Lucy (2014) | මිනිස් මොළයට තවත් අන්වර්ථයක්, ‘ලුසී’

ඔන්න ආයෙත් පාරක් මම 2014 තිරගත වුණු තවත් අලුත් ෆිලුමකට උපසිරැසි අරගෙන ආවා. මේක ඇත්තටම මම උපසිරැසි කරන්න හිතං හිටපු එකක් නෙවෙයි. ඒත්, පොඩ්ඩක් පරක්කු වෙලා හරි සමීර සහෝ දැනුවත් කරපු හින්දම මම උපසිරැසි දාන්න හිතුවා. මේක ඔයාල දැනටමත් අන්තර්ජංජාලෙන් දැකලා ඇති ෆිල්ම් එකක් කියලා හිතනවා.. ෆිලුම ගැන කිව්වොත්, ඉතාම සාර්ථක වුණු තනිකරම විද්‍යා ප්‍රබන්ධ කතාවක්. මේ වර්ගයේ ෆිලුම් වලට ආස කට්ටිය ගොඩක් ඇති කියලා මම හිතනවා 🙂 IMDb අගය ඇවිල්ලා 6.5/10 ක් අරගෙන තියෙනවා වගේම Rotten Tomatoes අගය 66%ක් අරගෙන තියෙනවා. මේ ෆිලුම Luc Besson ගේ සුපිරි අධ්‍යක්ෂණයෙන් වගේම, තිර රචනයෙන් හැඩගැන්වීම සුවීශේෂී දෙයක් හැටියට දකින්න පුළුවන්. ෆිලුමේ කාලරාමුව ගැන කිව්වොත් මිනිත්තු 89යි. විශේෂයෙන් කියන්න ඕන මේ ෆිලුම තුළ භාවිතා වන්නේ මිශ්‍ර භාෂා ත්‍රිත්වයක්. ඒ කිව්වේ, කොරියානු, ප්‍රංශ සහ ඉංග්‍රීසි යන භාෂා. ඒ නිසා මේ ෆිල්ම් එකට සබ්සීන් එකෙන් දීලා තිබුණු ඉංග්‍රීසි උපසිරැසිය පොඩ්ඩක් විතර ගුණාත්මක බවින් අඩුයි කියන එක තමයි මගේ හැගීම නම්…

හරි, මම මුලින්ම කිව්වා මේක විද්‍යා ප්‍රබන්ධ කතාවක් කියලා. ෆිලුමේ ප්‍රධාන චරිතය දිවෙන්නේ “ලුසී” කියන තරුණ කාන්තාව වටා. මේ තරුණිය විදේශ රටකට පැමිණ යාළුවෙකුගේ කීමක් නිසා අති විශාල ගණයේ හොර මත්කුඩු ජාවාරමක පැටලෙනවා. මේ ජාවාරම ඉතා ප්‍රබලයෙකු මඟින් පාලනය වන ලොකු ජාවාරමක්. මත්කුඩු ජාවාරමේ අරමුණ තමයි CPH4 යන විද්‍යාත්මක සංයෝගයෙන් හඳුන්වන ඉතාමත් බලගතු මත්කුඩු පැකැට් කිහිපයක් හොර රහසේ රටින් පිටුවහල් කිරීම. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට හසුවන ලුසීට පැවරෙන්නේ උදරයේ බඩවැලක් තුළ හොර රහසේ මත්කුඩු සඟවා රටින් පිටුවහල් කිරීමට. ඒත්, මේ යන අතරමඟදී ලුසී යම්කිසි අකරතැබ්බයකට මුහුණ දීමෙන් අනතුරුව, අර බඩවැල ඇතුළේ හංඟන් හිටපු මත්කුඩු පැකට් එක පිපිරී CPH4 වර්ගයේ ඉතා බලගතු මත්කුඩු ලුසීගේ ශරිරයට මිශ්‍ර වෙනවා.

ඔබ දන්නවද සාමාන්‍යය මිනිසෙකුට මොළයේ ධාරිතාවයෙන් කොපමණ භාවිතා කළ හැකිද කියා?? එය, 10%ක් වැනි සුළු ධාරිතාවයක් පමණයි. ඒත්, එය 100% වුවහොත් හිතාගන්න පුළුවන්ද කළ හැකි දේවල්? මෙන්න මේ සංසිද්ධිය උපයෝගී කර ගනිමින්, ලුසීගේ ශරිරයට මිශ්‍ර වුණු ඒ මත්කුඩු නිසා ඇයගේ මොළයේ ධාරිතාවය 100%ක් වනවා. ඇයට දැන් මොනව වෙයිද? ඇයට මොනව කරන්න පුළුවන් වෙයිද? මේ හැම එකක්ම දැන් ඔයාට ප්‍රශ්නයක් කියල මම දන්නවා. ඒත්, අවසානයේදී ඇය මුළු ලෝකයට ලොකු කැප කිරීමකුත් කරනවා. ඒකත් මොකද්ද කියලම දැන ගන්න අපි ෆිලුම බලමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

BluRay | 720p x264 | 700M| YTS |

Direct Download 

BluRay | 480p x264 | 308M|

   

BluRay | 720p x264 | 700M| YTS |

   

BluRay | 1080p x264 | 1.2G| YTS |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!