The Flash [S05 : E13]| සටන් කරන්න වෙන විදිත් තියනවා…

ඉතින් ඔන්න සුපුරුදු පරිදි ගිය සතියේ වගේම දවස් දෙකක්ම පරක්කු කරලා ෆ්ලෑෂ් 13 වෙනි කොටස අරගෙන තමයි මේ අරගෙන ආවේ. ඇත්තෙන්ම කරන්න දෙයක් නෑ මිත්‍රවරුනි මේ දවස්වල වැඩ රාජකාරි එමටයි. කිසිම නිදහසක් නෑ. ( හැමදාම ඉතින් ඔය ටිකනේ කියන්නේ නේද 😛 ඒත් ඉතින් ඒක තමයි ඇත්ත 🙁 )

අපි කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, කතාවේ වැඩිහරියක්ම ගෙවුනේ අයිරිස්ගේ සහ ග්‍රේස්ගේ මතකයන් ඇතුලේ. ෂර්ලොක් ගෙනාපු මතක මැෂින් එකෙන් ග්‍රේස්ගේ මතකයට ඇතුල්වෙලා එයාව කොමා එකෙන් අවදි කරන්න තමයි ෆ්ලෑෂ් ටීම් එකේ කලින් සතියේ මෙහෙයුම උනේ. ග්‍රේස් අවදි කලාම සිකේඩාගේ හිත වෙනස් කරන්න පුලුවන් වෙයි කියලා තමයි එයාලාගේ විශ්වාසය. ඒත් ග්‍රේස්ගේ මොලයේ ඇතුලේ තියෙන ඩාර්ක් මැටර් නිසා ඒක කරගන්න බැරිවුනා. ඊට අමතරව මේ ෂර්ලොක් නෝරාගේ හිතට මහා ලොකු වදයක්. මොකද නෝරා තෝන් එක්ක එකතුවෙලා වැඩ කරන එක ගැන ෂර්ලොක්ට ඉව වැටිලා තියෙන නිසා. ඉතින් නෝරා ආපහු යනවා තෝන්ගෙන් මේකට මොකක්ද කරන්න ඕන කියලා උපදෙස් අරගන්න. ඔන්න ඔහොම තමයි කලින් සතිය.

ඉතින් මේ සතියේ තෝන්ගේ උපදෙස් පරිදි නෝරාගේ උත්සාහය ෂර්ලොක්ගේ හිත වෙනස් කරන එක. ඒක කියන්නේ එයාගේ දුර්වලතාවයක් ප්‍රයෝජනයට අරගන්න එක. බලන්න එයා මොකද කරන්නේ කියලා. එතකොට මෙටා හියුමන් බෙහෙතේ අවසන් ක්‍රියාවලියන් සිද්ධවෙමින් පවතිනවා. බෙහෙත පාවිච්චියට ගන්න පුලුවන්. හැබැයි ඒක සිකේඩාට එරෙහිව පාවිච්චි කරන්නත් පුලුවන්. ඒත් පොඩි අවුලක් තියනවා. බෙහෙත වැඩ කරන්න නම් විනාඩියක් විතර ගතවෙනවා.ඒ වෙලාව ඇතුලත අදාල මෙටා නිශ්චලව ඉන්න ඕන. ඉතින් කොහොමද සිකේඩාව විනාඩියක් තියා තත්පරයක්වත් එහෙම තියාගන්නේ ? ඉතින් මොනවායින් මොනවා වෙයිද ? හැමදේම බලන්න ඔයාලාට බාරයි

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | eztv | 270MB |

Direct Download

| HDTV | x264 | 480p | 160MB |

| HDTV | x264 | eztv | 270MB |

| HDTV | x265 | 720p | 190MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!