Velvet Buzzsaw (2019) | එය ඔබට මරණය කැදවාගෙන ඒවි…

උඩ දාපු මාතෘකාව ටිකක් අමුතුයි, ඒ මොකෝ කියල කට්ටිය කල්පනා කරනව ඇතිනෙ. ඒත් මේ රැගෙන ආපු චිත්‍රපටය හට ගැළපෙනම එකක් තමයි දැම්මෙ. ඔයාලට ඒක බලනකොටම පැහැදිලි වෙයි. ඉතිං මේ රැගෙන ආපු චිත්‍රපටයෙ නම Velvet Buzzsaw. ඒකත් හරි අමුතු නමක්නෙ 🙂 . හැබැයි ඉතිං මෙය Horror | Thriller | Mystery යන කාණ්ඩ තුනට අයිති චිත්‍රපටයක් වෙනවා. මේ වනවිටIMDb අගය 5.8 ක අගයක් සහ කුණු තක්කාලි අගය 66% ක් අරගැනීමට සමත් වී තිබෙනව. Kong Skull Island | The Bourne Legacy | Real Steel චිත්‍රපට සඳහා තම තිරරචන දායකත්වය ලබාදුන්නු වගේම Nightcrawler චිත්‍රපටයෙ අධ්‍යක්ෂක කරපු Dan Gilroy මගින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් තමයි මෙය. ඒවගේම Nightcrawler | Life Donnie Darko | Enemy සහ ඉදිරියේදි තිරගත වීමට නියමතයව ඇති Spiderman : Far From Home චිත්‍රපටයෙ මිස්ටීරියොගෙ චරිතයට පණ පොවනා Jake Gyllenhaal | Stranger Things කතාමලාවෙ දකින්නට ලැබෙනNatalia Dyer | Bird Box චිත්‍රපටයෙ දකින්නට ලැබෙන John Malkovich සහ අනෙකුත් සෙසු චරිත සඳහා Rene Russo | Zawe Ashton | Tom Sturridge | Toni Collette දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

චිත්‍ර විචාරකයෙක් වන මෝර්ෆ් වැන්ඩර්වෝල්ට් දවසක් චිත්‍රකලා ප්‍රදර්ශනයකට පැමිණෙනවා ඔහුගෙ යහළුවා වන ජොෂපිනා එක්ක. ඉතිං මේ ජොෂපිනා වැඩ කරන්නෙ “හේස් ගැලරිය” අයිති රෙඩෝරා හේස්ටයි. එක් දවසක්, ජොෂපිනා වැඩට යන්න එනකොටම වගේ දකිනව ගොඩනැගිලි තුළ කෙනෙක් ඇද වැටී සිටින විත්තිය. ඇය ගිහින් බලනව ඔහුට කුමක්ද වෙලා තියෙන්නෙ කියල. හැබැයි ඔහු ඒ වෙනකොටත් මැරිල ගිහින්. මරණයට හරිහමන් හේතුවකුත් හොයාගන්න බැහැ. ඉතිං මේ මැරුණු පුද්ගලයා චිත්‍රශිල්පියෙක් වග ජොෂපිනාට දැනගන්න ලැබෙනවා. ඉතිං ඇය කරන්නෙ ඒ චිත්‍ර ටික අරගන්න එකයි. හැබැයි ඇයට කිසිම අදහසක් නැහැ මේ චිත්‍ර වලින් ඇයගෙ ජීවිතයට පවා අනෙක් ඇයගෙ ජීවිත වලටද මරණය රැගෙන එනවා කියල. පස්සෙ ඇය ඒ වග දැනගන්නව හැබැයි ඇය ඒ ගැන වැඩිය හිතන්නෙ නැහැ. ඇය කරන්නෙ ඒ චිත්‍ර ටික හොඳ ගාණකට දීලා සල්ලි හොයාගන්න. ඉතිං ඇය “හේස් ගැලරිය” අයිති රෙඩෝරා සමග එකතු වෙලා චිත්‍ර ටික හොඳ ගාණකට විකුණල සල්ලි හොයාගන්න. ඔය අතරෙ රෙඩෝරා චිත්‍ර වගයක් ගබඩාවකට අරගෙන යනවා ඔහුගෙ සේවකයෙක්ට කියල. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුට මරණය උරුම වෙනවා. ඉතිං අපි බලමුකො එතනින් පසුව මොවුන්ගෙ ජීවිත වලට මොන ඉරණනමක් අත්පත් වේවිද කියල.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 900MB | 

Direct Download

| WEB | 480p | x264 | 400MB |

| WEB | 720p | x264 | 900MB |

| WEB | 720p | x265 | 577MB | 

| WEB | 1080p | x264 | 2.2GB | 6Ch

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Velvet Buzzsaw (2019) | එය ඔබට මරණය කැදවාගෙන ඒවි…

  • February 10, 2019 at 19:30
    Permalink

    I watched it. Complete waste of time.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!