All the Devil’s Men (2018)| කැපකිරීම් හමුවේ තම දේශය වෙනුවෙන්…[Bluray Updates]

මුලින්ම “උදාවුණු වූ නව වසර සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ටවන සුබ නව වසරක් වේවා” කියා පාර්ථනා කරනවා. 2019 වර්ෂයෙ පළමුවන උපසිරැසය ලබාදෙන්නැයි මේ සුදානම. හැබැයි ඉතින් චිත්‍රපටය නම් 2018 වර්ෂයෙ තිරගත වෙච්ච එකක්. ඒ කොහොමහරි 2018 වර්ෂයෙ නොවැම්බර් මස 8 වෙනි දින නිකුත් වුණු මෙම චිත්‍රපටය හට IMDb අගය 5.2 ක් සහ කුණු තක්කාලි අගය 30% ප්‍රමාණයක් අරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය අයත් වෙන්නෙ Action කාණ්ඩයටයි. මෙයට රංගනයෙන් දායක වෙන්නේ Hacksaw RidgeGangster LandHurricane ආදී චිත්‍රපට වලදී අපට දකින්න ලැබෙන Milo Gibson, Sylvia Hoeks William Fichtner, Elliot Cowan, Joseph Millson යන නළුකැලයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ජැක් කියන්නෙ CIA එකට වැඩ කරන පුද්ගලයෙක්. ඒවගේම තමයි මොහු අවුරුදු ගණනාවක් හමුදාවේද සේවය කරපු කෙනෙක්. තමන්ගෙ මේ බයානක වැඩ රාජකාරි නිසා ඔහු තමන්ගෙ පවුලේ අයගෙන්ද ඈත් වෙලා ඉන්න පුද්ගලයෙක්. අඩුමතරමේ තමන්ගෙ අලුත ඉපදුණු දරුවාවත් බැලීම සඳහා ගෙදර නොගියපු කෙනෙක්. ඔන්න ඉතින් දවසක් මොහුට මෙහෙයුමක් ලැබෙනවා ජනාධිපතිව මැරීම සඳහා මාන බලාගෙන සිටින ලැයිස්තුවේ උඩින්ම සිටින කෙනෙක්ව අල්ලගැනීම සඳහා.ඉතිං මෙහෙදී ඔහුට පරණ යහළුවෙක් වෙන මයික්ව හම්බවෙනවා. හැබැයි ඉතිං ඔහු මේ මෙහෙයුමට ජැකී සහභාගි වීම ගැන වැඩි කැමැත්තක් නැහැ. මොකද අර උඩ කියපු හේතු කාරණා නිසාවෙන්. ඔන්න ඉතිං මෙයාලට ලැබුණු තොරතුරු වලින් දැනගන්න ලැබෙනවා ජැකී ඇෆ්ගනිස්තානයෙදී සේවය කරපු කාලෙ අඳුරගෙන හිටිය සහ IED එහෙකින් තමන්ගෙ ජීවිතය පරදුවට තබා බේරගත්තු පුද්ගලයා ත්‍රස්තවාදීයෙක්ට උදව් උපකාර කරනවයි කියල. මොහුට මුලදි විශ්වාස කරගන්න බැරිවෙනවා. ඉතිං ජැකී තමන්ගෙ මේ සැකය දුරු කරගන්න කියල මෙයාව හම්බවෙන්න ගිහින් සම්පුර්ණ විස්තරයම කියනව. එවෙලෙ ඔහු මොහුට හසාන් නැමති පුද්ගලයා ළඟට රැගෙන යෑමේදී ජැකී සහ පිරිසට පහර දී මයික්ව ඝාතනය කර එතනින් පලා යනවා.ජැකීට විශ්වාස කරන්න බැහැ. තමන්ගෙ ජීවිතය පරදුවට තබා බේරගත්තු සහ රට වෙනුවෙන් සේවය කරපු පුද්ගලයන් මෙහෙම කරයි කියල.ඉතිං ජැකීගෙ හිතේ ඇතිවෙන්න අරගන්නවා ඇත්තට මොහු කාට බයේද මෙහෙම දෙයක් කරන්නෙ? ඒ කෙනා එතරමට බයානක කෙනෙක්ද? යන්න වග.ඉතිං අපි බලමුකො ජැකීට තමන්ගෙ යහළුවා වෙනුවෙන් සහ තම රටට එල්ල වී තිබෙන මෙම ත්‍රස්තවාදී ප්‍රශ්ණය කාගෙත් හොඳට ඉවරයක් කරන්න ලැබෙවිද කියල.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 857MB |

Direct Download

| Bluray | x264 | 720P | 320MB |

| Bluray | x264 | 720P | 857MB |

| Bluray | x264 | 1080P | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “All the Devil’s Men (2018)| කැපකිරීම් හමුවේ තම දේශය වෙනුවෙන්…[Bluray Updates]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!