Zero (2018) | ආදරය මා අතරමංකොට ඇත!

ඔන්න එහෙනම් පළවෙනි කඩඉමට ආවා. 50 පහු වෙලානම් ඉතින් දැන් ටිකක් කල් වෙනවා. ඒත් නීත්‍යානුකූලව 50 සමරන්නේ ඉතින් දැන් තමා. මමනම් මෙතුවක්කාලෙටම කරලා තියෙන්නේ ඇනිමේටඩ් ඒවා විතරමයි. මේක තමා මම කරපු පළවෙනි හින්දි ෆිල්ම් එක. මේකත් මම නෙවේ බාරගෙන හිටියේ. ආසිරි අයියා තමා බාරගෙන හිටියේ. එයාගෙන් මම මේක ඉල්ලගත්තා ඉතින් 50 වෙනි සබ් එක විදිහට කරන්න.

මම මේ දක්වා කරපු සබ් ටික බැලුවොත්, Young Justise season 1 & season 2, All star superman, Hero of the Year, Shaggy’s Showdown, Subzero, Hulk vs., Shark Bait, Big top scooby doo, The new Frontier, Lego ෆිල්ම් දෙකකුත් කළා. මේ ඔක්කොම ඉතින් කළේ ඕලෙවල් වලට සූදානම් වන අතරෙ. දැන් ඉතින් ඕලෙවල් ලියලා ඉවර නිසා,ගෙදර නිකන් ඉන්න නිසා පොඩි නිදහසක් තියනවා. ඒත් ඉතින් ඒලෙවල් වලට ක්ලාස් යන නිසා ඒ ඉඩත් පොඩ්ඩක් ඇහිරෙනවා. කොහොම වුණත්,මේ ඔක්කොම ඉවසගෙන ඉන්ටර්නෙට් බිල ගෙවන අම්මටයි,තාත්තටයිනම් ස්තූති වෙන්න ඕනෙ. ඒවගේම බයිස්කෝප් එකේ උදව් කරන,හසන්ත අයියා, රොයිලි අයියා, නිර්මාණි අක්කා, ආසිරි අයියා, චාමර අයියා, සිසිල අයියා, සමන් අයියාව කියන අයව විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ. අනේ,නම් කියවුනේ නැත්නම් සොරි. මතක නෑ,අනිත් නම්. කොහොම වුණත් මම මේ ෆිල්ම් එකට සබ් දැම්මේ හරිම ආසාවෙන්. දැන් එහෙනම් අපි ෆිල්ම් එකට හැරෙමු.

මුළින්ම කියන්න ඕනෙ මේකට රංගනයෙන් දායක වෙන අය ගැන.

Shah Rukh Khan – බවුවාසිංග්.
Anushka Sharma – ආයිෆා
Katrina Kaif – බබීතා කුමාරි

ඒවගේම මේකට ඉන්දියානු නළු නිළියෝ රැසකුත් ආරාධිත රංගනයෙන් දායක වෙනවා.ඒ අය තමා, Deepika Padukone, Alia Bhatt, Karishma Kapoor, Kajol, Rani Mukarji, Sri Devi, Arjun Kapoor. ඒවගේම මෙහි එන විශේෂ ගීතයකට සල්මාන් ඛාන් නර්තනයෙන් දායක වෙනවා.ඒවගේම ඒ සින්දුවටම රේමෝ ඩී සූසා සහ ගනේශ් ආචාර්‍යාද රංගනයෙන් එකතු වෙනවා.මේ ෆිල්ම් එකේ IMDB අගය 6\10 ක්.ඒ වගේම කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙන් මේකට 36% ක අගයක් ලැබිලා තියනවා.ඉන්දියානු කෝටි 200 ක පිරිවැයකින් නිමවූ මෙම චිත්‍රපටය උප්‍යාගන්න සමත්වෙලා තියෙන්නේ කෝටි 186 ක් විතරයි.ඒ මොකද කියලනම් මම දන්නෙ නැහැ.කොහොමත් 2018 කියන්නේ කාන්ලා ත්‍රිත්වයටම අවාසනාවන්ත අවුරුද්දක්.ආමීර්ගේ THUGS OF HINDUSTAN අසාර්ථක වුණා.චීනයේදී අසාර්ථක වූ ආමීර් කාන්ගේ එකම ෆිල්ම් එක ඒක.සල්මාන්ගේ රේස් 3 ෆ්ලොප් වුණා.සුපුරුදු පරිදි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ශාරුක්ගේ බිරිද වන ගෞරි කාන්.ඒවගේම කියන්නම ඕනෙ මේකෙ තියන සිංදු ගැන…මේ සබ් එකේ ISHQBAAZI කියන සින්දුවේ සබ් එකේ පොඩි අවුලක් තියනවා.. ඒ ඇරෙන්න අනිත් හැම සින්දුවකම සබ් තියනවා. මමනම් ගොඩක්ම ආස mere naam කියන සින්දුවටයි.ඕගොල්ලො බලන්නකෝ එහෙනම්.ඕගොල්ලො බලනවා ඇති ශාරුක්ව මෙහෙම කොට කලේ කොහොමද කියලා.ඒ වෙනුවෙන් ඒගොල්ලොන්ට එක ශොට් එකක් පස් වතාවක් ගන්න වෙලා තියනවා.මේකට ලෝකය වටා ඉන්න VFX ශිල්පීන් 1600 ක් දායක වෙලා තියනවා.

හරි දැන් අපි කතාව පැත්තට යමු.බවුවා ඉංග් කියන්නේ අගුටුමිට්ටෙක්.එයාගෙ වයස අවුරුදු 38යි.එයා හරිම අමුතු කෙනෙක්.තමන් කොටයි කියලා එයාට ලැජ්ජත් නැහැ.එයා කරන්නේ තමන්ගේ තාත්තාගේ සල්ලි නාස්ති කරන එක.අම්මානම් මෙයාට ආදරෙයි.ඒවගේම මේ බවුවාට විශේෂ හැකියාවක් තියනවා.ඒ තමා අහසේ තියන තරු කඩන්න එයාට පුලුවන්.ඒත් තාත්තටනම් මෙයාව නයි මිරිස් වගේ.බවුවාගේ ප්‍රියතම දේ තමා බබිතා කුමාරි කියන්නේ.එයා නිළියක්.බවුවා හිතාගෙන ඉන්නේ,බබිතා කවදමහරි එයාව කසාද බදියි කියලයි.බවුවට,කසාදයක් හොයාදෙන්න කියලා බවුවා රෙජිස්ටර් වෙනවා ශාදි.කොම් එකේ.එතනදි එයාට හමුවෙනවා අනුශ්කා ෂර්මා හෙවත් ආෆියාව.ආෆියාට රෝගයක් තියනවා.එයාට ඇවිදින්න බැහැ.එයාගෙ අත් වෙව්ලනවා.ඒවගේම හරියට කතා කරන්නත් බැහැ.හැබැයි ආෆියා කියන්නේ විද්‍යාඥයෙක්.එයා හොයාගන්නවා අගහරුවල වතුර තියෙන බව.දැන් එයා හදන්නේ අගහරුවලට මිනිහෙක්ව යවන්න! බබීතා කුමාරි කියන්නේ හිත කැඩිච්ච කෙල්ලෙක්.එයාගෙ පෙම්වතා එයාව රවට්ටනවා.ඒනිසා එයා ඇල්කොහොල්වලට ඇබ්බැහි වෙනවා..ආෆියාව බවුවා කසාද බදින්නත් යනවා.හැබැයි බබිතාගේ එක කිස් එකකින් බවුවාහේ ජීවිතය වෙනස් වෙනවා.අන්තිමට බවුවා නවතින්නේ අගහරුවලට ගිහිල්ලායි.

ඔන්න එහෙනම් කතාවේ ටිකක් කිව්වා.අදට යනවා.කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා,ජය!!!!!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEB | x264 | 720p | 1.3GB | YTS

Direct Download

| HDRIP | ESub | x264 | 200MB |

| HDRIP | ESub | x264 | 400MB |

| HDRIP | ESub | x264 | 700MB |

| HDRIP | 720p | x264 | 900MB |

| WEB | 720p | x264 | 1.3GB | YTS

| WEB | 1080p | x264 | 2.4GB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Zero (2018) | ආදරය මා අතරමංකොට ඇත!

  • February 13, 2019 at 22:21
    Permalink

    Ado patta ahh 👍

    Reply
  • February 15, 2019 at 07:19
    Permalink

    huge thanks for the sub & movie .!
    userdrive ekata upload krnna epa eka slow ne

    Reply
  • February 25, 2019 at 02:54
    Permalink

    I can’t download sinhala subtitle

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!