Widows (2018) | වැන්දඹුවන්!!

කට්ටිය හොදින් ඉන්නවද? අදත් ඉතින් ගිය අවුරුද්දේ බාර දුන්න චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි ආවේ. ෆිල්ම් ඒක ආවේ 2018 නොවෙම්බර් වල ඒත් බ්ලුරේ කොපි එකක් අවේ ජනාවාරි අන්තිම වගේ. කොහොම කොහොම හරි මගේ වඩාත් බැලන්ස් කරන සබ් එක ගහල ඉවරකරගන පුළුවන් වුනා.

කතාව ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama/Thriller වර්ගයට. පැය දෙකකුත් විනාඩි අටක ධාවන කාලයක් තියන මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ Steve McQueen. මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 7.1 අගයක් හිමිකරගන්නකොට rotten tomatoes වෙබ් අඩවිය මේ කතාවට 91% අගයක් දීල තියනව. නළුනිලියෝ විදිහටත් ඉන්නේ හුරුපුරුදු කට්ටිය ටිකදෙනෙක් නම් වලින් කියනවා නම් Viola Davis (suicide squad එකේ amanda waller රගපාන කෙනා), Liam Neeson (මෙයා ගැන ඉතින් වෙනම කියන්න ඕන නෑ නේ), Daniel Kaluuya (ඔයාල Get out movieඒක බැලුව නම් මෙයා තමයි එකේ ප්‍රධාන චරිතය කරේ ඒවගේම බ්ලැක් පැන්තර් වලත් හිටිය), Michelle Rodriguez (මෙයා ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ),Elizabeth Debicki එක්ක Colin Farrell කියන සෙට් එක තමයි.

කතාව ගැන බැලුවොත් වෙරෝනිකා රෝලින්ග්ස් කියන්නේ වෘතීය අපරාධ කාරයෙක්ගේ බිරිදක් ඒත් එයාගේ කිසිම සම්බන්දයක් නෑ එයාගේ මහත්තයාගේ අපරාධ කටියුතු වලට. ඔය අතරේ එක වැඩක් අතරතුරේදී වෙරෝනිකාගේ මහත්තයි එයාගේ මුළු කණ්ඩායමයි මැරෙනවා පොලිසියෙන් වෙඩි තියල. එයාල ඉන්න වෑන් එකට වෙඩි තියනකොට වෑන් එක පුපුරණ එක තමයි වෙන්නේ. වෑන් එක පුපුරණ වෙලාවේ වෑන් එක ඇතුලේ ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් සල්ලි වලින් තියනව ඒවත් එක්ක තමයි ඔක්කොම ගිනි අරගෙන විනාශ වෙලා යන්නේ. වෙරෝනිකාගේ මහත්තය හැරී මේක හොරකන් කරන්නේ එයාලගෙම පළාතේ ඉන්න තවලොකු අපරාධකාරයෙක්ගෙන්, කොහොම හරි මම දැන් මේ කිව්ව කෙනා දැනගන්නවා එයාගේ සල්ලි හොරකන් කරන්නේ හැරී කියලා ඉතින් මිනිහට කොහොම හරි පාඩුව පියවගන්න ඕන නිසා එයා යනව වෙරෝනිකාව හම්බවෙන්න. ගිහින් වෙරෝනිකාට තර්ජනය කරලා ණය වෙලා තියන මුදල ගෙවන්න මාසයක කාලයක් දීලා එනව. ඔය වෙලාව වෙනකොට වෙරෝනිකාගේ අතේ මේ තරම් ලොකු මුදලක් නෑ හැබැයි එකපාරටම එයාට හැරීගේ ඊළගට කරන්න තිබ්බ වැඩේ සැලැස්ම හම්බවෙනව. ඩොලර් මිලියන පහක මංකොල්ලයක්!!!

ඔය උඩ කියල තියන සිද්දි ටික ප්‍රධාන කරගෙන තමයි කතාව යන්නේ. ඉතින් වෙරෝනිකා එයාගේ මහත්තයාගේ පාරේ ගිහින් හොරෙක් වේවිද? එයාට වැඩේ කරනව නම් කවුරුහරි උදව් කරාවිද? ඒවා දැනගන්න නම් ඉතින් කතාව බලන්නම වෙනව 😀 එහෙනම් කට්ටිය කතාව බලල හොද නරකත් කියාගෙන කමෙන්ට් එකක් දාලම යන්නකෝ. ආපහු උපසිරසියකින්ම හමුවෙමු 🙂

ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 1GB |

Direct Download   

| WEBRip | x264 | 480p | 300MB |     

   

| WEBRip | x264 | 720P | 1GB |     

| WEBRip | x264 | 1080p | 2GB |

   

| WEBRip | x265 | 720p | 440MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!