Crazy Rich Asians (2018) | මාන්නක්කාර ආසියාතිකයො!

රොමැන්ටික් කොමඩියක් බලමුද? නිකන් නෙවෙයි තේරෙන සිංහලෙන්ම? ලිපි කියවන්න කම්මැලි කට්ටියකුත් ඉන්නවනේ. ඒ අය වෙනුවෙන් කෙටියෙන්ම මේ ටික කියන්නම්. මේ අපි ගෙනාවේ Crazy rich asians 2018 කියන දැනට iMDb දර්ශකයේ ලකුණු 7 ක් හිමි කරගෙන ඉන්න, Golden globe සම්මාන 2කට නිර්දේශ වුන, ඒ විතරක් නෙවේ තවත් සම්මාන 37 කට නිර්දේශ වුන, සම්මාන 6ක් දිනා ගත්ත සිනමා සිත්තමක්. Romance, comedy කිව්වම අපි බලාපොරොත්තු වෙන දේ දීලා තියන සිනමා සිත්තමක්.

ඉතින් crazy rich asians චිත්‍රපටයේ විනාඩි 120 ගත වෙන්නෙ රේචල් චූ කියන ආර්ථික විද්‍යා මහාචාර්‍යවරිය, තමන්ගෙ පෙම්වතාගේ පවුලේ අය හමුවෙන්න යන ගමනත්, එතනදී රේචල්ට මුහුණ දෙන්න වෙන අනපේක්ෂිත, අපූරු සිදුවීමුත් එක්ක. මේකට ප්‍රධානම හේතුව තමයි රේචල් හීනෙකින්වත් නොහිතූ විදියට නික් ඒ කියන්නෙ රේචල්ගෙ පෙම්වතා පැවත එන්නේ අතිශයෙන්ම සුපිරි (සල්ලි උඩ පීනන්න පුලුවන් තරමට) පෝසත් පවුලකින් වීම. රේචල් ආර්ථික විද්‍යා මහාචාර්‍යවරියක් වුනාට ඒ වගේ සුපිරි පවුලක් එක්ක පෑහෙන එක…? ඒක තමයි බලන්න වටින කතන්දරේ!

Crazy rich asians කියන්නේ ආසියාවේ බලපුළුවන්කාරයෝ ගැන මොනවට පෙන්නුම් කරන චිත්‍රපටයක්. හැබැයි දේශපාලනික විදියට නෙවෙයි. ආසියාව කියන්නෙ චීනය, කොරියාව, සිංගප්පූරුව හෝ ජපානය විතරක් නෙවෙයි. ඒත් ආසියාවේ බලපුළුවන්කාරයෝ කවුද කිව්වොත් ඒ රටවල් තමයි ඉදිරියෙන්ම ඉන්නේ. ඒ අතරිනුත් චීනය කියන්නෙ කොයි තරම් බලවතෙක් ද කියනව නම් නැපෝලියන් බොනපාට් චීනය හඳුන්වලා තියනවා නිදා ගෙන ඉන්න සිංහයෙක් විදියට. නිදා ගෙන ඉන්න සිංහයා ඇහැරව ගත්‍තොත් මොකද වෙන්නෙ කියල තේරෙනව ඇතිනේ..! නික් පැවත එන්නෙත් එහෙව් චීන රටේ නම්බුව, පරම්පරාගත උරුමය ගැන ඉහවහා ගිය අභිමානයකින් ඉන්න පවුලකින්. රේචල් බොහොම දක්ෂ කෙල්ලෙක්, තරුණ වයසෙදිම ආර්ථික විද්‍යා මහාචාර්‍යවරියක් වුනා කිව්වම ඒක පැහැදිලියිනේ. ඉතින් නිදා ගෙන ඉන්න සිංහයා ඇහැරව ගත්ත රේචල්ට සිංහයාගෙ ගොදුරක් වෙන්න වෙයිද? නැත්නම් ඒ සිංහයාව හීලෑ කරගන්න පුලුවන් වෙයිද?

උපසිරැසි ගන්වන වැඩ වලින් ටික කලකට ඈත් වෙලා ඉද්දී රවිදු රුක්ෂාන් මල්ලි තමයි උපසිරැසියේ බාගයක් කරමු කියලා යෝජනාව දැම්මේ. ඒ වගේම මේ චිත්‍රපටයේ එන බයිබල පාඨ සිංහලට පරිවර්තනේ කරලා දුන්නෙ ඉසුරු දිල්ෂාන්. ඉතින් කාලෙකට පස්සෙ අත ගහපු උපසිරැසිය බාගෙන, බලලා ඒ ගැන ඔයාලගෙ වටිනා අදහසුත් අපට කියන්න. එහෙමනම්, නැවත හමුවෙමු.

ආයුබෝවන්!

“Let her sleep, for when China wakes she will shake the world.”
~Napoléon Bonaparte

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 1GB |

Direct Download

| Bluray | x264 | 480p | 450MB |

| Bluray | x264 | 720p | 1GB |

| Bluray | x264 | 1080p | 1.9GB |

| Bluray | x265 | 720p | 750MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Crazy Rich Asians (2018) | මාන්නක්කාර ආසියාතිකයො!

  • February 21, 2019 at 02:39
    Permalink

    Pattama film ekak bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!