Viswasam (2019) | මගේ කතාවේ දුෂ්ඨයා මමමයි… Proper HDRip

දෙමව්පියෝ ගත්තම විවිධ විදියේ දෙමව්පියෝ ඉන්නවා ඒ අයගෙන් තමන් ආසා කරනා දේවල් වලට දරුවන්ව යොමු කරන පිරිසකුත් ඉන්නවා තවත් දෙමව්පියෝ තමන්ගේ ඉලක්කයන් තම දරුවන් ලවා සපුරාගන්නත් යනවා.! කොටින්ම කියනව නම් තමන්වගේම දිනන්න ඕන කියන දේ පොඩි කාලේ ඉඳන්ම දරුවන්ගේ මනසට කාවද්දන අයත් ඉන්නවා.! මේ තත්වය අද සමාජේ ‍බොහෝ ලෙසින් දකින්නට ලැබෙන කාරණාවක්.!

මම එහෙම කියපුවම ඔබට හිතෙන්න පුලුවන් එහෙනම් අපි මොකක්ද කරන්න ඕන..? කොහොමද දරුවෝ හදන්න කියන්නේ..? ඔන්න ඔය වගේ අදහස් එක්කම ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.!

මෙහෙමයි දරුවන්ව දරුවො විදියට හදලා දරුවන්ගේ සිතුම් පැතුම් අරමුණු මොනවද කියලා දෙමාපියන් විදියට තේරුම් අරගෙන කටයුතු කරොත් කිසිම විදියක පසුකාලීනව හෝ වර්තමානයේදි දරුවන් හැදුවැදු අය විදියට දොසක් නම් එන එකක් නෑ. ඇතැම් දරුවොන්ට ඇතැම් දෙමව්පියෝ කියනවා තාත්තා මෙහෙම දේවල් කරලා තියෙනව නම් ඇයි ඔයාට බැරි අම්මා මේවගේ තත්වෙක ඉන්නේ අරම කරපු නිසා මෙන්න මේ වගේ දේවල් කියලා හැම දරුවම හදන්න බෑ කියන එක දෙමව්පියෝ තේරුම් ගන්න ඕන කොටින්ම කියනව නම් තමන්මේ පටවන බර දරුවට දරාගන්න පුලුවන්ද කියලා බලන්න ඕන. එහෙම බලලා දරුවන්ගේ හැකියාවන් බුද්ධි මට්ටම් බලලා ඒවා ක්‍රමාණුකූලව වැඩි දියුනු කරලා ඒගොල්ලන්ට දරාගන්න පුලුවන් දේ විතරක් දරුවන්ට කරන්න කියන්න ඕන. කිසිම විටකවත් දරුවෙකුට මට මේ දේ කරගන්න බැරිවුනා ගෙදර අම්මා මොනව කියයිද.? තාත්තා මොනව කරයිද..? ගහයිද.? බනියිද..? අන්න ඒ තත්වේ නම් දරුවන්ට උදාකරන්න නම් එපා මොකද එතකොට ඒ දේවල් මඟ අරින්න දරුවෝ වෙන වෙන ක්‍රම හොයාගනිවි ඒ ක්‍රම වලින් වෙන කිසිකෙනෙකුට නොපෙනෙන අනිසි ප්‍රථිවිපාක ඔබටත් විඳින්න වෙයි කියන එක ඔබ සැමට මතක් කර සිටින්න කැමතියි..!

දෙදාස් දහනවය අවුරුද්දේ ජනවාරි මාසේ දහවෙනිදා දමිළ සිනමා ලෝලින්ට මෙන්ම තල ගේ එහෙමත් නැත්තන් අජිත් කුමාර් යන රංධරයාගේ රසිකයින්ට විශේෂ දවසක් ඒ බහුතරයක් දමිළ රසික රසිකාවියන්ද තිරගතවෙනකන් මඟ බලා සිටි තල අජිත්ගේ ගේ Viswasam 2019 සිනමා නිර්මාණය තිරගතකල දවස නිසාවෙන්.! මේ සමඟම දමිළ සිනමාවේ එදාමෙදා තුර දැවැන්තයෙක් වන සූපර් ස්ටාර් රජිණි කාන්ත්ගේ Petta 2019 චිත්‍රපටයද මේ දිනයේදීම තිරගතවුනා.! ඉතින් තරමක අවදානමක් වගේම අභියෝගයක් නිෂ්පාදන කටයුතු පැත්තෙන් එහෙම බලද්දි..! ඒත් පෙනි යන ආකාරයට කිසිඳු අවදානමකට ලක්වුනේ නම් නැතිතරම් මොකද චිත්‍රපට දෙකම ආදායම් අතින් කිසිවිටකවත් පසුබෑමකට ලක්වුනේ නෑ. එසෙනම් මා හට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා බැඳි සිටින රසිකරසිකාවියන් හට imdbහි මේ ලිපිය ලියනා මොහොත වන විට චන්ද 3486 කින් 7.2/10 අගයක් සටහන් කල සිනමා සිත්තමක් ඉදිරිපත් කිරිමට අවසරයි.!

චිත්‍රපටය අධ්‍යක්ෂණය – Siva .
කතාව – Siva සමඟින් Aadhi Narayan.
රංගනය -Ajith Kumar,Nayanthara.
සංගීතය – D. Imman.
ආදායම් විස්තරය – සෑම අතින්ම අතිශය සාර්ථකවු චිත්‍රපටයකි.!

Ajith Kumar කියන්නේ කවුද කියලා දමිළ සිනමා රසිකයින්ට අමුතුවෙන් මා මතක් කලයුතු නෑ මන්ද ඔහු ගැන ‍නොදන්නා ‍කෙනෙක් නැතිතරම් එදා මෙදා තුර ඔහුගේ චිත්‍රපට අතරින් තවත් අනර්ඝතම සලරුවක් ලෙස Viswasam 2019 හඳුන්වන්න පුලුවන් ඔහුටම අවේනික රංඟන ශෛයිලය, ඔහුගේ නර්තන විලාසිතාව,ක්‍රියාදාමයන් ඒවගේම හැඟීම්බර දුක්මුසු තැන් වලදි ඔහු විසින් ඉදිරිපත් කරනා කිසිවකුටත් සමකල නොහැකි භාව ප්‍රකාශනය ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා හැමදේකින්ම සමන්විත Viswasam 2019 චිත්‍රපටය ඉතාමත් තාත්වික රංගනයක් සිදුකර අවසානයේ තම ප්‍රේක්ෂකයන්ගේ දෙනුවනට කඳුලක් පවා උපද්දවන ආකාරයේ රංඟනයක් ඉදිරිපත් කරන Ajith Kumar කිසිම විටක තමන්ගේ රසිකයින්ට අසාධාරණයක් සිදු කර නොමැති බව වඟකීමෙන් යුතුව ප්‍රකාශ කල හැක්කක්..! ඉතින් ඒවගේම තවත් කෙනෙක් ගැන මා මතක් කරන්න කැමතියි ඒ තමයි Nayanthara මා දන්නා ආකාරයට තමන්ට ලැබෙන ඕනම චරිතයක් කිසිම අපහසුතාවයකින් ත‍ොරව රඟපෑමට දක්ෂ නිලියක් ඒ වගේම මා ඔබට මතක් කර සිටින්න කැමති සාම්ප්‍රදායික පෙම්වතියගේ චරිතය නැත්නම් වානිජ චිත්‍රපට වලට පොදු ප්‍රධාන නිලියට හොබවන චරිතයන්ට වඩා පසුගිය වසරේ තිරගතවුන Imaikkaa Nodigal 2018 චිත්‍රපටය බලපු අයට මැයගේ ප්‍රතිභාපූර්ණ රංඟනය ගැන අමුතුවෙන් කිවයුතු නෑ. තවද ඇය මීට පෙර Ajith Kumar සමඟම ප්‍රදාන චරිත රඟපෑ Aegan 2008 , Arrambam 2013 යන චිත්‍රපට ගැනත් ඔබට මතක ඇති Thirunaal 2016 චිත්‍රපටයේ ඇයගේ රංගන රටාවෙන් සම්පූර්ණයෙන්ම මිදි කල ඒ රංඟනයේදි ඇය මේ රඟපානව දෝ යන සැකය ඔබටත් ඇතිව තිබු බව සහතිකයි..!

ඉතින් මෑතකදි අජිත්කුමාර් ගේ චිත්‍රපට වල අපි දැක්ක දෙයක් තමයි ඔහු තමන්ගේ සැබෑ වයස සඟවන ආකාරයේ මූලික තේමාවක් තියෙන චරිතයන් රඟපෑවේ නැති බව ඒ කතාව මම වගේ දමිළ සිනමා මෙන්න අජිත් කුමාර්ගේ රසිකයින් වන ඔබ සියලු දෙනාමත් දන්න කරුණක් වෙන්න ඕන.කොටින්ම කියනව නම් කොන්ඩය කළු කරපු තරුණයකුගේ චරිතයෙන් මිදිලා සාමාන්‍ය ගැමියෙක් විදියට ඒ කිව්වේ කලිසම්‍ කෝට් අඳින්නේ නැති වැඩි ඉඟනීමක් නැති කෙටියෙන්ම කිව්වොත් ඉංග්‍රීසි භාෂා දැනුමවත් නැති ගමේම මනුස්සයෙක් ඉන්න කතාවක් විදියට පටන් ගන්න මේ කතාව මුල ඉඳන් බොහොම ක්‍රියාද්‍රාම පූර්වකව හා හාස්‍ය උත්පාදනය අඩුවක් නැතුව ගලාගෙන යනවා. ‍කෙසේ හෝ චිත්‍රපටයේ මැද භාගය වෙන කොට අධ්‍යක්ෂකවරයා විසින් චිත්‍රපටයක් නිර්මාණය කිරිමේදි බලාපොරොත්තුවන මූලික අභිප්‍රායන්ට හානියක් වෙන්නේ නැතිවෙන්න බොහොම සූක්ෂම ලෙසින් තමන්ගේ යටි අරමුණ, ඒ කිව්වේ සමාජ පණිවිඩය ප්‍රේක්ෂකයාගේ දෙනුවන් වලට කඳුලු බිඳු පවා එකතු කරමින් ඔවුන්ට එය ලබා දීමට සමත්ව තිබෙන බව සිනමා ශාලාවකදි මෙම චිත්‍රපටය නරඹා ඒ අවස්තාවට මුහුණ දුන් කෙනෙකු ලෙස මාහටද වඟකීමෙන් යුතුව කිව හැකි දෙයක්.!

මේ ලිපිය ලියන දැන් වෙලාව 2019.02.08 අළුයම 02.43 යි.! නිදාගන්නත් ඕන.! උදේ 5 ට අවදිවෙන්නත් ඕන.! අද මම සුපුරුදු ලෙසින් චිත්‍රපටයේ කතාව ගැන කියන්න යන්නේ නෑ. මොකද කාල වේලා ගැටලුව වගේම කතාවත් දැන් මම මෙතන කිව්වොත් ප්‍රේක්ෂක ඔබගේ කුතුහලය නැතිව යන නිසා.! එහෙනම් මාහට මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි කිරිමට අවස්ථාව සලසා දුන් අප අඩවියේ සංස්කාරකවරයෙකු වන අශාන් විමුක්ති (විමා) ‍ස‍ොයුරාට ස්තුතිවන්ත වෙමින් මාගේ සහොදර උපසිරැසි කරුවකු වන තාරක නුවන් දිල්හාර මල්ලිටද විශේෂ ස්තුතිය කරන්න කැමතියි ඇතැම් විට මා මෙම චිත්‍රපටය සඳහා හොඳ පිටපතක් පැමිනෙණ අවස්තාවේදි විදුලිබලය,දුරකථන සංඥා නොමැති කැලෑබඳ ප්‍රදේශයක රාජකාරි කරමින් සිටිමට 100% ක්ම ඉඩක් තිබෙනවා.! ඉතින් අසාලිවිමක් විදියට කරපු මේ චිත්‍රපටයට තාරක නුවන් දිල්හාර මල්ලි හොඳ පිටපතක් අන්තර්ජාලයට ආ සැනින් අපේ ආදරණීය බයිස්කෝප් සිංහලෙන් රසිකයින් වෙත රැගෙන ඒමට අවශ්‍යය කටයුතු කරයි.! එසේ නම් Petta 2019 චිත්‍රපටයෙන් නැවතත් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

මට අනුව එකම එක දෙයයි තියෙන්නේ.! වයස අවුරුදු 18 ට අඩු දරුවෙක් සියදිවිනසා ගත්තොත් ඒක සියදිවිනසා ගැනීමක් නෙවෙයි.! 
මිනීමැරුමක්..!
ඒ අපරාදේ කරලා තියෙන්නේ එයාගේ දෙමව්පියොමයි..!

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | Proper | 700MB |

Direct Download

| HDRip | x264 | Proper | 200MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | Proper | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x265 | 720p | 900MB | HEVC |

| HDRip | x265 | 1080p | 1.6GB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Viswasam (2019) | මගේ කතාවේ දුෂ්ඨයා මමමයි… Proper HDRip

  • February 23, 2019 at 13:58
    Permalink

    machan me torrent link eka wada naane..

    Reply
  • February 23, 2019 at 17:45
    Permalink

    480p link eka wada naa machan

    Reply
  • February 26, 2019 at 05:28
    Permalink

    machan me sub eke akuruwala colour eka change karala upload karanam honday wage dila thiyena film eke english sub thiyenawa.. ehema unama awlne dannathi kenekta colour change karagena balanna amaruyne……………..kohoma unath mamanam colour change karagena baluwa…………….lawata wage kandulakuth watuna……….thank you much for sub………………..

    Reply
  • February 26, 2019 at 22:11
    Permalink

    Phone ake download karanna bane 720 1.4GB copy ???

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!