Junoon (1992) | සාපලත් කොටි අවතාරය !

මම ආයෙමත් ඔන්න පරණ හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. ඒත් අද මම ගෙනාවෙ Horrorචිත්‍රපටියකට උපසිරසියක්. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ ශනුකසොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය ගැන දන්නෙත් නෑ. ඒ වගේම මම මේ චිත්‍රපටිය බලලත් නෑ. ඒ නිසා මේ ගැන දැනුවත් කරාට මම ඒ සොහොයුරාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ sub 1 කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ පස්වෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Junoon (1992) කියන චිත්‍රපටියයි. මේ චිත්‍රපටයත් ට්කක් පරණයි. 18 September 1992 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.

2h 3min ක ධාවන කාලයක්  සහිත IMDB අගය 5.7 ක් ගත් මේ සිනමා පටය Horror, Thriller ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Mahesh Bhattගෙන්ද, තිර රචනය Robin Bhatt ගෙන්ද සිදුවී ඇත. රංගනයෙන් Rahul Roy, Pooja Bhatt, Awinash Wadhawan, Tom Alter, Rakesh Bedi යන නළු නිළියන් රංගනයෙන්  දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් රාහුල් සහ වික්‍රම් කියන යාළුවන් දෙදෙනා දඩයම් කරන්නට කැලේට යනවා. ඒත් ගම්මුන් කියන්නේ ඒ කැලයේ සාපලත් කොටි අවතාරයක් සිටින නිසා එහාට යන්න එපා කියලයි. ඒත් ඒ කීම් නොසලකා එහි යන මොවුන් දෙදෙනා කොටියාගෙ ප්‍රහාරයට ලක් වෙනවා. ඒත් ඒකෙන් වික්‍රම් බේරුනත් ඒ සාපය එයාට වැදෙනවා. මීට පස්සේ වෙන දේවල් ඔයාලා මේක බලලම දැන ගන්න. එහෙනං ඉතින් නැවත හමු වෙන තුරු ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

මේ චිත්‍රපටියේ සීඩ් තියෙන ටොරන්ට් එකක් හොයා ගන්න අමාරු වුන නිසා you tube එකේ 02:02:27 Junoon [HD] 1992_1080p කියන විඩියෝ පිටපතට තමයි මේ sub 1  ට කරේ. අනිත් වීඩියෝ පිටපත්වලට ගැලපේවිද කියලා නම් මම හරියට දන්නෙ නෑ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download 

| Youtube | 1080p | HD | 541MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!