Sigai (2019) | ගණිකාවකගේ ප්‍රහේලිකාව

2019 වසරේ දමිළ සිනමාවෙන් මුලින්ම නිකුත් වෙච්ච ත්‍රිලර් ගණයේ චිත්‍රපටිය අරන් තමයි මං මේ ආවේ. ඩිජිටල් රිලීස් එකක් විදිහට ජනවාරි 9වෙනිදා කල එලි බැස්සත්, උපසිරසියක් එන්න පරක්කු වෙච්ච නිසා මං අතිනුත් ටිකක්පරක්කු වුණා. චිත්‍රපටිය මීට කලින් එලි දක්වන්න නියමිතව තිබ්බත් විවිධ හේතු නිසා කල් ගිහින් තියෙනවා. මේ වෙද්දී සුළු මනාප සංඛ්‍යාවකින් IMDb දර්ශකයේ 7.2ක හොඳ අගයක් අරන් තියෙනවා. ප්‍රධාන චරිත වලින් Pariyerum Perumal, Kirumi වගේ චිත්‍රපට වල හිටපු කදීර් එකතු වෙනවා. තව රාජ් භරත්, මීරා නායිර්, රිත්විකා, මයිල්සාමි අනිත් චරිත වලින් එකතු වෙනවා.නිම්මි කියන්නේ දියුණු වෙන්න උණක් තියෙන කෙල්ලෙක්.
සල්ලි වලට අමතරව එයාට තව ලොකු බලාපොරොත්තුවක්, ආසාවක් තිබුණා.
මේ හැමදේම ඉෂ්ට කරගන්න එයා රස්සාවල් දෙකක් කරා.
එකක්, උදේ වරුවේ කරන සාම්ප්‍රදායික රස්සාව.
අනික,
රෑට රෑට පිරිමි සමඟ යහන්ගත වෙන එක.
කොහොමහරි එදා රෑ නිම්මිට රෑ කෝල් එකක් එනවා.
හදිසි වැඩක්.
නිම්මි ඇඳ පැලඳගෙන ගෙයින් එලියට අඩිය තිබ්බා.
ඊට පස්සේ මොකද වෙන්නේ?
අරන්ම බලමු නේද..

පුද්ගලික අදහස :

ඇත්තටම මං නම් හොඳට රස වින්ද චිත්‍රපටියක්. චොරයි නම් චොරයි කියනවා, සුපිරියි නම් සුපිරියි. කාගේ උනත් ඩේටානේ. ඉතින් මේක ත්‍රිලර් එකක් විදිහට ගත්තම පළමු බාගේ හොඳ කුතුහලයකින් බලන්න පුළුවන් කතාවක්. ඩීසන්ට් විදිහට යනවා. දෙවැනි බාගෙදී අධ්‍යක්ෂකවරයා අපිට ත්‍රිලර් එකකට එහා දෙයක් දෙන්න හදනවා. අපි හීනෙන්වත් නොහිතන දෙයක්. කතාව එහෙමම කනපිට හැරෙනවා. ඉතාමත් ශක්තිමත් හොඳ පණිවිඩයක් දෙනවා කාලෙකට අමතක නොවෙන සහ පොඩ්ඩක් ගැඹුරින් හිතන්න සලස්වන. සහතිකේටම කියන්න පුළුවන් End Credit සින්දුවෙන් පස්සේ ඔයා මේකට දෙන රේට් එක තව දශම කීපයකින් හරි වැඩි කරනවා. ඒ තරමට කන්සෙප්ට් එක සුවිශේෂයි සහ ඒ සින්දුව පට්ටයි. මුළු චිත්‍රපටියත් හරි ඒ සින්දුවත් හරි. ඔය කියන සින්දුව සම්පුර්ණ බලන්න කැමති කට්ටිය (අනිවාර්යෙන් බලන්න හිතෙනවා) Sadhayai Meeri Official Video Song කියලා Youtube සර්ච් පාරක් දාලා බලන්න. එතන වෙනමම ස්ටොරියක් යනවා. තව කියවන්න තිබ්බ නම් හොඳයි, ඒත් ස්පොයිල් නොකර කියන්න වෙන්නේ නෑ. ගිහින් එන්නම්.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | ESub | 705MB |

Direct Download

| HDRip | Esub | x264 | 420MB |

| HDRip | ESub | x264 | 704MB |

| HDRip | 720p | x265 | 815MB |

| HDRip | 720p | x264 | 1.3GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Sigai (2019) | ගණිකාවකගේ ප්‍රහේලිකාව

  • January 29, 2019 at 06:42
    Permalink

    Super……. Thanks…..

    Reply
  • February 13, 2019 at 16:31
    Permalink

    hodata film eka gihin anthimata kujithai

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!