Reign of Supermen (2019) | සුපිරි මිනිසුන්ගේ ආධිපත්‍යය…[ Bluray පිටපත් යාවත්කාලීන කර ඇත ]

2019 වසරේ බලපු DC චිත්‍රපටය වන  DC ඇනිමේෂන්  චිත්‍රපටයකින් 2019 ආරම්භ කරන්න තමයි මේ සූදානම. DC ඇනිමේෂන් කිව්වම ජාති බේදයක් නැතුව හැමෝම රසවිඳිනවා කියන එක නොරහසක්. පිළිගන්න අකමැති උනත් මාවල් සිනමා විශ්වය සජීවී චිත්‍රපට අතර පෙරමුණ ගත්තට තවමත් ඇනිමේෂන් අතින් DC මට්ටමට එන්න අවස්ථාවක් ලැබී නැහැ. එහෙනම් ඒ කතා පස්සට තියලා අද අපි බලමු මේ චිත්‍රපටය කොයි වගේ එකක්ද කියල. මතක ඇති නේ 2018 වසරේ අවසන් DC ඇනිමේෂන් චිත්‍රපටය ගැන? ඔව් සුපර්මෑන්ගේ මරණය සනිටුහන් කරමින් තමයි 2018 වසර DC ඇනිමේෂන් චිත්‍රපට තම කාර්යය අවසන් කලේ. එත් එක්කම අපට දැනුම් දුන්නා වැඩිකල් නොගොස් එනම් ජනවාරි වලදී අපට ඒ චිත්‍රපටයේම දිගුවක් ලෙසින් අද මම මේ උපසිරැසි සමගින් හමුවන චිත්‍රපටය රසිකයන්ට ලබා දෙනවා කියල. ඉතින් ඒ පොරොන්දු එලෙසින්ම ඉටු උන අතර කලින් ලිපියේ සඳහන් කල ආකාරයටම මේ දක්වා නිකුත් වූ DC Universe Animated Original Movies ලේබලය යටතේ සහ  The DC Animated Movie Universe (DCAMU) යටතේ නිකුත් වූ  චිත්‍රපට සියල්ලම  2007 සිට පහතින්යෙ පෙළගස්වා තියනවා මග අරුන කෙනෙක් ඉන්නවා නම් නැවත බලන්න. ඒ වගේම තව දෙයක් කලින් ඇනිමේෂන් චිත්‍රපට වගේ නෙමේ මීට කලින් නිර්මාණය උන The Death of Superman (2018) චිත්‍රපටය සහ එහි සිදුවූ සිදුවීම් සහ චරිත අද මේ ගෙනන චිත්‍රපටය හා සම්බන්ධ වෙනවා. මොකද සුපර්මෑන් ඩූම්ස්ඩේ සමග සටනින් මියගියා. අවසානයේ අපි දුටුවා විවිධාකාර සුපර්මෑන්ලා ඉන්න කොටසක්. ඒ වගේම සුපර්මෑන්ගේ සිරුර පවා අතුරුදහන් වෙලා තියෙනවා තමයි අපි අවසානයේ දුටුවේ. අන්න ඒ අවසානය තමයි අද මේ ගෙනන චිත්‍රපටයේ ආරම්භය වෙන්නේ. ඒක නිසා දුවල ගිහින් ඒක බලල එන්න කියල කියන්නම වෙනවා.

  1. Superman: Doomsday
  2. Justice League: The New Frontier
  3. Batman: Gotham Knight
  4. Wonder Woman
  5. Green Lantern: First Flight
  6. Superman/Batman: Public Enemies
  7. Justice League: Crisis on Two Earths
  8. Batman: Under the Red Hood
  9. Superman/Batman: Apocalypse
  10. All-Star Superman
  11. Green Lantern: Emerald Knights
  12. Batman: Year One
  13. Justice League: Doom
  14. Superman vs. The Elite
  15. Batman: The Dark Knight Returns
  16. Superman: Unbound
  17. Justice League: The Flashpoint Paradox
  18. Justice League: War
  19. Son of Batman
  20. Batman: Assault on Arkham
  21. Justice League: Throne of Atlantis
  22. Batman vs. Robin
  23. Justice League: Gods and Monsters
  24. Batman: Bad Blood
  25. Justice League vs. Teen Titans
  26. Batman: The Killing Joke
  27. Justice League Dark
  28. Teen Titans: The Judas Contract
  29. Batman and Harley Quinn
  30. Batman: Gotham by Gaslight
  31. Suicide Squad: Hell to Pay
  32. The Death of Superman
  33. Reign of the Supermen 

මේ චිත්‍රපටයට පෙර නිර්මාණය වූ කොමික් පොත් ක්ෂේත්‍රය

The Death of Superman” චිත්‍රපටය අවසානයේ ලෝකය බේරගන්න හිටපු එකම වීරයා ලෝකයට අහිමි උනා. ඒ වගේම සුපර්මෑන් නොමැති ලෝකයේ අඩුව පුරවන්න විවිධාකාර වීරයන් ඉදිරිපත් වෙනවා. එහෙම තමයි මේ සුපර්මෑන් වරුන්ගේ ආගමනය ලෝකය තුල සිද්ධ වෙලා ඔවුන්ගේ ආධිපත්‍යය ලොව තුල පැතිරෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් අපිට මුලින්ම දකින්න ලැබුනේ 1993 ජුනි සිට ඔක්තෝබර් දක්වා පලවූ කොමික් පොත් පෙලක. මුලින්ම මේ ගැන දකින්න ලැබුනේ The Return of Superman නමැති කොමික් පොත් මාලාව තුලින්. පසුව මේ කතාව පහත දැක්වෙන කතා මාලා හරහාත් ඉදිරියට ගෙන යනු ලැබුවා.

  • Action Comics
  • Superman
  • Adventures of Superman
  • Superman: The Man of Steel

ඉහත දක්වපු ප්‍රධාන පොත් අතරින් පහත සඳහන් කොමික් පොත් හරහා මේ කතාමාලාව ඉදිරියට ගෙන යනු ලැබුවා. එහිදී සුපර්මෑන්ගේ මරණින් පසු ලෝකයේ තමන් සුපර්මෑන් යනුවෙන් කියාගනු ලබන 4 දෙනෙක් ඉදිරිපත් වෙනවා. ඔවුන් ගැන වැඩි දෙයක් නොකිය ඉන්නම් එමගින් මේ චිත්‍රපටයේ රසයට බාධාවක් වෙන නිසා. පහතින් දැක්වෙන්නේ මම ඒ කියපු කොමික් පොත් පෙළයි.

  1. Adventures of Superman #500
  2. Action Comics #687
  3. Superman: Man of Steel #22
  4. Superman #78
  5. Adventures of Superman #501
  6. Action Comics #688
  7. Superman: Man of Steel #23
  8. Superman #79
  9. Adventures of Superman #502
  10. Action Comics #689
  11. Superman: Man of Steel #24
  12. Superman #80
  13. Adventures of Superman #503
  14. Action Comics #690
  15. Superman: Man of Steel #25
  16. Superman #81
  17. Adventures of Superman #504
  18. Action Comics #691
  19. Superman: Man of Steel #26
  20. Green Lantern #46
  21. Superman #82
  22. Adventures of Superman #505

වෝනර් බ්‍රදර්ස් ඇනිමේෂන් වගේම ඩීීසි එනට්ර්ටෙන්මන්ට් දෙපිරිසමගේම නිෂ්පාදනයෙන් කොමික් පොතෙහි නම යොදාගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් හැටියට තමයි මේ චිත්‍රපටය හැඳින්වෙන්නේ. සුපුරුදු පරිදි මෙහි අධ්‍යක්ෂණය සිදුවෙලා තියෙන්නෙත්  “Sam Liu“අතින්. වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ මොකද මේ චිත්‍රපට බලන අය දන්නවා රස සහ වෙනස. ඒ වගේම මෙහි හඬ දායකත්වය සඳහාත් සුපිරි පිරිසක් එකතු වෙලා තියෙනවා. සුපර්මෑන් වෙනුවෙන් සුපුරුදු පරිදි Jerry O’Connellහඬ සහය ලබාදෙන අතර සුපර්බෝයිගේ කට හඬට සහය දෙන්නේ ගෝතම් කතා මාලාවේ ජෙරොම් වැලස්කාට පණ පෙවූ නළු Cameron Monaghan විසින්. වෙනදා වගේ අවසානයේ පොඩි කොටසකුත් දකින්න ලැබේවි. ජස්ටිස් ලීග් එකට අලුත් සාමාජිකයෙක් එනවා. .


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | 720p | x264 | 740MB |

Direct Download

| Bluray | 480p | x264 | 300MB |

| Bluray | 720p | x264 | 740MB |

| Bluray | 1080p | x264 | 1.4GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Reign of Supermen (2019) | සුපිරි මිනිසුන්ගේ ආධිපත්‍යය…[ Bluray පිටපත් යාවත්කාලීන කර ඇත ]

  • May 19, 2019 at 10:46
    Permalink

    Kohomada openload eken movie eka direct download karanne…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!