Sammohanam (2018) | සුපිරි තරුවකගේ ආදරය …

ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න අරගෙන ගොඩක් කල් වෙනව, මේ දවස් ටිකේ මගේ වැඩ අධික විමත්, අතර මැදදි වෙන ෆිලුමක් කරන්න නවත්තන්න වුන හින්දත් මේක කරන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. ඉස්සෙල්ලම කියන්න ඕන මේක අපේ ශසිත් අයියගෙන් හොරකම් කරගත්තු ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මේක මට කරන්න කියල ලබා දුන්නු ශසිත් අයියටත් ස්තූති කරන ගමන්, ෆිලුම ගැන පොඩ්ඩක් කිව්වොත් මේක තිරගත කිරීම ආරම්භ වෙන්නෙ 2018 ජූනි 15වෙනිද. මෙම චිත්‍රපටයට, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන Notting Hill චිත්‍රපටයෙ කතා වස්තුව අනුගත වෙලා තියෙනව කියල තමයි සදහන් වෙලා තියෙන්නෙ. ඒත් මට එහෙම බවක් නම් පේන්නෙ නැහැ. කොහොම වෙතත් හිත ඇදිල යන ආදර කතාවක් නිසා තමයි මම මේක කරන්න හිතුවෙ.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Mohan Krishna Indraganti කියන අධ්‍යක්ෂකවරයා. මේ වෙනකොට IMDb දර්ශකයෙ මේකට 8ක අගයක් ලැබිල තියෙනව. ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ අපි කවුරුත් දන්න Sudheer Babuසමගින් Aditi Rao Hydari. මේ දෙන්නගෙ දක්ෂ රංඟනය තමයි මේ ෆිල්ම් එක තවත් හැඩ කරන්නෙ. මීට අමතරව Naresh සහ Rahul Ramakrishna වගේ නළුවන්ගෙ කොමඩි සීන් ගොඩකින් සහ Pavitra Lokesh, Hari Teja, Tanikella Bharani වගේ නළු නිළියන්ගෙ රංගන දායකත්වයෙනුත් ෆිලුම හැඩගැන්විලා තියෙනව. ආදරය සිනහව පිරි පවුලේ සැමට බලන්න පුලුවන් හැංගිලා තිබුනු ලස්සන චිත්‍රපටියක්, තෙලිඟු ආදර කතා බලන්න කැමති අය මේක නම් මඟ හැරගන්න එපා.

කතාව පැත්තට හැරුනොත්, විජේ කියන්නෙ පොඩි දරුවන්ගෙ චිත්‍ර කතා පොත් වලට චිත්‍ර අදින කොල්ලෙක්. මෙයාට සිනමාව ගැන නම් තියෙන්නෙ එච්චර හොද ආකල්පයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් මෙයා චිත්‍රපට වලට කැමති නැහැ. ඉතින් මෙයාගෙ ගෙදර කෙටි චිත්‍රපටයක් කරන්න දවසක් කෙනෙක් එයාගෙ තාත්තගෙන් අහන්න එනව. විජේගෙ තාත්ත කියන්නෙ නම් ඔයාල අපි වගේ සිනමා පිස්සෙක්. විජේගෙ තාත්ත මේකට එක පයින් කැමති වෙනව. හැබැයි කොන්දේසියක් මත, මොකක්ද දන්නවද? ගෙදර නොමිලෙම පාවිච්චි කරන්න දෙන්න නම් එයාට චිත්‍රපටියෙ චරිතයක රඟපාන්න අවස්තාව ලබා දෙන්න ඕන.ඔන්න ඕකයි කොන්දේසිය. විජේ නම් මේකට අකමැතියි, හැබැයි එයාගෙ තාත්ත්ගෙ බල කිරීම නිසා එකඟ වෙන්න වෙනව. ඔන්න චිත්‍රපටිය රූ ගත කිරීම ආරම්භ කරා. චිත්‍රපටියෙ ප්‍රධාන නිළියගෙ චරිතෙ රඟපාන්නෙ සුපිරි තරුවක් වන සමීරා රාතෝඩ් කියන හින්දි නිළිය. වැඩේ කියන්නෙ මෙයාට තෙලිඟුනම් කතා කරන්න එච්චරම හැකියාවක් නැහැ. ඉතින් මෙයාට තෙලිඟු දෙබස් උගන්වන්න වෙන්නෙ විජේට. ඊට පස්සෙ තමයි විජේ සහ සමීරා දෙන්න ගොඩක් ලං වෙන්නෙ. මෙයාල එකිනෙකාට ආදරය කරත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් යෝජනා කරන්න පෙළඹෙන්නෙ නැහැ. මම කතාව ගැන එච්චර විස්තර කරන්න යන්නෙ නැහැ. එකිනෙකාට ආදරය කරන සුපිරි තරුවක් සහ පොඩි අයගෙ පොත් වලට චිත්‍ර අඳින කොල්ලෙක්, කතාව කොහොම වෙයිද කියල ඔයාල චිත්‍රපටිය බලලම දැනගන්න.

අවසාන වශයෙන් ඉල්ලීමක් තියෙනව, මේක මගේ අසා ලිවීමක් නිසා වැරදි අඩුපාඩු තියේනම් ඒ ගැන කියල හරි කමක් නැහැ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියල ඉල්ලීමක් කරනව. තවත් මේ වගේ සුපිරි ෆිලුමකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ඔබට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDTV | x264 | ESub | 700MB |

Direct Download

| HDTV | ESub | x264 | 400MB |

| HDTV | ESub | x264 | 700MB |

| HDTV | 720p | x264 | 1.2GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!