The Punisher [S02: E06]| නැවතත් දඩයම අරඹයි!!

පසුගිය කොටසින්

අවසාන හරියෙදි මැඩානාගේ උදව් ඇතුව ෆ්‍රෑන්ක්ට වගේම ඒමිට නිව් යෝර්ක් වලට එන්න අවස්ථාව ලැබුනා. තාමත් මැඩානා දන්නේ නැහැ ඒමිගේ පස්සෙන් මිනිහෙක් පන්නන බවත්, ෆ්‍රෑන්ක් ඒමි නිසා රුසියන් කාරයො එක්ක යුද්ධයක පැටලිලා ඉන්න බවත්. මේ වෙලාවේ වෙන සිද්දි වලට අනුව නම් ෆ්‍රෑන්ක්-ජිග්සෝ අතරේ ලොකු සටනක් වැඩිකල් නොයාම දැකගන්න ලැබෙයි. කොහොමහරි ෆ්‍රෑන්ක් මෙලෝ හසරක් නොදන්න අසරණ මිනිහෙක්ව ඇමට දාලා රුසියන්කාරයො ලගට යවලා ඒ මිනිස්සුන්වත් රැවට්ටුවා ටර්ක්ගේ තැනේදී මුණ ගැහෙන්න එනවා කියලා. ඒ රුසියන් කාරයින්ගේ අවසානාවට ඒ මිනිස්සු හිතුවේවත් නැහැ ෆ්‍රෑන්ක් ටර්ක්ගේ තැනේදී මුණගැහෙන්න එනවා කියලා ඒ මිනිස්සු ලගට එයි කියලා. කොහොමහරි ෆ්‍රෑන්ක් එතන හිටිය හැම එකාටම ගහලා එයාට අවශ්‍ය කරන හැම තොරතුරක්ම වගේ දැනගත්තා.

ජිග්සෝට අමතරව මෙදා වතාවේ අලුතින් මේ කතාසමයට එකතු වුනු Josh Stewartනොහොත් ඔයාලා Shooter කතාමාලාව හරහා දකින්න ලැබුණු සොලටොව්ගේ චරිතයෙන් දායක වුනු කෙනා මේ වතාවේ පනිෂර් දෙවැනි කතාසමයෙදිත් දකින්න ලැබුනා ජෝන් පිල්ග්‍රීම් විදිහට. ශූටර් එකේදී වගේම මේ කතාවෙත් මේ මනුස්සයා චරිතේ වටා ගෙවුනේ හරිම අමුතු පසුබිමක්. එයාගේ බිරිද අසනීපෙන් ඉන්න කෙනෙක් වගේම ළමයි දෙන්න්කුත් හිටිය බවක් එයාගේ පෙර මතකයන්වල සිදුවීම් වලින් දැකගන්න ලැබුනා. ඒවගේම කතෝලික ආගම මේ පවුල වගේම එහෙ හිටිය සෑහෙන දෙනෙක් හුගාක් ඉහලින් අදහපු, විශ්වාස කරපු බවකුත් දකින්න ලැබුනා. කොහොම කොහොමින් හරි ජෝන්ට නිව් යෝර්ක් වලට එන්න සිද්දවෙනවා. ඊටපස්සේ අර ගම්බද පැත්තේ ජීවත්වුනු මේ චරිතේ වටා සෑහෙන වෙනස්කම් සිද්දවෙලා තියෙනවා. ඒ තරම් දෙයක් වුනේ ඇයි කියලාවත් තාම පැහැදිලි හෙළිදරව්වක් දකින්න ලැබුනේ නැහැ. ඉස්සරහට ඒ ගැන බලමු. ඒවගේම තමයි ජෝන්ට රුසියන්කාරයො එක්ක තියෙන පලහිලව්ව මොකක්ද කියලවත් තාම කතාමාලාව ඇතුලේ දකින්න ලැබුනේ නැහැ. ඔයාලා දකින්න ඇති ඒ රුසියන් කාරයින්ගෙන් හොද සහයක් එහෙමත් ලැබුනා. අර කලින් කියපු සම්බන්ධෙ හෙළි වෙන කාලෙට මේකටත් පිළිතුරු ලැබේවි.

මැඩානි ගැන කතා කරනවානම් එයා ආපහු රාජකාරි කටයුතු වලට බැහැලා තිබුනත් එයාට මානසිකව ලොකු හානියක් වෙලා තියෙනවා කලින් සීසන් එක අන්තිමට එයාගේ ඔළුවට වැදුණු වෙඩි උණ්ඩයටත් වඩා. මොකද එයාට ඇතිවෙලා තියෙන කැළැල්, හිතේ තාමත් තියෙන මතකයන්වල බිලි රූසෝ ඉන්න නිසා රෑට හීනෙන් පවා බයවෙනවා. මේ වගේ කරුණු ගණනාවක් නිසාම මැඩානා ටිකක් දරුණු චරිතයක් බවට පත්වෙලත් ඉන්නවා. පේනවනේ එයාට බිලීගෙන් පලිගන්න දගලන දැගලිල්ල?! කොටින්ම එයා ෆ්‍රෑන්ක්ටත් වතාවක් බැන වැදුනා එයා බිලිව මරලා ඉවරයක් කලේ නැහැයි කියලා.

තාම ෆ්‍රෑන්ක් වගේම බිලි ගැටුනේ නැති උනාට මේ වෙද්දී බිලිට ඕන වෙලා තියෙන්නේ එයාට රෑට නිදාගත්තම දකින හිස් කබල (පනිෂර්ගේ ලොගො එක) මොකක්ද කියලා දැනගන්න එයට ලොකු ඕන කමක් තියෙනවා. හරියට එයාගේ මූනට වෙච්ච දේට වග කියන්න ඕන කවුද කියලා දැනගන්න ඕන තරමටම. එයා ඒ දේවල් දැනගන්න උත්සහ කරද්දී ෆ්‍රෑන්ක්ට ආපහු වතාවක් පනිෂර් වෙන්න අවශ්‍ය කරන පාර කපාගෙන එනවා. ඉතින් මේ දෙන්නගේ මුහුණට-මුහුණ ගැටෙනකන් බලන් ඉන්න අයට ඉස්සරහට හොද සිදුවීම් පෙළක් දකින්න ලැබෙයි. දකින්න ලැබේවි කියලා හිතමු.

මෙවර කොටසින්

රුසියන්කාරයින්ගෙන් දැනගත්තත තොරතුරු වලට අනුව ෆ්‍රෑන්ක් වගේම ඒමි අර පින්තූරරවල පලහිලව්ව බේරුමක් කරගන්න තීරණය කරලා ඒකට අලුත් සැලසුමක් පවා හදාගෙන මේ වෙද්දී වැඩ කරන් යනවා. ඒ විතරක් නෙවෙයි ජිග්සෝ කර්ටිස්ව හොයාගෙන ගිහින් එයාව මුණගැහෙනවා. මේ අතරේ ජිග්සෝ තවත් කිහිප දෙනෙක්ගේ ඇසුරට වැටිලා මොකක් නමුත් ලොකු දේකට අර අදිනවා.

එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ජය!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEBRip | x264 | 480p |150MB |

Direct Download

|  WEBRip | x264 | 480p |150MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!