Iqbal (2005) | ඉක්බාල්ගේ ක්‍රිකට් සිහිනය

ඔන්න මගේ දහ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේ පාරත් අරගෙන ආවේ හින්දි චිත්‍රපටයක්…2005 දී තිරගත වුණු Iqbal කියන සලරුව තමා මේ පාර මම අරගෙන ආවේ.

ඉක්බාල් චිත්‍රපටයේ, කතාව, තිරරචනය, අධ්‍යක්ෂණය කියන තුනම නාගේෂ් කුකුනූර්ගේ, නාගේෂ් චිත්‍රපටි රැසක් අධ්‍යක්ෂණය කරපු එක්කෙනෙක්… ඔහු එකකට එකක් වෙනස් නිර්මාණ තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි කිහිපයක් තමා, 3 Deewarein(2003),8×10 Tasveer(2009)Aashayein(2010)Lakshmi(2014), Dhanak(2016) කියන්නේ. ඉක්බාල් නිෂ්පාදනය කරන්නේ තවත් අධ්‍යක්ෂකවරයෙක් වන සුභාෂ් ගයි විසින්. මේ චිත්‍රපටය ස්පෝර්ට්ස් සහ ඩ්‍රාමා කියන කාණ්ඩයට තමා අයත් වෙන්නේ, IMDb දර්ශකයේ 14,150කට අධික ප්‍රේක්ෂකයන්ගේ මනාපයෙන් 8.1ක අගයක් ලබාගෙන IMDb හොඳම ඉන්දියානු චිත්‍රපට 250 අතර66වෙනි තැන ලබාගෙන තියෙනවා.

මෙහි ඉක්බාල් ලෙස ප්‍රධාන රංගන දායකත්වය මුසු කරන්නේ ශ්‍රේයාස් තල්පඩේ විසින්… ඒ කිව්වේ ඕම් ශාන්ති ඕම් එකේ ෂාරුක්ගේ යාළුවට හිටපු පොර. ඊට අමතරව නස්රුදීන් ෂා, ගිරිෂ් කර්නාද්, රංගනයේ නිරත වෙනවා, මෙහි ශ්වේතා බාසු ප්‍රසාද් කියන ළමා නිළිය ඉක්බාල්ගේ නැගණිය ලෙස ප්‍රේක්ෂකයාට මතක හිටින රංගනයක නිරත වෙනවා. ඇය තමා Makdee(2002) චිත්‍රපටයේ කළ ළමා චරිතයට හොඳම ළමා නිළියට හිමි සම්මානය හිමි කරගන්නේ ජාතික ඉන්දියානු සිනමා උළලේදී. පසුකාලෙක චන්ද්‍ර නන්දිනී කියන ඉන්දියන් ටෙලි කතාවේ නන්දිනිට රඟපෑවේත් ඇයමයි.

කතාව ගැන කෙටියෙන් කිව්වොත්, මේක ක්‍රිකට් කතාවක්… ඒ කිව්වේ Victory(2009) වගේ කතාවක් නෙවෙයි. එක්තරා ගමක ඉක්බාල් කියලා තරුණයෙක් ඉන්නවා, ඔහු ගොළු වගේම බිහිරි පුද්ගලයෙක්, ඔහු සහජයෙන්ම පන්දු යවන්න දක්ෂයෙක්, ඒත් ගොවියෙකු වුණු ඔහුගේ පියා ක්‍රිකට්වලට තදින්ම විරුද්ධයි. ඔහු වගේම ඔහුගේ නැගණියගේ සිහිනය ඔහු ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරනු දැකීමයි… ඉතිං ඒක කරගන්න පුළුවන්ද, ඒ කොහොමද කියන එක තමයි තියෙන්නේ, චිත්‍රපටය ප්‍රේක්ෂකයාට දැනෙන විදිහට හදලා තියෙනවා… මම කතාව ඉදිරිපත් කලාට වඩා හොඳයි කියන එකIMDb අගයෙන්ම සනාත වෙනවා.

ඉතිං උපසිරැසිය බාගෙන යන ගමන්, අදහසකුත් පල කරගෙන යන්න කියලා ඉල්ලීමක් කරගෙනම මමත් ගිහින් ආයෙත් උපසිරැසියකින්ම මුණගැහෙන්නම්.

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDTV | x264 | 720p | 703MB |

Direct Download

| HDTV | 720p | x264 | 703MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!