The Grinch (2018) | අධම හාදයා මිස්ටර් ග්‍රින්ච්! [Bluray Update]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයේ ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක් අරගෙන ආව.බොක්ස් ඔෆිස් අඩවියට අනුව 2018 වසරේ වැඩිම ආදායම් ලත් සිනමාපට අතරින් 7 වැනි ස්ථානයේ රැඳී ඉන්නේ මේ සජීවිකරණ සිනමාපටය. Imdb 6.4ක අගයක් ලබාගන්න සමත් වෙච්ච මේ සිනමාපටයේ වියදම ඩොලර් මිලියන 75ක් වෙනවා. මේ වෙනකොට බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 500+ වෙනවා.

ඔයාල බලල ඇති නේද Despicable Me ෆිල්ම් සෙට් එක. ඒකෙ ඉන්න මිස්ටර් ගෘ. අන්න ඒ වගේ පොරක් තමයි මේ මිස්ටර් ග්‍රින්ච් කියන්නේ. ඒ වගේමයි ඉතිං ආයේ ඇරපු අතක් නැහැ. දෙන්නවම නිර්මාණය කරපු සජීවිකරණ සමාගමත් එකම සමාගමක් නිසා සජිවිකරනයන්ගේත් සෑහෙන සමානකම් ගොඩක් දකින්න තියේවි. හැබැයි සහමුලින්ම වෙනස් කතා දෙකක්. මේ කතාවේ එන ග්‍රින්ච් කියන්නේ Dr. Seuss කියන ළමා කතා රචකයා විසින් 1957 වසරේදී ලියපු How the Grinch Stole Christmas! කියන කෘතිය හරහා නිර්මාණය කරපු චරිතයක්. Dr. Seuss කියන්නෙ The Cat in the Hat (2003),The Lorax (2012), How the Grinch Stole Christmas (2000) වැනි සිමාපට සඳහාත් තමන්ගේ කෘතීන් ලබාදුන්නා හොඳ රචකයෙක්. මේක ඇවිල්ල How the Grinch Stole Christmas (2000) සිනමාපටයේ ප්‍රති නිර්මාණයක්, හඬ දායකත්වය ප්‍රධාන වශයෙන් සපයන්නේ ෂර්ලොක්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විදියට අපි හොඳට හඳුනන Benedict Cumberbatch විසින්.

“මේ කතාව දිව යන්නේ හූ-ගම වටා.. ඔව් ඔව් ඒ ගමේ නම ඒක. ඒ ගමේ වෙසෙන මිනිස්සුන්ට කියන්නේ හූ-වරු කියල. මේක හරි අපුරු නගරයක්. හරිම අපුරු මිනිස්සු පිරිසක් ඉන්නේ. ඒ අය නත්තලට හරි ආසයි. එයාල වැඩියෙන්ම සතුටු වෙන්නේ නත්තල් දවසට. ඔය ගමෙන් උතුරට වෙන්න උස කන්දක ගුහාවක තමයි මිස්ටර් ග්‍රින්ච් ඉන්නේ, තනියම නෙමේ මැක්ස් එක්ක. මිස්ටර් ග්‍රින්ච් කියන්නේ මුහුණේ හිනාවක් නැති මුස්පේන්තු, අධම ගති ඇති, නපුරු කෙනෙක්. සතුට කියන දේට සහමුලින්ම වෛර කරනව. හැබැයි ඒකටත් හේතුවක් තියෙනවා. ඉතිං මිස්ටර් ග්‍රීන්ච්ට හූ-ගමේ හූ-ලා නත්තලට සතුටු වෙන එක රුස්සන්නේ නැහැ. ග්‍රින්ච් හදන්නේ එයාලගේ සතුට විනාශ කරන්න. එතන ඉඳල කතාව බලමු එහෙනම් තව කියන්න දෙයක් නැහැ නොවැ..”

මේකේ මුල් පැය, හරිම අපුරු පැයක්. නිකම් හිතේ මවාගන්නකෝ. ෂර්ලොක් හෝම්ස් වගේ කෙනෙක්ට හෙන කුජිත වැඩ ටිකක් වෙනවා. කරන කරන එක වරදිනවා වගේ දෙයක්. මේ චරිතය ඇත්තටම ලොව පුරා බොහොම ජනප්‍රිය චරිතයක්. ඒ බව ආදායම් වාර්තාවෙනුත් පේනවනේ. මේකෙන් පස්සේ මිස්ටර් ග්‍රින්ච් ලංකාව පුරාමත් ජනප්‍රිය චරිතයක් වේවි කියල හිතනව. එහෙමනම් නැවත උපසිරසියකින් මුනගැහමු. ජය.. 😀

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  Bluray | x264 | 720p | 730MB |

Direct Download

| Bluray | 480p | x264 | 350MB |

| Bluray | 720p | x264 | 730MB |

| Bluray | 720p | x265 | 520MB |

| Bluray | 1080p | x265 | 1.3GB | 6Ch

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Grinch (2018) | අධම හාදයා මිස්ටර් ග්‍රින්ච්! [Bluray Update]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!