Insomnia (2002) | නින්ද නේන රාත්‍රියේ……

සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.

ඔන්න තවත් Drama, Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ආවා.Insomnia (2002) මේක 2002 අවුරුද්දේ වුණත් තාමත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න චිත්‍රපටයක්. ඉහළ ජනප්‍රියත්වයක් කිව්වේ IMDB හි 7.2 ක අගයක් (පොඩි ගාණකින් නෙවෙයි, දෙලක්ෂ පනස්දාහකට අධික users ප්‍රමාණයකින්), Rotten Tomatoes එකේ 92% ක් වගේම Google users ලාගෙන් 89% ක කැමැත්තක් මේකට හිමිවෙලා තියනවා.

Christopher Nolan ගේ අධ්‍යක්ෂණයක් වෙන මේකට Al Pacino, Robin Williams, Hilary Swank වගේ අය රංගනයෙන් දායක වෙලා තියනවා. ඉතින් Insomnia කියල හඳුන්වන්නේ නින්ද නොයෑමේ රෝගී තත්වය. (Night data නිසා දැන් අපිටත් ඕක හැදිලා නේ තියෙන්නේ 😛 ) ඉතින් අපි බලමු මොකක්ද මේ නින්ද නොයන කතාව කියල.

ඇලස්කාව කියන්නේ ඇමරිකාවේ ඉහළ කෙළවරේ හුදෙකලාව රටින් වෙන්වෙලා තියන ප්‍රාන්තයක්නේ. ඉතින් ශීත කාලයට මාස ගාණකට ඉර පායන්නේ නෑ වගේම, ගිම්හානයේ දවසේ පැය 24 පුරාවටම එළිය අඩු වැඩි වීමක් මිසක් ඉර බහින්නෙම නෑ. රෑටත් එළියයි. ඉතින් පිටින් එන ඒ තත්වය නුපුරුදු කෙනෙකුට රෑට ඒ එළියත් එක්ක නිදාගන්න අමාරුයි. හැබැයි මේ කතාවේ නම් නින්ද නොයන්න හේතුව ඒක නෙවෙයි.

ඉතින් මේ ඇලස්කාවේ අපරාධ අඩු නගරයක තරුණ ගැහැණු ළමයෙකුගේ මළ සිරුරක් හමුවෙනවා. එහේ පොලීසියේ ඉල්ලීම අනුව ලොස් ඇන්ජලීස් වල ඉඳල පරීක්ෂක විල් ඩෝමර් හා හැප් එක්හාට් මේ ඉර නොබහින පළාතට යනවා ඒ පරීක්ෂණ සඳහා. මේ විල් ඩෝමර් කියන්නේ පොලීසියේ ඉන්න කීර්තිමත්ම දක්ෂ පරීක්ෂකයෙක්. හැබැයි ඔහුට විරුද්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් තියනවා වගේම ඔහුගේ පරීක්ෂණ සගයා වුණු හැප්, ඩෝමර් ට එරෙහිව කරුණු කියන්නත් ලෑස්තියි. ඉතින් මේකට එද්දිත් දෙන්න එච්චර හිත හොඳින් නෙවෙයි එන්නේ. මෙහේ පොලීසියේ ඉන්න එලී බර් කියන පරීක්ෂකවරිය ඩෝමර් ට ලොකු සැලකිල්ලක් තියන පුහුණුවේදී ඩෝමර් ගේ පරීක්ෂණ ගැනම හදාරපු කෙනෙක්.

ඉතින් කට්ටිය එකතුවෙලා සැකකාරයා අත්අඩංගුවට ගන්න කරපු මෙහෙයුමකදී ඔහු පොලිස් භටයෙකුට වෙඩි තියල පලා යනවා. ඝන මීදුම මැද්දේ පස්සෙන් එළවන ඩෝමර් ලාවට පෙනෙන ඡායවකට වෙඩි තියනවා. ළඟට ගිහින් බැලුවම ඒ අපරාධකාරයා නෙවෙයි, ඔහුගේ සගයා හැප්. ඉතින් තමන්ට එරෙහිව පරීක්ෂණයක් කෙරෙද්දී, ඒකට සාක්ෂි දෙන්න හිටපු කෙනෙක් මියගියාම සැකය කොහොමත් ඔහුට එල්ලවෙයි කියල හිතන ඩෝමර් ඒක පැනල ගිය අපරාධකාරයා පිටින් දාන්න හිතනවා.

හැබැයි ඉතින් වැරද්දක් කරපු කෙනෙකුට හෘද සාක්ෂිය සැනසිල්ලේ නිදාගන්න දෙන්නේ නෑ. වරද ගැන හිත හිත නිදි නැති රැයවල් ගෙවන්න වෙන්නේ. සමහර විට ඔය අල්ලන්න හදන අපරාධකාරයාගේ තත්වයත් ඒකමද දන්නේ නෑ නේ.

ඉතින් අන්තිමට මේක කොහොම විසඳෙයිද, ඩෝමර් ට සැනසිල්ලේ නිදාගන්න ලැබෙයිද කියල දැනගන්න ෆිල්ම් එක අරන් බලන්න කියල ආරාධනා කරනවා.

“හොඳ පොලිස් භටයෙකුට නින්ද යන්නේ නෑ ගැටළුව විසඳලා ඉවර නැති නිසා. නරක කෙනෙකුට නින්ද යන්නේ නෑ හෘද සාක්ෂිය ඉඩ නොදෙන නිසා”


මෙයට පෙර රොයිලි ප්‍රනාන්දු සොයුරා පලකල ලිපිය

Inception සහ The prestige සිංහල උපසිරැසි එක්කම බලපු අය අත උස්සන්න. ඒ චිත්‍රපට ගැන ආපහු මම කියලා දෙන්න අවශ්‍ය නැහැනේ. ඒ චිත්‍රපටි දෙක අධ්‍යක්ෂණය කරපු Christopher Nolanගේම තවත් පට්ටම චිත්‍රපටයක් ඔන්න අද මම දෙනවා. ඔස්කාර් සම්මාන ලැබූ අති සම්මානනීය නළු නිලියන් වන Al Pacino, Robin Williams සහ Hilary Swank ගේ රංගනයෙන් හැඩ වුණු මේ චිත්‍රපටය පාඨක ඡන්ද 70,595 ක් ලබා IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.3/10 ක අගයක් ලබා ගන්නට සමත් වෙලා තියනවා.

හිරු බැසයෑමක් නැති ඇලෙස්කාවේ කුඩා නගරයක සිදුවන මිනීමැරුමක් ගැන සෙවීමට ප්‍රධාන නගරයේ සිට ප්‍රසිද්ධ රහස් පරීක්ෂකයින් දෙදෙනෙක් එනවා. මේ දෙදෙනා පරීක්ෂණය කරන අතරතුර එක් රහස් පරීක්ෂකයෙක් අතින් අත් වැරදීමකින් තම සගයාව මිය යනවා. තම කීර්තිය ගැන සිතා මෙය යට ගැසීමට අනික් රහස් පරීක්ෂකයා සූක්ෂමව ක්‍රියාකරන නමුත් ඒ නිසාම ඉතා විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට ඔහුට සිදුවෙනවා. ඇත්තෙන්ම ඒක එක් සිදුවීමකටත් වඩා බොහොම සංකීර්ණ තත්ව ගණනාවක් කිව්වොත් නිවැරදියි.

ඇත්තෙන්ම මිනිස් ජීවිතයක ඇති වෙන්න පුලුවන් බොහොම සාමාන්‍ය දෙයක් වෙන කීර්තිය හඹා යෑම, කීර්තිය ආරක්ෂාකර ගැනීමට දරණ වෑයම, එක බොරුවක් වහගන්න තවත් බොරු දාහක් කීම, වගේ අමුතුම කතා තේමාවක් මේ චිත්‍රපටයේ ගැබ් වෙලා තියෙනවා. ඒත් Inception තරම්ම නම් බොන්න වෙන ප්‍රශ්නයක් මේකේ නෑ හොඳේ 😛 හැමෝම බාගෙන බලන්න කියලා ඉල්ලනවා. ආ දැන් අත් උස්සපු අය පහල දාන්නකෝ. 🙂

ප.ලි. දැන් එන්න එන්නම කමෙන්ට් අඩුවේගෙන යනවා. එක්කෝ මම දාන ලිපි හොඳ නෑ එහෙම නැතිනම් කට්ටියට මාව එපා වෙලා. තව දුරටත් කමෙන්ට් අඩු වෙනවනම් ඉතින් මටත් තීරණයක් ගන්න වෙනවෝ….. 🙁

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  Bluray | x264 | 720p | 751MB |

Direct Download

| Bluray | 720p | x264 | 800MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!