Mr. and Mrs. Ramachari (2014) | සැඟවීය නොහැකි ආදරේ…

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම පතනවා. ආයේමත් තෙළිඟු චිත්‍රයක් ගෙන්න හිතුනා. එත් මේ චිත්‍රපටය වෙනත් කෙනෙක් බාර අරගෙන තිබ්බේ. ඉතින් රොයිලි අයියා තමයි මට මේක අරගෙන දුන්නේ. ඉතින් මම ඒ දෙන්නටම ස්තුති කරනවා මට මේ චිත්‍රපටය කරන්න ලබාදුන්නට. චිත්‍රපටයේ විස්ථර ගැන කියනවනම් අධ්‍යක්ෂවරයා වන්නේ Santhosh Ananddram, නිෂ්පාදනය කර තිබෙන්නේ Jayanna Bhogendra 2014 දෙසැම්බර් 25 දින තමයි චිත්‍රපටය එළිදකින්නේ,මෙහි රංගනයෙන් දායක වන්නේ,

  • Yash as Ramachari
  • Radhika Pandit as Divya
  • Srinath as Vivek
  • Achyuth Kumar as Shankar
  • Malavika Avinash as Sudha
  • Vishal Hegde as Hari
  • Ashok Sharma as Dattu

චිත්‍රපටය දිවෙන්නේ මෙහෙමයි,
රාමචාරි කියන්නේ රස්තියාදුකාර කොල්ලෙක්,කොලේජ් යන්නෙත් හිතුනාම,රාමචාරිව ඔහුගේ පියා කුඩා කාලේ ඉදන්ම අත්තැරලා දාලා තියෙන්නේ, ඔහුගේ මල්ලිට විතරයි පියා සැලකිල්ලක් දක්වන්නේ, රාමාචාරි පොඩි කාලේ ඉදලම විශ්ණු වර්ධන්ගේ චිත්‍රපට වලට ඇළුම් කරන කෙනෙක්.ඒ නිසාම ඔහුගේ පච්චයක් රාමචාරි පපුවේ ගසාගෙන ඉන්නේ. දවසක කොලේජ් එකේ රැග් දෙන දවසේ රාමාචාරි දිව්‍යා (මාර්ගටි) කියන ගෑණු ලමයාව බේරගන්නවා.මේ රාමාචාරි දිව්‍යා එක්ක ආදරෙන් බැදෙනවා. එත් මේ දිව්‍යා කියන්නේ රාමචාරිගේ යාළුවෙක්ගේ නංගි කෙනෙක්. පස්සේ ඉතින් මේ යාළුවා එකට තරහා වෙනවා.එත් පස්සේ මේ යාළුවත් මේ ආදරේට සහයෝගය දෙනවා. එත් පස්සේ මේ රාමචාරි දිව්‍යා අතර පොඩි පොඩි රණ්ඩු ඇතිවෙනවා. ඒ අතරේම රාමචාරිගේ මල්ලිට ගෙදරින් ගෙන විවාහ යෝජනාව නිසා එයා ගෙදරින් යනවා. ඒ නිසා රාමචාරිගේ පියා මේ රාමචාරි ගැන පැහැදිලා කතා බහා කරනවා.

රාමචාරිගේ පියා රාමචාරිගේ මල්ලිට විවාහ කරදිමට සැදු ගැණු ලමයව රාමචාරිට යෝජනා කරනවා.තාත්තාගේ හිත රිද්දන්න බැරි කමට රාමචාරි මේ වීවාහයට කැමති වෙනවා.මේ විත්තිය දිව්‍යාත් දැන ගන්නවා. පස්සේ ඇයටත් ගෙදරින් ගෙනෙන විවාහා යෝජනාවට ඇය කැමති වෙනවා. එත් මේ රාමචාරි තවමත් ආදරේ දිව්‍යාට. ඉතින්..මේ ඇතිනේ, බලලම දැනගමුකෝ පස්සේ මොකද වෙන්නේ කියලා. තවත් චිත්‍රපටයක් සමගින් හමුවෙමු. හැමෝටම තෙරුවන් සරණයි!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  DVDRip | x264 | 1CD | 700MB |

Direct Download

| DVDRip | 1CD | x264 | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!