Joseph (2018) | අභීත පොලිස් නිලධාරියා

විටක ඔහු ආදරනීය පියෙක්,
විටක ඔහු ආදරනීය ස්වාමිපුරුෂයෙක්,
විටක ඔහු බුද්ධිමත් පොලිස් නිලධාරියෙක්,
විටක ඔහු බේබදු විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්,
විටක ආදරවන්තයෙක්,
විටක සියල්ල අහිමි වූ අසරණ පුද්ගලයෙක්,
විටක ඔහු නිර්භීත පුරවැසියෙක්,
මේ ඔහුගේ කතාවයි,

ටික කාලෙකට පස්සෙ වෙනසකටත් එක්ක කියල මලයාලම් චිත්‍රපටයකට සබ් කරන්න හිතුව. IMDbඅගය 8.5ක ඉහල අගයකට කරකවපු මේ මලයාලම් සලුරුව නිකුත් වුනේ 2018 වසරෙ නොවැම්බර් 16 වෙනිද. මේ තරම් ඉහල මලයාලම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනෙ බොරු ආටෝප නැති, ඉගිලෙන ෆයිට් නැති, ලස්සන ආදර කතා නැති යථාර්ථවාදී කතාවක් චිත්‍රපටය තුල අන්තර්ගත වීම නිසයි. Drama/Thriller  වශයෙන් කාණඩ කරනු ලැබූ මෙම සලුරුව අධ්‍යක්ෂනය කරන්නෙ M. Padmakumar කියන අධ්‍යක්ෂක වරය විසින්.

ඔහුගේ නාමයෙන් මාව ඔහුගෙ
ධාර්මිකතාවයේ මරගයේ රැගෙන යනව.
මරණයන්ගේ සෙවනැලි ඇති නිම්නය
තුලින් පියනගන විටත්,
ඔබ මා සමග සිටින නිසා, මම
යක්ෂයන්ට බියවන්නෙ නැහැ.
ඔබ මගේ හතුරන් අභියස මට
මේසයක් පිලියෙල කරත්.
ඔබගේ යෂ්ටිය,
එය මට සැනසිල්ලක්.

මේ කතාව නම් බාගෙට විස්තර කරල අච්චාරුවක් කර ගන්නවට වැඩිය සම්පූර්ණ ත්‍රාසය සහිතව කතාව බලල රසවිදින එක හොදම ක්‍රමය කියල තමයි මගේ නම් මතය. ඉතින් ඒක නිසා මම කතාව ගැන විස්තර කරන්න යන්නෙ නැහැ. බාගෙට බලල නවත්තන්න එපා. ඒක ඔයාල කරනගන්න ලොකු පාඩුවක්. සමහර අයට අවසාන ටික හිතට අල්ලන්න පුලුවන්, සමහරුන්ට මුලදිම හිතට අල්ලන්න පුලුවන්. ලයින් ටිකක් එහෙට මෙහෙට වෙලා තියන, ලයින් අඩු සබ් එකක් තමයි පරිවර්තනය කරන්න ලැබුනෙ, පොඩි පොඩි අඩුපාඩු ඇති ඒව වැඩිය ගනන් ගන්න එපා. පුලුවන් විදිහට සින්දු වලටත් සබ් දීල තියෙන්නෙ. ලස්සන සින්දු ටිකක් තියෙනව. එහෙම නම් හැමෝටම සලුරුව රසවිදින්න කියල ආරධනා කරමින් මම සමු ගන්නවා.

ඔබ සැමට බයිස්කෝප් පිහිටයි!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HQ DVDRip | x264 | Org | 700MB |

Direct Download

| HQ DVDRip | x264 | Org | 250MB | 

| HQ DVDRip | x264 | Org | 400MB | 

| HQ DVDRip | x264 | Org | 700MB | 

| HQ DVDRip | x264 | 720p | 1.4GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!