කිංග්ඩම් [S01 : E01] | රාජ කාලේ සොම්බීන්ගේ ආගමනය..

සුභ දවසක් වේවා…! ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ සැරේ අරන් ආවේ තවත් සුපිරිම TV Series එකක්. මේකත් සුපුරුදු පරිදි NETFLIX ඔරිජිනල් සීරීස් එකක්. 2019 ජනවාරි 25 වෙනිද නෙට්ෆ්ලික්ස් සමාගම කොරියාවෙත් ලොකුම ලොකු බෝම්බයක් පත්තු කලා. ඒ බෝම්බේ තමා KINGDOM ටීවී සිරීස් එක. The Walking Dead සිරීස් එකට කණෙ පාරක් ගහන්න මේ සිරීස් එකට පුළුවන් කම ලැබිලා තියෙන්නේ අපි කවුරුත් දන්න සොම්බීන්ලව රජකාලෙට ගිනිහිල්ලා. වෙනම රසයක් ආකර්ෂණයක් කුතුහලයක් බියක් ලබාදෙන්න මේ සිරීස් එක ගත්ත උත්සහය ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා මේ වෙනකොට. කවුරුත් ආස අසිපත් සටන් වගේම හුගක් ත්‍රාසජනක සටන් ජවනිකා මෙහි අන්තර්ගතයි.

IDMb දර්ශකයේ 4500+ අධික මනාප ගණනකින් 8.4 අගයක් මේ වෙනකොට ලබා ගෙන තියෙනවා.Action, thriller, Horror කියන Categories වලට අයත් වෙන මේ සිරීස් එක සාම්ප්‍රධායික කොරියන් කතා සෛලියෙන් ඔබ්බට ගිහිල්ලා නියම කතාවක් ගොඩ නගලා තියෙනවා. ආයේ කියන්න දෙයක් නෑ නේ නෙට්ෆ්ලික් කොහේද එතන සුපිරියක් තමා. පලවෙනි කතා සමය එන්නත් කලින්ම දෙවැනි කතා සමයට සිරීස් එක දික් කලා. මේ පලවෙනි කතා මාලාට හැකි ඉක්මනින් උපසිරැසි රැගෙන එන්නම මමත් තව සහෝදර උපසිරැසි කරුවන් කිහිපදෙනෙකුත් එකතු වෙලා ඉන්නවා. කතාව ගැන ලොකු දෙයක් කිව්වේ නෑ. මේ කිව්ව ටික ඇති වෙයි කියලා හිතනවා පොඩි අදහසක් ගන්න, දෙවැනි කොටසින් එහෙනම් මම ටිකක් ලොකු විස්තරයක් අරගෙන එන්න බලන්නම්. මතක තියාගන්න මේක බලන්නම ඕන සිරීස් එකක්. මගඇරගන්න එහෙම එපා. ඔබටයි පාඩුව.

එහෙනම් ගිහින් එන්නම්. දෙවැනි කොටස හෙළිලි අක්කා අරගෙන එයි. ජය වේවා…!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 2.5GB | Complete S01 

Direct Download   

|  WEB | x264 | 720p | 474MB |

|  WEB | x265 | 720p | 247MB |

|  WEB | x264 | 720p | 2.5GB | Complete S01

|  WEB | x265 | 720p | 1.6GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “කිංග්ඩම් [S01 : E01] | රාජ කාලේ සොම්බීන්ගේ ආගමනය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!