Constantine (2005) | ස්වර්ගය මෙන්ම අපායද අහිමි වූ ඔහු…

අවුරුද්දකට පස්සේ ෆිල්ම් එකකට උපසිරසි අරගෙනයි අද මේ ආවේ. මේකනම් මම විමාගෙන් ඉල්ලන් කාපු ෆිල්ම් එකක්. හැබැයි සබ කරගෙන යනකොට මේක හමුවෙච්චි එක කොච්චර හොඳද කියල හිතුනා. විශේෂයෙන්ම මට මේක කරන්න හිතුනේ MDG සොහොයුරා උපසිරසි දුන්නු කොන්ස්ටන්ටීන් ටීවී සීරියස් එක බලපු නිසාමයි.

DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන නිමවුණු මෙය වෙනත් කොමික් සිනමාපට වලට සාපේක්ෂව වෙනත්ම මගක ගිය සිනමාපටයක්. matrix සිනමාපට ත්‍රිත්වය හරහා නියෝ ලෙස ලොවම වසඟ කල අසහාය රංගන ශිල්පී Keanu Reeves ජෝන් කොන්ස්ටන්ටීන් ලෙස එකතු වෙනවා. එමන්ම ඔහුගේ සහයකයා වන චැස් ක්‍රේමර් ලෙසින් ට්‍රාන්ස්ෆෝමර්ස් සිනමාපට හරහා ජනප්‍රිය වූ Shia LaBeouf එක් වෙනවා.

මේකේ කතාව ගැන කියන්නම් කිසිම අදහසක් නැහැ. බලලම ඒක රසවිඳින්නකෝ.

මේ පහලින් එකතු කරලා තියෙන විස්තරය MDG සොහොයුරා කොන්ස්ටන්ටීන් ටීවී සීරියස් එක වෙනුවෙන් S01E01 හි දුන්නු ලිපියේ උපුටාගැනීමක්. ඒ ලිපියත් කියවලම ෆිල්ම් එක රසවිඳින්න.

#Hail_Hydra

Hellblazer (1988–2013) සහ Constantine (2013–):

කොන්ස්ටන්ටීන්, එහෙම නැත්නං ජෝන් කොන්ස්ටන්ටීන් චරිතේ මුලින්ම අදුන්වලා දුන්නේ DC Comics ප්‍රකාශයට පත් කල The Saga of the Swamp Thing අංක. 37 -1985 ජුනි කලාපය තුළිනුයි. පසුව, 1988දී, ඔවුන් කොන්ස්ටන්ටීන් ප්‍රධාන චරිතය හැටියට ඉදිරිපත් කරමින් හෙල්බ්ලේසර් (Hellblazer) කියන කොමික් පොත් මාලාව හදුන්වා දුන්නා. මේ චරිතය නිර්මාණය කලේ ඇලන් මූර් (Alan Moore), ස්ටෙෆන් ආර්. බිසට් (Stephen R. Bissette) සහ ජෝන් ටොට්ලෙබන් (John Totleben) බවයි පැවසෙන්නේ.

පසුව 2013දී 300 වෙනි කලාපයෙන්, හෙල්බ්ලේසර් නවතා දැමු DC Comics, කොන්ස්ටන්ටීන් නමින් එම කතා මාලාව ඉදිරියට ගෙනගියා. (තවමත් පලවෙනවා) මේ තීරණය බොහෝ අයගේ අසතුටට හේතු වුන බවකුයි පැවසෙන්නේ.

කොහොම වුනත් ගුප්ත දෑ පිළිබද රහස් පරීක්ෂක කතා ගැන උනන්දුවක් සහ ජනප්‍රියත්වයක් ඇති කරන්න මේ කතා මාලාව සමත් වුනා. මෙයින් ආභාෂය ලැබූ නවකතා, රුපවාහිනි කාටුන්, කොමික් මෙන්ම රුපවාහිනි වැඩසටහන්ද බොහෝ බිහිවුනා. මේ අතරින් මම උපසිරසි ලබා දුන්න Supernatural රුපවාහිනි වෘතාන්තයත් විශේෂයි 😀කොහොම වුනත් ජෝන් කොන්ස්ටන්ටීන් රුපවාහිනි තිරයට මේ පැමිණෙන්නේ ප්‍රථම වතාවටයි.

කවුද මේ ජෝන් කොන්ස්ටන්ටීන්?

දැන්, දන්නවනේ මෙයා කොමික් චරිතයක් බව. හැබැයි, මෙයා සුපර් හීරෝ චරිතයක් නෙමේ; මේක ප්‍රතිවීර (antihero – ඇන්ටිහීරෝ) චරිතයක්. (ඒ කියන්නේ සාමාන්‍ය වීරයන්ගේ දකින්න ලැබෙන උත්තම ගති ගුණ, පරමාදර්ශී බව, සදාචාරය වගේ දේවල් නැති චරිතයක්. හැබැයි දුෂ්ඨ චරිතයක්ම නෙමේ).

ඉතින්, කොමික් කතාවල දක්වලා තියෙන ආකාරයට මේ පුද්ගලයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. සුදු කමිසයක්, කළු ටයි පටියක් සහ දුඹුරු පැහැයට හුරු ට්‍රේන්ච් කොට් එකක් තමයි මෙයාගේ ඇදුම. මෙයා ලග අධිස්වාභාවික, ගුප්ත දෑ ගැන තියෙන දැනුම බොහොම ඉහලයි. ඔහු දක්ෂ මායා කාරයෙක්, මන්ත්‍ර ගුරුකම් පිළිබද කෙළ පැමිණියෙක්, ගුප්ත දෑ පිළිබද රහස්පරීක්ෂකයෙක් වගේම කපටි රැවටිලි කාරයෙක් (con-man කෙනෙක්) ඒ විතරක් නෙමෙයි ඇස් බැන්දුම් කාරයෙකුත් වෙනවා (මැජික් ශිපියෙක්); කට කැඩිච්ච කතා කියන, අනුකම්පා විරහිත, කාවවත් නුරුස්සන පුදගලයෙක්. හැබැයි බොහෝ වෙලාවට ගැටළු වලට මුහුණ දෙත්දී ඔහු වැඩිපුර භාවිතා කරන්නේ තමගේ ගුප්ත දැනුම නොවෙයි කපටි කයිරාටිකකම්නුයි වෙනත් දක්ෂකම්නුයි තමයි. ඒ වගේම කෙළවරක් නැති දුම් බීම ගැනත් ඔහු කුප්‍රකටයි. කොහොම වෙතත් ස්වර්ගයත් නිරයත් සමග නිතර ගැටෙන ඔහු මේ දෙකටම එරෙහිව මනුෂ්‍ය වර්ගයා ආරක්ෂා කරන මානව වාදියෙක්.

|| Hail Hydra ||
۩۩ තිසර නියෝ ۩۩

2009 ‍ජුලි මස 09 වෙනිදා රොයිලි ප්‍රනාන්දු සොහොයුරා විසින් පලකල ලිපිය…

මේකනම් ටිකක් පරණ ෆිල්ම් (2005) එකක්. කට්ටිය බලලත් ඇති. ඇත්තටම මේකේ කථාව Hellblazer කියන චිත්‍රකතා පොතේ ගිය කතාවක් අනුවයි හදලා තියෙන්නේ. කතාව යන්නෙ මෙහෙමයි. ජෝන් කොන්ස්ටන්ටයින් කියන්නේ උපතින්ම ලැබුනු තෑග්ගක්(?) සහිත පුද්ගලයෙක්. එනම් ඔහුට පුලුවන් ලෝකයට බැහැල ඉන්න යක්ෂයන් හා දෙවියන්ව දකින්න. ඔහු යක්ෂයන්ව නැවත අපායට යවනවා. නමුත් ඔහුට හිතෙනවා දැන් ජීවත් උනා ඇති කියලා. මේ අතර ඔහුට හමුවෙනවා පොලිසීයේ සේවය කරන ඇන්ජලා ඩොඩ්සන් ව. ඇයගේ නිවුන් සොහොයුරිය රෝහලේදි සියදිවි නසා ගනු ලබන අතර ඇයට එයට සම්බන්ධ අයව අල්ලා ගැනීමට කොන්ස්ටන්ටයින් ගේ වීශේෂ බලයේ උදව්ව ඉල්ලනවා. මේ හාදයට අපායට උනත් ගිහින් එන්න පුලුවන්. මාරයි නේ 😀 බාලම බලන්නකෝ අඩුම ගානේ අපාය මොන වගෙද වත් කියලා. 😀 මේක සම්මාන 4 කට නිර්දේශ වී ඉන් 1ක් දිනා තිබෙනවා

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  Bluray | x264 | 720p | 800MB |

Direct Download

| Bluray | 720p | x264 | 800MB |

| Bluray | 1080p | x264 | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Constantine (2005) | ස්වර්ගය මෙන්ම අපායද අහිමි වූ ඔහු…

Leave a Reply to udaya asinka Cancel reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!