Chakram (2005) | දිවි ඇති තුරා හිනැහෙන්න!

අද මම ඔයාලා හමුවට ආවේ තෙළිඟු චිත්‍රපටියක් සමඟින්. අළුත් එකක් නම් නෙවෙයි. ඒත් මේකේ කතාව හුඟක් ලස්සන නිසා මම මේක කරන්න හිතුවා. ඒත් කරන්න පටන් ගත්තාමයි දැක්කේ ටයිම් ලයින් සහ උපසිරැසි ඔක්කොම විශාල අවුල් ජාලයක් කියලා. ඉතින් ඒවා සියල්ල නැවතත් හදන්න වුණ නිසා උපසිරැසිය කරලා ඉවර කරන්න ටිකක් කල් ගත වුණා.

මේක 2005 වර්ෂයේ නිකුත් වුණ චිත්‍රපටියක්. තෙළිඟු රසිකයෝ හොඳින්ම හඳුනනPrabhas තමයි ප්‍රධාන චරිතය වන චක්රම්ගේ චරිතයට ජීවය දෙන්නේ. ඒ සමඟමAsin සහ Charmy Kaur රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම චක්‍රම්ගේ පියා ලෙස රංගන දායකත්වය ලබාදෙන්නේ Prakash Raj. IMDb අගය 6ක් ලැබිලා තියන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Govindudu Andarivadele වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළ Krishna Vamsi අධ්‍යක්ෂකවරයා විසිනුයි.

කතාව පටන් ගන්නේම විවාහ උත්සවයකින්. මනමාලියත් මණ්ඩපයට ඇවිල්ලා. නැකත් වෙලාවත් පහුවෙන්න ළඟයි. ඒත් මනමාලයා තාම නෑ. අන්තිමේදී මනමාලයා එක්ක එන්න යන අයට සිද්ධ වෙන්නේ දොර කඩලා කාමරයට ඇතුළු වෙන්න. හැබැයි ඒත් ඒකේ මනමාලයා නම් නෑ. තියෙන්නේ මනමාලයා විසින් ලියලා ගිය ලියුමක් විතරයි. මනමාලයාගේ තාත්තා ලොකු මැරයෙක්. එයා කට්ටියව යවනවා මනමාලයා කොහේ ගියත් අල්ලගෙන එන්න කියලා. ඇත්තටම මේ මොකක්ද වෙන්නේ. ඒක දැනගන්න නම් ඔයාලට මේක නරඹන්න කියලා මම ආරාධනා කරනවා. මේක ලස්සන සහ සංවේදී කතාවක්. ඒ වගේම බලන්න වටිනා චිත්‍රපටියක් ලෙස නම් කරන්න කැමතියි. තවත් උපසිරැසියකින් හමුවෙමු.

සුභ දවසක්!

 

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

| HDRip | x264 | 1CD | 480MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!