The Happening (2008)| අද්භූත සිද්ධිය…

එන්.විජිත අසංක වන මගේ තිස් හත්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2008 වසරෙදි තිරගත වුනු Sci-Fi, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  M. Night Shyamalan නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Max PayneTedTransformers: Age of ExtinctionDaddy’s Home වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටිවල රඟපාන Mark Wahlberg නළුවා සහ Your Highness, Bridge to Terabithia වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටිවල රඟපාන Zooey Deschanel නම් නිළියයි. ඊට අමතරව John Leguizamo, Ashlyn Sanchez වැනි නළු නිළියන් රාශියක් මෙහි රඟපානවා.

මේ චිත්‍රපටියෙ කථාව ගැන සයි‍ට් එකේ කළින් පළවූ ලිපියෙ වැඩිපුර විස්තර කරලා තියෙන නිසා මං කථාව ගැන වැඩිය කියන්නෙ නැහැ. ඇමරිකාවෙ ඊසානදිග පැත්තෙ සිද්ධ වෙන අමුතු තාලෙ “සිද්ධියක්” ගැන තමයි මේකෙන් කියවෙන්නෙ. ඉතිං ඒ “සිද්ධිය” මොකද්ද කියලා දැනගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

සැ.යු. ප්‍රවේශම් වන්න. මෙය ඔබේ නගරයේත් සිදුවිය හැකියි….

කළින් පළකර තිබූ ලිපිය

හ්ම්ම්ම්..තවත් ටිකක් කුතුහලය දනවන ෆිල්ම් එකක් ගැනයි මේ කියන්න යන්නෙ..Mark Wahlberg රගපාන එකක් නිසා මම නම් ආසවෙන් බැලුව..මම කතාව කිව්වම ඔයාලට මේක අල්ලල යයි කියල හිතෙනව නම් විතරක් බලන්න…මොකද මේක හැමෝටම ගැලපෙනවද කියල හිතාගන්න අමාරුයි මට..කොහොම උනත් කතාව මෙහෙමයි..එක්තරා උද්‍යානයක මිතුරියන් දෙදෙනක් වාඩි වෙලා ඉන්නව..නමුත් එක පාරම මේ දෙදෙනාගෙන් එක්කෙනෙකුත් උද්‍යානයෙ ඇවිදිමින් සිටි සියලු පිරිසත් ගල් ගැසෙනව..මේ අතර ගල් ගැසුනු මිතුරිය තම කොණ්ඩාකටුව ගෙන තමන්ගේම බෙල්ලට ඇනගන්නව..දැන් වෙනත් පැත්තක! පිරිසක් මහල් ගොඩනැගිල්ලක් සෑදීමේ නිරත වෙලා ඉන්නව..මේ අතර පහළ සිටිය අයට එක්වරම දැකගන්න ලැබෙන්නෙ ඉහළම මහගේ සිට කම්කරුවෙක් වැටී ඇති බවයි..මේ සමගම තව සද්දයක් එනව,ඒ පැත්ත බැලුවම පේන්නෙ තවත් කම්කරුවෙක් වැටුන බවයි..තව කෙනෙක්,තව කෙනෙක්..මෙහෙම දිගටම පිරිස වැටෙන්න ගන්නව ඉහළ සිට..පහළ සිටින අය උඩ බැලුවම දැකගන්නට ලැබෙන්නෙ මොවුන් හිතාමතාම උඩ සිට පැන සිය දිවි හානිකරගන්නා බවයි..ඇත්තටම කියනව නම් මේ මුල්ම ටික විතරයි….අමුතුයි නේද කතාව,හැම මොහොතෙම හිතට කුතුහලය දැනෙන කතාවක්..ඒ වගෙම විද්‍යා ගුරුවරයෙක් ඇතුලු පිරිසක් මේ ව්‍යසනයෙන් පණ බේරාගන්න දරන උත්සාහයක් තමයි කතාවෙන් දැක්වෙන්නෙ..විස්තරෙ කියෙව්වම කතාව බලන්න ඕන කියල හිතුන නම් ලින්ක් එක පහල ඇති..බාගන්න!

 

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  Bluray | x264 | 720p | 600MB |

Direct Download

| Bluray | 720p | x264 | 600MB |

| Bluray | 1080p | x264 | 1.4GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!