Nela Ticket (2018) | සම්බන්ධකමක වටිනාකම දන්නෙත් දුප්පතුන්ගෙ දුක දන්නෙත් අනාථයෙක්ම තමයි…

මම මේ සැරේ අරන් ආවේ තෙළිඟු චිත්‍රපටියකට උපසිරසියක්. ඉස්සර වෙලාම මගේ කලින් සබ් වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ හතරවෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Nela Ticket (2018) කියන චිත්‍රපටියයි. මම කලින් sub දීපු ඔක්කොම චිත්‍රපටි ටිකක් පරණයි. හැබැයි මේ පාර නම් අරන් එන්නෙ ගිය අවුරුද්දෙ තිරගත වුන චිත්‍රපටයකටයි. 2018 මැයි 24 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.

2h 50min ක ධාවන කාලයක් සහිත IMDB අගය 5.6ක් ගත් Nela Ticket (2018)සිනමා පටය Action, Comedy, Drama ඛාණ්ඩයට වර්ග කොට ඇත. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය, දෙබස් සහ කතාව Kalyan Krishna ගෙනි. මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Ravi Teja, Malavika Sharma, Sampath Raj, Jagapathi Babu යන අය සහAli, Brahmanandam යන තෙළිඟු සිනමාවේ ප්‍රසිද්ධ විකටයන් දෙදෙනාද ඉන්නවා.

අපි හැමෝම හිතන්නෙ මේ ලෝකෙ හොඳින් ඉන්නයි. ඒත් හැමෝටම අමතක වෙනවා අනිත් අයත් හොඳින් ඉන්න ඕනෙ කියලා. ඒකයි ලෝකෙ හැමතැනින්ම වගේ එක එක අපරාධ සිද්ධ වෙන්නෙ. ඒත් අපි හැමෝම මේ විදියට හිතුවොත් නම් එහෙම වෙන එකක් නෑ.

මම මේ මුළු ලෝකෙම මගේම කියලයි මං හිතන්නෙ.

එහෙම හිතුවොත් අපි හැමෝටම ලොකු පවුලක් නොලැබී තියේවිද?

හදවත් ඔක්කොම එකට රැස් වී නැත්නම් ඒ ජීවිතයෙන් වැඩක් තියේද?

ඔයා එක්ක කතා කරන්න කිසිවෙක් නැත්නම්, ඔයා ළඟ ඇති කිසි දේකින් වැඩක් නෑ.

අපි හැමෝම වෛරය අත ඇරලා එකිනෙකා එක්වී හදවත් දිනා ගමු, එවිට අපිට හැමදේම ලැබේවි.

අපි පළිගැනීම්වලින් ඈත් වෙලා හදවත්වල බාධක බිඳ දමා එකිනෙකා අත්වැල් බැඳ ගමු.

අන් අයගේ විපතේ දී මට අහිමි වෙන දේවල් ගැන කල්පනා කිරීම තමයි ලොකුම ඛේදවාචකය.

අපි හැමෝම නැයන් කියල හිතලා හැමෝටම උදව් කරන්න. එයයි මනුෂ්‍යත්වය.

මේ ලෝකෙ ඉන්න අපි හැමෝම නෑයෝ කියලා හිතලා එකිනෙකාට උදව් කරගෙන ජීවත් වුනොත් අපේ ප්‍රශ්න ගොඩාක් අඩු වෙන්න පුළුවන්. මේකෙ කතාව පුරාම තියෙන්නෙ ග්‍රවුන්ඩ් ටිකට් කියන අනාථයා තමන්ගේ වටෙන්ම ඥාති සම්බන්ධකම් හොයා ගනිමින් ඒ නෑයන්ට වෙන ඕනම ප්‍රශ්නයකට ඕනෙ වෙලාවක පළිහක් වී සිටින ආකාරයයි. ඒ වගේම නෑයෙක්ට කරදරයක් වුනොත් මෙයා නිකන් ඉන්නෙත් නෑ. ඒ වගේ එයාට නෑයෙක් වෙලා පොඩි කාලෙදිම එයාව බලාගත්තා එක ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ඒ ශ්‍රේෂ්ඨ මනුස්සයව මරපු කෙනාට පාඩුවේ ඉන්න මේ ග්‍රවුන්ඩ් ටිකට් ඉඩ දෙන්නෙත් නෑ. හැබැයි මෙයාව මරන්නෙත් නෑ. එයාව හොඳ මාර්ගයට ගන්නවා. වැරදි කරපු කෙනෙක්ව මරනවට වඩා එයාව හොඳ මාර්ගයට ගන්න එක තමයි කරන්න පුළුවන් වටිනම වැඩේ. ඒත් ඒක කොහේවත් ඇත්තට වෙන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ. මම දැන් කතාවෙ මුලයි මැදයි කිව්වට මං කතාවේ ඔක්කොම කිව්ව කියලා නොබලා ඉන්න එපා. මේකෙ තව ගොඩක් හුටපට තියෙනවා. ඒවා මොනවද කියලා ඔයාලා මේ චිත්‍රපටිය අරගෙනම බලන්න. ආයෙත් චිත්‍රපටියකින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | ESub | 695MB |

Direct Download

| HDRip | Esub | x264 | 200MB |

| HDRip | ESub | x264 | 395MB |

| HDRip | ESub | x264 | 695MB |

| HDRip | 720p | x265 | 940MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!