැනා ග්‍රේස් කියන්නේ අමනුෂ්‍ය ආත්මයක් ආවේශ වෙච්ච තරුණ ගැහැණු ළමයෙක්. අන්තිමේ කරකියාගන්න දෙයක් නැතිකමට තාත්ත විසින් තමන්ගේ දුවව, ඒ කියන්නේ හැනාව හුස්ම හිරකරලා මරනව. ඒ කතාව එතනින් ඉවරයි. මෙගන් කියන්නේ කලින් පොලිසියේ වැඩ කරපු, එතන වෙච්ච අවුලක් නිසා දැන් එතනින් අයින් වෙලා ඉන්න තරුණියක්. එයාගේ යාලුවෙක් හරහා එයාට මෝචරියක රාත්‍රී වැඩ මුරය කරන්න රස්සාවක් ලැබෙනවා. එහි රාත්‍රී වැඩ බාරකාර සහයක හැටියට. ඉතිං හැනාගේ මිනිය අරගෙන එන්නේ මේ මෝචරියට. එතැනදී තමා වැඩේ පටන් ගන්නේ ඉතිං..

ප.ලි : ස්පොයිලර් කිරීමක් නෙමේ මේක, මේකේදී හැනාගේ අමනුෂ්‍ය ආත්මය මෙගන්ට මොකුත් කරන්නේ නැහැ. ඒකට හේතු වෙන්නේ හැනාට අරක්ගෙන ඉන්න අමනුෂ්‍ය ආත්මයට මෙගන්ගේ ආත්මය කැපකිරීමක් සිද්දවෙන නිසා අහම්බෙන් වෙන අනතුරකින්. ලේ බිංදුවක් වැටිලා. විහිළුවක් වගේ වෙයි මේ කාරණේ කිව්වේ නැත්නම්.ඒකයි කිව්වේ ඔන්න. හොරර් බලන අය දන්නවා ඇතිනේ මට වඩා හොදට ඒ වගේ සිද්දි ගැන. එහෙනම් සුපිරියකින් ආයේ හම්බවෙමු ඉක්මනටම..


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | 720p | x264 | 750MB 

Direct Download

| BluRay | 720p | x264 | 400MB |

| BluRay | 720p | x264 | 750MB |

| BluRay | 1080p | x264 | 1.4GB |

| BluRay | 720p | x265| 540MB | HEVC | 10Bit

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!