Young Justice : Invasion [S02 : E12] | ඇත්තටම පාට කීයකින් කුරුමිණියෝ එනවද?

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.

මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.

අපි සුපුරුදු පරිදි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. අපි දැක්කා රීච් කොච්චර කපටීද කියලා. ඒගොල්ලො මිනිස්සුන්ට පෙන්නන්නේ ඒගොල්ලො හරි හොද කට්ටියක් කියලා.ඉතින්. අර ගොන් ගොඩ්ෆ්රේත් ඒකට උල්පන්දම් දෙනවා. එයා ඉතින් කොහොමත් දැක්කේ ලීග් එකේ වැරදිනේ. ඒත් කොහොමහරි කැප්ටන් ඇටම් කියනවා ලේකම් ට්සෙන්ග්ට, රීච් එක මිනිස්සු පැහැරගත්තා කියලා. ඒත් රීච් එකේ තානාපති කියනවා, ඇටම් බොරු කියන්නේ. පුලුවන්නම් ඔප්පු කරන්න කියලා. ඔප්පු කරන්න ඉතින් සාක්ෂි නැහැනෙ. ඉතින් කැප්ටන් ඇටම් අසරණ වෙනවා. ඔය අස්සෙ යුක්තියේ ශාලාවට පිටසක්වල ජීවියෙක් කඩා වදිනවා. එයාට ඕනෙ වෙන්නෙ හැම ලෝකෙකටම ගිහින්. ඒ ලෝකෙ ඉන්න ශක්තිවන්තම අයත් එක්ක සටන් කරලා තමන් ශක්තිවන්තම කියලා ඔප්පු කරන්න. ඉතින් ඔන්න ඔතනදි ලොකු සටනක් යනවා. කොහොමහරි ඉතින් කණ්ඩායම දිනනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට යුක්තියේ ශාලාව කඩා වැටෙනවා. අහෝ!! යුක්තියේ කන්දත් ඉවරයි, යුක්තියේ ශාලාවත් ඉවරයි. ඔය අතරෙ රීච් එළි කරනවා මුලු ලෝකයාටම වොට්ච්ටවර් එක ගැන. ඒක ලීග් එකේ රහසක්. ඒක ගැන සාමාන්‍ය ජනතාව දන්නෙ නැහැ. දැන්, ඉතින් ලීගය ගැන ජනතාවට තවත් එපා එයි. ඔය අතරෙ, නයිට්වින්ග් අර යුක්තියේ කන්දෙ නැවතිලා ඉන්න බීස්ට් බෝයිට, මිස් මාර්ශන්ට,සුපර් බෝයිට තාවකාලික නවාතැන් පොළක් දෙනවා. දැන් අපි දන්නවා නේ බ්ලූ බීට්ල්ගෙ කුරුමිණියා හදලා තියෙන්නේ රීච් එක කියලා. බ්ලූ බීට්ල් ලීග් එකටයි, කණ්ඩායමටයි අන්තිමටම කියනවා අනාගතේ වෙනදේ. ඒවගේමත් කියනවා කුරුමිණියාව එයාගෙ ඇගෙන් අයින් කරන්න කියලා…!!!!

අපි අද කොටසට යමු. අද කොටසේ ලෙක්සුයි, රීච්ලයි එකතු වෙලා අලුත් ගොවිපොළක් පටන් ගන්නවා. ඉතින් කණ්ඩායමේ කට්ටියක් යනවා එතන විමර්ශනය කරන්න. ඔතනින් එහා කියන්නෙ නැහැ. තව බීට්ල් කෙනෙකුත් එනවා මේ කොටසෙදී.පස්සෙ හමුවෙමු !!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBx264 | 720p | 4G| Complete S02|

Direct Download

| WEBx264 | 720p | 219MB |

| WEBx264 | AAC | 1.9G| Complete S02|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!