Zodiac (2007)| මිණීමරුවෙක්ගේ සත්‍ය කතාවක්..!

මෙවර මම ඔබ වෙත ගෙන එන්නෙ David Fincher විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Zodiac (2007). 60 දශකයේ සහ 70 දශකයෙ මුල් කාලයෙ මුළු අමෙරිකාවම  භීතියට පත්කරමින් ඝාතන ගණනාවක් සිදුකල දාම ඝාතකයෙකු (Serial killer) පිළිබඳ සත්‍ය ලිපිගොණු  පදනම් කරගෙන නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb ) 7.7 ක අගයක් ලබාගෙන තිබෙනවා.  මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 84.8 ඉක්මවා යන ආදායමක් ලබාගත්තේ එහි නිෂ්පාදන පිරිවැය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 65 අභිබවමින්.

Zodiac ඝාතන පිළිබඳ පරීක්ෂණ වලට පොලිසියට සහය දැක්වූ රොබට් ග්‍රේස්මිත් නම් කාටුන් ශිල්පියා මේ ඝාතන පිළිබඳ එක්රැස් කරගත් තොරතුරු අනුව රචනා කල ලොව වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වුණු (Best seller ) Zodiac නම් ප්‍රබන්ධ නොවන ග්‍රන්ථය ඇසුරු කරගනිමින්,  මේ පරීක්ෂණ භාරව ක්‍රියාකළ පොලිස් පරීක්ෂක ඩේවිඩ් ටොස්කි මහතාගේ සහ රොබට් ග්‍රේස්මිත් මහතාගේ උපදෙස් ද ලබාගනිමිනුයි මේ චිත්‍රපටය නිපදවා ඇත්තේ. මේ සිද්ධියට මුහුණදුන් සත්‍ය පුද්ගලයන්ගේ නම්, ස්ථාන නාම ආදිය එලෙසින්ම මේ චිත්‍රපටයේ සඳහන් වෙනවා. මෙහි අධ්‍යක්‍ෂක Fincher, Vanderbilt සහ නිෂ්පාදක Bradley J Fischer ද සමඟ ඝාතන පිලිබඳ මාස 18ක් පමණ කල අධ්‍යයනයකින් පසුවයි චිත්‍රපටය වෙනුවෙන් ඝාතන සිද්ධීන් ප්‍රතිනිර්මාණය කළේ.

අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයේ මුලින් නිකුත් කළ පිටපත පැය තුනයි මිනිත්තු අටක ධාවන කාලයකින් යුතු වුණා. එය ඇකඩමි සම්මාන උළෙල පැවැත්වෙන කාලයේ නිකුත් කිරීමට නියමිතව තිබුණත් චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු භාරවුණු පැරමවුන්ට් සමාගම එය දීර්ඝ වැඩි බව පවසා එය තවත් සංස්කරණය කරන ලෙස අධ්‍යක්ෂක Fincher ට දැනුම්දුන්නා. අනතුරුව එහි දර්ශන කිහිපයක් සංස්කරණය කර මිනිත්තු158ක ධාවන කාලයක් සහිතව නැවත ඉදිරිපත් වුණා. එය මුල්වරට තිරගත වුණේ  2007 මැයි 17 වෙනිදා, කෑන්ස් සිනමා උළෙලේදියි. මේ සිංහල උපසිරැසි නිකුත් කළේ එම සංස්කරණය (Director Cut) වෙනුවෙනුයි.

මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණු රංගන ශිල්පීන් ගැනත් කෙටි හැඳින්වීමක් කරන්නම් :

  • Jake Gyllenhaal – රොබට් ග්‍රේස්මිත් (සැන්ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල්ස් පුවත්පතේ කාටුන් ශිල්පී) ලෙස
  • Mark Ruffalo –  ඩේවිඩ් ටොස්කි (සැන්ෆ්‍රැන්සිස්කෝ පොලිස් පරීක්ෂක) ලෙස
  • Robert Downey JR – පෝල් ඒවරී (සැන්ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල්ස් පුවත්පතේ මාධ්‍යවේදී) ලෙස
  • Brian Cox – මෙල්වින් බෙලායි (සුප්‍රකට නීතිඥ) ලෙස
  • John Carrol Lynch – ආතර් ලී ඇලන් ලෙස
  • Philip Baker Hall – ෂර්වුඩ් මොරිල් (අත්අකුරු විශේෂඥ) ලෙස

මේ මගේ එකොළොස්වන උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටය පිළිබඳ සත්‍ය  අපරාධ සිද්ධීන් පදනම් කරගත් චිත්‍රපට වලට කැමති අයට මේක නියම චිත්‍රපටයක්. මේ චිත්‍රපටය හුදෙක් මිනීමැරුම් සිද්ධීන් වල ප්‍රතිනිර්මාණයක් පමණක්ම නෙවෙයි. ඝාතකයා සොයමින් පරීක්ෂණ දියත්වුනු ආකාරය පිළිබඳව කුතුහලය උපදවන අන්දමින් මෙහි සිදුවීම් පෙළගස්වා තිබෙනවා. අන්න ඒ නිසයි මේ චිත්‍රපටය මම තෝරාගත්තේ.

බලලා නැති අය බාගෙන බලන්න. බලපු අය ඉන්නවා නම් ආයෙත් බලන්න.

එක්වරක් නොව කිහිපවරක් නරඹන්න හිතෙන පට්ටම චිත්‍රපටයක්. 🙂


කලින් පළවූ ලිපිය

මේ කියන්න යන්නෙ නිකම්ම නිකම් චිත්‍රපටයක් ගැන නෙවෙයි..කැලිෆෝනියාව භීතියෙන් මුසපත් කළ මිණීමරුවෙක්ගේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ චිත්‍රපටයක් ගැනයි මේ ලිපිය වෙන් වෙන්නෙ..මේක සත්‍ය කතාවක් නිසා ඔයාලට ඕනවට වඩා ක්‍රියාදාම,අති දක්ශ පොලිස් පරීක්ශකවරුන් එහෙම දැකගන්න ලැබෙන්නෙ නෑ..හැම දෙයක්ම බොහොම තාත්විකයි..IMDB රේටින්ග්ස් වල මේ චිත්‍රපටය 7.9/10  ක් ලබාගෙන තියෙනව..
මම මේ ෆිල්ම් එකේ කතාව කියන්නෙ නැතුව මේ මිණී මරුවා ගැන කියන්නම්..මොකද ඔහුගේ කතාව තමයි චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ..
Zodiac Killer නම් අනුවර්ථ නාමයෙන් තමන්ව හදුන්වාගන්න මේ මිණීමරුව බොහොම බුද්ධුමත් කෙනෙක්..ඔහු දන්නව පොලිසියෙන් ගැලවෙන්නෙ..මහපාර මැද මිණී මැරුමක් කළත් සාක්ෂි සගවන්න තරම් ඔහු දක්ශයි..මොහු මිණී මැරුමක් කළ ගමන් ඇමරිකාවේ ප්‍රධාන පත්තර වලට එවනව ඒ ගැන ලිපියක්..එය කළ ආකාරය,ඇයි එක කරන්න සිතුනේ ආදිය දක්වමින්..මේ ලිපියත් සමගම ඔහු මිනිසුන් සමග බුද්ධියෙන් සටනක් කිරීමේ බලාපොරොත්තුවෙන් එවනව රහස් සංඛේත වලින් ලිව්ව ලිපියක්..මේ ලිපියෙ තියෙන්නෙ ඔහු ගැන විස්තර..ඔහු මෙලෙස බොහෝ ලිපි එවනව..දැන් හිතාගන්න පුලුවන් නේද මේ කතාව කොහොම එකක්ද කියල?අනික මේක සත්‍ය කතාවක් නිසා වෙන හැම දෙයක්ම ප්‍රේක්ෂකයාගෙ සිතට දැනෙනව වැඩියි..

මොහු ලිපි එවන පත්තරේක කාටුන් චිත්‍ර අදින පුද්ගලයෙක් ඉන්නව මේ ආකාරයේ ප්‍රෙහේලිකා විසදන්න කැමැත්තක් දක්වන..ඔහු මේ මිණීමරුවා ලුහුබදින අයුරු කතාවෙන් අපට දැකගන්න පුලුවන්..
ඔහු ගැන විකිපීඩියාවේ තොරතුරු මෙතනින් බලාගන්න..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  Bluray | x264 | 720p | 690MB |

Direct Download

| Bluray | 720p | x264 | 690MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!