PK (2014) |දෙවියනි ඔබ කොයිබද..?

චිත්‍රපටය නමින් PK. නමේ තේරුම චිත්‍රපටය බලද්දී වැටහේවි. මේ චිත්‍රපටය මොකක්ද? කවුද නළුවා මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැනටමත් ඉන්දියාවේ වගේම විදේශයන්හීත් පෙරළිකාර ආදායම් වාර්තා තබමින් මෙය තිරගත වෙනවා. අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා විසින් ප්‍රධාන චරිත හොබවන PK, අධ්‍යක්ෂනය කරන්නේ 2010 වසරේ ආදායම් වාර්තා තැබූ 3 Idiot චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Rajkumar Hirani විසින්. නිෂ්පාදන දායක්තවය, Rajkumar Hirani, Vidhu Vinod Chopra සහ Siddharth Roy Kapur ගෙනි. සංගීත අධ්‍යක්ෂනය Ajay Atul, Shantanu Moitra සහ Ankit Tiwari. IMDb දත්ත සටහනේ 8.8 ක ඉතා ඉහළ අගයකට හිමිකම් කියන PK, සමාජයේ ඇති ඉතාම පැහැදිලි ගැටළුවක් නිර්මාණාත්මක ප්‍රශ්න කරන චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුනේ ගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා. දැනට ඉන්දියානු රුපියල් කෝටි 492 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය,  දෙවැනි වන්නේ ආමීර් ඛාන්ගේම Dhoom 3 චිත්‍රපටයේ වාර්තාවට පමණයි. මෙය නොබෝ දිනකින්ම ඉන්දියානු රුපියල් කෝටි 500 ආදායම පසු කළ දෙවන චිත්‍රපටය බවට පත්වනු ඇති.

චිත්‍රපටය ගැන දැනගත්තනේ,  දැන් බලමු කතාව මොන වගේද කියලා. චිත්‍රපටය ආරම්භ වන්නේ, පිටසක්වළින් පැමිණෙන අභ්‍යාවකාශ යානාවකින් අපේ ලෝකයට/ඉන්දියාවට ගොඩ බසින අභ්‍යාවකාශගාමියෙකුගෙන්. මොහුගේ විශේෂත්වය තමයි, පෘථිවිය පර්යේෂනය ලක් කරන්න පැමිණ තිබෙන්නේ, නිරුවතින් වීම. පොළවට පැමිණෙනවාත් එක්කම මේ පිටස්වළ ජීවියා සතු යම් කිසි උපකරණයක්, මෙලොව සිටින කපටි සොරෙකු විසින් සොරකම් කෙරෙනවා. ඒ උපකරණය නැතිව ඔහුට නැවත තමන්ගේ ලෝකය වෙත යා නොහැකි බවයි කියවෙන්නේ. මෙහෙම කියනකොට සාම්ප්‍රදායික පිටසක්වළ කතාවක් කියලා හිතෙනවා ඇති. නැහැ. එහෙම නෙවෙයි. මේ පිටසක්වළ ජීවියා මෙලොව පය තියපු දා ඉඳන් උත්සාහ කරන්නේ ආපසු තමන්ගේ නිවස වෙත යාමටයි. ඒ සඳහා ඔහුට ඔහුගේ නැති වූ උපකරණය අවශ්‍ය වෙනවා. ඒ උපකරණය ලබා ගන්න ඔහු  දෙවියන්ගේ පිහිට පතනවා. දෙවියන් ඔහුට පිහිට වෙයිද? දෙවියන් සොයා සැරිසරන මේ පිටසක්වළ ජීවියාව මාධ්‍යවේදිනියකට මුණ ගැහෙනවා. ඇයට හැකි වේවිද ඔහුට මේ උපකරණය සොයා දෙන්නට. දෙවියන්ට අභියෝග කරන පිටසක්වළ ජීවියෙකුගේ පෘථිවි ආගමනය රැගත් PK චිත්‍රපටය නරඹන්න ඔබට බාරයි.

මා දන්නා තරමින්, මේ චිත්‍රපටය වෙනුවෙන් අන්තර්ජාලයට කිසිම උපසිරසක් මේ වන තෙක් නිකුත් වී නැහැ. එනම් ලෝකේ පළමුවෙන්ම මේ චිත්‍රපටය සඳහා නිකුත් වෙන උපසිරස වන්නේ මේ සිංහල උපසිරැසියයි. අද මේ ලබා දෙන වීඩියෝ පිටපත් අන්තර්ජාලයට මුදා හැරුනු සැනින්, ඒ සඳහා කාල රාමු සකස් කර දුන් සඳුන් ධනුෂ්ක සහෝවත්, හසන්ත වික්‍රමරත්න අයියාවත් බොහෝම ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම විකී, සමීර චතුරංග, සමීර කරුණාරත්න, හේවා ලුණුවිලගේ, මේ සියලු දෙනා මේ උපසිරැසිය හැකි ඉක්මනින් අරන් එන්න ඔවුන්ගේ සහයෝගය ලබා දුන්නා. මුන් ටික දුන්නු වදේ නිසාමයි අලුත් අවුරුද්දේ අවුරුදු තෑග්ග විදියට මේ උපසිරස අරන් එන්න හැකිවුනේ. එහෙනම් නැවත වරක් සියලු දෙනාටම මේ ලැබුවා වූ නව වසර සියලු යහපත් පැතුම් ඉටු වෙන සුබ නව වසරක් වේවායි පතමින් මම සමුගන්නවා. සියලු දෙනාටම ජයම වේවා..! එලස්ස්ස්…

 යාවත්කාලීන කිරීමක් :

අද 2015 පෙබරවාරි 13 වෙනිදා. PK චිත්‍රපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් අපේ අඩවියෙන් සිංහල උපසිරැසිය නිකුත් කෙරුණේ ජනවාරි 01 වෙනිදා. නමුත් චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිකුත් කර දවස් එක හමාරක පමණ කාලයක් ඇතුළත, චිත්‍රපටයේ ප්‍රදර්ශනය අයිතිය සම්බන්ධයෙන් පැන නැඟුනු ගැටළුවක් නිසාවෙන් අපට සිදු වුණා, මේ ලිපිය සමඟ සිංහල උපසිරැසිය තාවකාලිකව අඩවියෙන් ඉවත් කරන්නට. එසේ ඉවත් කරන අවස්ථාව වන විට 8500 ට අධික බාගත කිරීම් සංඛ්‍යාවක් සටහන් වී තිබුණා. බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් උපසිරැසිය ඉවත් කළත් එය බාගත කරගත් සමහරෙක්, එය නැවත වෙනත් වෙබ් අඩවි වල පළ කරන්න උත්සුක වෙලා තිබුණා. විශේෂයෙන් කිව යුතු කරුණක් වන්නේ, අප වෙබ් අඩවියෙන් නිකුත් කෙරෙන උපසිරැසි යම් හෙයකින් වෙනත් වෙබ් අඩවි වල පළ වන්නේ නම් ඒ අපේ අනුදැනුමකින් තොරව බව. උපසිරැසිය අපේ අඩවියෙන් තාවකාලිකව ඉවත් කළ කාලය ඇතුලත අපූරු සිදුවීම් කීපයක් සිදු වුනා. ඒ වන විට PK චිත්‍රපටය සඳහා වෙනත් කිසිදු භාෂාවකින් උපසිරසක් නිකුත්ව නොතිබුන බැවින්, අප විසින් ලබා දුන් සිංහල උපසිරැසිය යොදා ගනිමින් ඉන්දියානුවෙකු විසින් ඉංග්‍රීසි උපසිරසක් නිර්මාණය කෙරුණා. කියන්න ඕනේ කාරණයක් තමයි, අප නිකුත් කළ උපසිරැසිය සොරකම් කරමින් අපේ රටේ නොයෙක් අය තම තමන්ගේ බ්ලොග් අඩවි වල, නැත්නම් වෙනත් ෆයිල් ශෙයාරින් වෙබ් අඩවි වල පළ කරද්දී පෙර කී ඉන්දියානුවා, තමා විසින් ඉංග්‍රීසියට හරවන ලද සිංහල උපසිරැසියේ කතෘ අයිතිය සුරකින්නට වග බලාගෙන තිබුණා. ඒ නිසාවෙන් අප විසින් නිකුත් කළ උපසිරැසිය වෙනත් අය තමන්ගේ කරගනිද්දී දුකක් වගේම එක් පැත්තකින් නිහතමානී සතුටකුත් දැනුණා. කෙසේ වුවත් අප අඩවියෙන් තාවකාලිකව ඉවත් කෙරුණත්, එම උපසිරැසිය සමඟ PK චිත්‍රපටය අද වෙන කොට විශාල පිරිසක් නරඹා තිබෙනවා. ඒ බව අපට ලැබෙන ප්‍රතිචාර වලින් තහවුරු වෙනවා. මෙම චිත්‍රපටය වාර්තා පිට වාර්තා තබමින් ඉතාම සාර්ථකව තිරගත වී IMDb දර්ශකයේ හොඳම චිත්‍රපට 250 අතරටත් එන්නට සමත් වුණා. ඉතින් මේ උපසිරැස හරහා අප අඩවියේ තබන්නට ගිය වාර්තාව ඉහත හේතුව නිසාවෙන් අහිමි වුනත්, අප කරන කාර්ය වෙනුවෙන් අපට උර දෙමින් අත් වැල් බැඳ ගනිමින්, ඉදිරියට යන්නට ශක්තියක් වන ප්‍රේක්ෂක ඔබ සැම වෙනුවෙන් නැවත වරක් මේ සුන්දර චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟින් තිලිණ කරන එක අපේ යුතුකමයි. සියලු දෙනාටම ජයෙන් ජයම වේවා..!  

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  Bluray | x265 | 720p | 700MB |

Direct Download

| Bluray | 720p | x265 | 700MB |

| Bluray | 720p | x264 | 1.1GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!