Adanga Maru (2018) | නීතීය තම වගකීම ඉටුකරයි.!
රටම දුවන්න ගත්තම අපිත් ඒ මැද්දට පැනලා දුවන්න ඕන.. එහෙම නැතුව තනියම දුවන්න හිතුවොත් නිකන්ම නැති වෙලා යාවි..!”
” තමුසේලා ගියේ කාව ආරක්ෂා කරන්නද..? “
පොලු ටිකක් අරන් ගියා නම් අර කොල්ලෝ එකෙක්වත් ඉන්නේ නෑ දුවනවා හැරිලාවත් බලන්නේ නැතුව දුවනවා..
බලනවා තමුසෙලා හතරක් ඉඳලත් මුකුත්ම කරගන්න බැරිවුනානේ..!
රුපියල් දෙසිය පනහක් අරගෙන කාලේ බෝතලේටයි,බුරියානි එකටයි එන දේශපාලනඥයෙක්ගේ සෙනඟක් නෙවෙයි සර්..! ශිෂ්‍යයෝ..!
ශිෂ්‍යයෝ එහෙම දුවන්නේ නෑ සර්..!
එයාලා මහජනතාවට කරදරයක් වෙනව නම් පාරට බහිනවා..! ඒ අතර අනාගත දිසාපතිලා,පරිපාලන නිලධාරි ඇයි තව රට පාලනය කරන දේශපාලඥයොත් ඉන්නවා..
ශිෂ්‍යයෝ කරපු දේ වැරදියි තමයි හැබැයි එයාලට එහෙම කරන්න වෙච්ච හේතුවත් වැරදියි..!
——————————————————————————————————————————-
“මේ ලෝකේ ජීවත්වෙන හැමෝම අසාධාරණයකට ලක්වෙලා පීඩාවට පත්වෙලා ඉන්නේ..!
ඉතින් ඒ හැමෝම තමන්ට වෙච්ච දේවල් වලට පලිගන්න ගියොත් මේ ලොකේ සොහොනක් වෙයි..!”
මම මේ දෙවල් කරන්න යන්නේ පලිගන්න නෙවෙයි.! මම පලිගන්න හිතුව නම් එදාම මට අාපු තරහට ඒ වැඩේ කරන්න තිබ්බා.!
මම මේවා කරන්න යන්නේ අපරාධ කරන උන්ව නීතීය හමුවට පමුණලා දඬුවම් කරවන්න.!
ඒත් ඒ නීතීය අපරාධ කරන උන්ව ආරක්ෂා කරද්දි අපරාධ කරන උන් කවදාවත් අපරාධයක් කරන්න බය වෙන්නේ නෑ.
එතකොට උන් බය වෙන්නේ කොහොමද..?
දරුණු කෘෘර විදියට දඬුවමක් දුන්නොත් නම් බය වෙයි.! අන්න ඒ බයත් එක්කම උන් නිදාගන්න ඕන. අපරාධයක් කරොත් බරපතල දඬුවම් ලබන්න වෙනවා කියලා උන් දැන ගන්න ඕන.
කාන්තාවකට ඕනම වෙලාවක විශේෂයෙන් රෑකට තනියම ඇවිදන් යන්න පුලුවන් කවද්ද..? අන්න එදාට තමයි නියම නිදහසක් අපි ලබලා තියෙන්නේ කියලා පොත් පත් වලින් කියවලා නැද්ද..?
අනෙකුත් චිත්‍රපට මෙන් සාම්ප්‍රදායික ක්‍රියාදාම හා ත්‍රාසය මුසු සිනමා නිර්මාණ වලට වඩා අරුත් රසයෙන් ඔබ්බට ගිය මෙම සිනමා පටය සමාජයටද පනිවිඩයක් නිකුකිරිමට සමත්ව ඇත.ඉන්දීයාව දැඩි ලෙස මුහුණ පා ඇති ගැටලුවක් වන ස්ත්‍රී දූෂණය පිළිබඳව සැකෙවින් විස්තර කෙරෙන අතරම සමාජයේ ඉහල පෙලේ ධනවත් සහ බලවතුන් හමුවේ නීතීය ක්‍රියාත්මක වන ආකාරය ගැනද මෙයින් සත්‍ය ලෙසම අපද සැබෑ ජීවිතේදි දකිනා ලෙසම පෙන්වා දී ඇත.
Jayam Ravi දමිළ සිනමා රසිකයෝ ඇරුනම ඉන්දියානු සිනමා රසිකයිනුත් බොහොමයක් දෙනා දන්නා හඳුනනා දකුණු ඉන්දීය රංගන ශිල්පියෙක්.! තවත් විදියකින් කිව්වොත් දකුණු ඉන්දීය සිනමා ක්ෂෙත්රයේ පෙරලියක් වෙනසක් කරපු නළුවෙක් Miruthan 2016 දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රථම zombie චිත්‍රපටය, Tik Tik Tik 2018 දකුණු ඉන්දීය සිනමාවේ වගේම සමස්ථ ඉන්දීය සිනමාවේම ප්‍රථම අභ්‍යාවකාශ සිනමා සිත්තම රඟදක්වමින්..! ඊට අමතරව Thani Oruvan 2015 , Bogan 2017 ,Vanamagan 2017 මෙන්න වගේ විශේෂ චිත්‍රපට සඳහාද රංගනය සපයමින් තම රංගන හැකියාවන් පිලිඹිබු කර ප්‍රේක්ෂකයින්ගෙ මෙන්ම විචාරකයන්ගේද පවා ඉමහත් පැසසුමට ලක්වුන රංගන ශිල්පියෙක්.!
Adanga Maru 2018 කියන්නෙ 2018 වසරේ අවසානයේ දෙසැම්බර් 21 දින දා සිට තිරගතවුන ක්‍රියාදාම සහ ත්‍රාසය වර්ගීකරණයට අයත් වුන විශිෂ්ඨ සිනමා නිර්මාණයක්..!මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Karthik Thangavel නම් අධ්‍යක්ෂකවරයා විසින් වන අතර මෙහි කතාවද ලියා ඇත්තේ ඔහු විසින් ය. මෙම චිත්‍රපටයේ තිබේනා තවත් විශේෂ කරුණු කීපයක් පහතින් මෙසේ දැක්විය හැක.
- මෙම චිත්‍රපටය සඳහා CBFCනොහොත් ඉන්දීය සිනමා සහතික කරණය කිරිමේ මණ්ඩලය. විසින් මේ සඳහා U/A වර්ගීකරණය
- යටතේ ප්‍රදර්ශණය කිරිමට අවසර ලබාදී තිබෙනවා (U/A සහතිකය යනු කුඩාදරුවන් සිය මාපියන්ගේ මඟපෙන්වීම යටතේ නැරඹිය යුතු බවට දන්වා ඇති සහතිකය.)
- මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරිමට ඉන්දීය රුපියල් කෝටි 15 ක් වැයවි තිබෙන අතර ප්‍රථම 10 තුලදි ඉන්දීය රුපියල් කෝටි 2.83 ක් ලබාගෙන ඇත.
- මෙම චිත්‍රපටය Karthik Thangavel නම් අධ්‍යක්ෂක වරයාගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය හා ප්‍රථම සිනමා කතා රචනය වේ.
කතාව මෙහෙමයි SI සුභාෂ් කියන්නේ තමිල්නාඩු පොලිසියේ අපරාධ අංශයට නවතමයෙන් පත්වීම් ලබා බැඳුන අවංක පොලිස් නිළධාරියෙක්.! තමන් ඉදිරියේ සිදුවන අසාධාරණ කම් දෙස ඉවත බලා සිටිමට නොහැකි මොහු ඒවාට එරෙහිව තමන් උගත් නීතීය ක්‍රියාත්මක කිරීමට ගොස් තම ජිවිතයම අනතුරේ දාගන්නා නිළධාරියෙක්.!
ඉතින් මේ SI සුභාෂ් ට වගේ එයාගේ පවුලේ අයට සිදුවන අබැද්දිය ගැන කියැවෙන මෙම කතාව ගැන කියැවෙන මේ සිනමා සිත්තම ඔබත් නරඹා රසවිඳ ඔබත් වැඩිහිටියෙක් නම් පියෙක් නම් මවක් නම් එසෙමත් නැතිනම් සමාජයේ වඟකීමක් ඇති පුද්ගලයෙකු නම් සැබෑ ජිවිතයේ පවා සිදුවන මෙවැනි ඛේදනීය සිදුවීම් වලට තුඩුදෙන හේතු සාධක හඳුනාගෙන තමන්ගේ දරුදැරියන් හටද යම් මඟපෙන්වීමක් ලබා දෙමින් කිසියම් පනිවිඩයක් සමාජයේ අන් අයටත් ලබාදෙන ලෙසට ඉල්ලා සිටිමින් අදට මා සමුගන්නවා. එසෙනම් ඔබගේ වටිනා අදහස් උදහස්ද පලකරන ලෙසටත් මතක් කරන අතරම මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි කිරිමට අවස්ථාව සලසා දුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන සුධීර සහෝට ස්තූති කරන අතරම තාරක නුවන් දිල්හාර සොයුරාට විශේෂ ස්තුතියද පිරිනැමීමට කැමතියි.!
ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDRip | x264 | ESub | 695MB |
Direct Download
| HDRip | Esub | x264 | 200MB |
| HDRip | ESub | x264 | 395MB |
| HDRip | ESub | x264 | 695MB |
| HDRip | 720p | x265 | 890MB |
| HDRip | 720p | x264 | 1.4GB |
| HDRip | 1080p | x265 | 1.5GB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
Subtitle nadda tama
sub oni
ikmnta
Baiscopelk.com site ekt direct denwane sub download krnna bane
thnx bro asama naluwek
Me film eke torrent eka search wenne naha Bro google eke. Poddak balanna
ස්තුතියි! ජය වේවා!
supere movie ekak
Sub phone walata download karanne kohomada